
(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අට දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මහතාගේ උපදෙස් පරිදි ස්ථාන මාරු ලබාදී ඇත.
ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදිය.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන කොළඹ උතුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතා දැනට පවතින තනතුරේ සිට අශ්වාරෝහක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරු සඳහාත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.කේ.ඩී. පලිස්කාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.එම්.කේ.සී. තිලකරත්න ගාල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට සැපයුම් අංශය භාර අධ්‍යක්ෂ ලෙසත් පත් කර ඇත.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.බී මැදවල මහතා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට විශේෂ ආරක්ෂ කොට්ඨාස අධ්‍යක්ෂක ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ ඒ එදිරිමාන්න මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට ගාල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාරයා ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ජී දර්ශන මහතා අධිකරණ කොට්ඨාස භාර අධ්‍යක්ෂ තනතුරේ සිට සේවස්ථ පුහුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඒ.ඩී.රත්නවීර මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ කේ.එන් ගුණවර්ධන පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත් පත්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට මේ අණ්ඩුව දේශපාලනීකරණය කරන්නේ නෑ. කරන්නේ මාලිමාකරණය... අන්තිමට රටක් ඉතිරි වෙයිද දන්නේ නෑ.