(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හල වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතාගේ වැඩ තහනම් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
කෙසේ වෙතත් එම වැඩ තහනම් නිවේදනය අද සවස 6.00 වන තෙක්ම වැලිගම මූලස්ථාන පොලීසිය වෙත නිල වශයෙන් ලැබී නොතිබුණි.
එහෙත් එම ආරංචිය ලද විගස වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා “තමාට අසනීප බැවින් ප්‍රතිකාර ගැනීමට පොලිස් ස්ථානයෙන් බැහැරව යමි.”ලෙස සටහනක් යොදා සිය පුද්ගලික බඩු භාහිරාදිය ද රැගෙන නික්ම ගිය බව පොලිස් ආරංචී මාර්ග සදහන් කරයි.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගෙන් විමසූ විට කියා සිටියේ ඒ ගැන මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසා තොරතුරු ලබා ගන්නා ලෙසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කරයි