
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු මන්ත්‍රීවරුන් 26 දෙනකු කුණු කොල්ලෙට නිවාස ලබාගෙන රජයට රුපියල් විසි දෙකෝටි විසි ලක්ෂයක මුදලක් පාඩු කර ඇතැයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
මෙසේ කුණු කොල්ලෙට නිවාස ලබා ගත් අය අතර ගින්නට හසුවූ නිවාස වෙනුවෙන් වන්දි ගත්ත අයද සිටින බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා නිවසේ ජනේලය පමණක් ගිනිගත් මන්ත්‍රීවරයෙකුද රජයෙන් නිවෙසක් ලබාගෙන ඇති බව අනාවරණය කළේය.
ඔහු මෙසේ පැවසුවේ නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය
ටී. බී සරත් මහතා මෙසේද පැවසීය.
ප්‍රසන්න රණතුංග මහතාට වෙන්කරන ලද නිවාසයට ලක්ෂ අනුවක් ගෙවලා තියෙනවා. ඒකෙන් ආණ්ඩුවට එක් කෝටි දස ලක්ෂයක් පාඩුයි. මුසම්මිල් මන්ත්‍රීතුමාට ලක්ෂ තිස්තුනයි. ආණ්ඩුවට පාඩුයි කෝටියක්. නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා ලක්ෂ තිහක් ගෙවලා තියෙනවා. ලක්ෂ අනුවකට වැඩි මුදලක් පාඩුයි. ගාමිණී වලේබොඩ මන්ත්‍රීතුමා ලක්ෂ තිස්තුනක් ගෙවලා තියෙනවා. ආණ්ඩුවට ලක්ෂ අනුවක් පාඩුයි. මහින්ද යාපා අබේවර්ධන මහතා ලක්ෂ 53ක් ගෙවලා තියෙනවා. එක් කෝටි හැට ලක්ෂයක් රජයට පාඩුයි.
ගාමිණී ලොකුගේ මහතා ගෙවලා තියෙන්නේ ලක්ෂ 40යි. රජයට පාඩුව එක්කෝටි විසි ලක්ෂයයි. කුමාරිසිරි රත්නායක මහත්තයා ගෙට ගෙවලා තියෙන්නේ ලක්ෂ තිහයි. ආණ්ඩුවට කෝටියක් පාඩුයි. හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ලක්ෂ 42ක් ගෙවලා තියෙනවා. එක්කෝටි විසි ලක්ෂයක් ආණ්ඩුවට පාඩුයි. කට්ටිය හොඳට බෙදාගෙන තියෙන්නේ.
චින්තක අමල් මායාදුන්නේ මහතා ලක්ෂ හතළිහයි ගෙවලා තියෙන්නේ. ආණ්ඩුවට එක්කෝටි විසි ලක්ෂයක් පාඩුයි. මිලාන් ජයතිලක මහතා ලක්ෂ 44යි ආණ්ඩුවට ගෙවලා තියෙන්නේ.පාඩුව එක්කෝටි තිස් ලක්ෂයයි. ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා ලක්ෂ 41යි ගෙවලා තියෙන්නේ. රජයට එක්කෝටි විසි ලක්ෂයක් පාඩුයි. ඩී වීරසිංහ මහතා ගෙවලා තියෙන්නෙ ලක්ෂ 40යි. ආණ්ඩුවට එක්කෝටි විසි ලක්ෂයක් පාඩුයි. අසංක නවරත්න මහතා ගෙවලා තියෙන්නේ ලක්ෂ 33යි. ආණ්ඩුවට කෝටියක් පාඩුයි. බණ්ඩාර හේරත් මහතා ආණ්ඩුවට ගෙවලා තියෙන්නේ ලක්ෂ හතළිස් දෙකයි. රජයට පාඩුව එක්කෝටි විසි ලක්ෂයයි. එස්එම් චන්ද්‍රසේන මහතා ගෙවලා තියෙන්නේ ලක්ෂ 46යි. එක්කෝටි තිස් ලක්ෂයක් රජයට පාඩුයි. ප්‍රියන්ත අශෝක මහතා ගෙවලා තියෙන්නේ ලක්ෂ 41යි. එක්කෝටි විසි ලක්ෂයක් ආණ්ඩුවට පාඩුයි. නීතිඥ ප්‍රේමනාත් සී දොළොවත්ත ගෙවලා තියෙන්නේ ලක්ෂ 41යි. ආණ්ඩුවට එක්කෝටි විසි ලක්ෂයක් පාඩුයි.
එස් ඒ සේම සිංහ මහතා හිටපු මුදල් ඇමති ගෙට ගෙවලා තියෙන්නේ ලක්ෂ 46යි. ආණ්ඩුවට එක්කෝටි තිස් ලක්ෂයක් පාඩුයි. ශාන්ත බණ්ඩාර මහතා ගෙට ගෙවලා තියෙන්නේ ලක්ෂ හතළිස් එකයි. ආණ්ඩුවට එක්කෝටි විසි ලක්ෂයක් පාඩුයි. ඉතිරි ටික සභාගත කරනවා. මේ පිරිසේ වන්දි ගත්ත කට්ටියත් ඉන්නවා. වන්දි වගේම ගෙවල් රක්ෂණ ඔක්කොම අරගෙන තියෙනවා. රජය ගෙවල් කුණු කොල්ලෙට අරන් තියනවා. අම්මපා ගෙවල් ගිනි තියා ගත්තද දන්නෙත් නෑ. සමහරුන්ගේ ගිනි අරන් තියෙන්නේ ජනේලෙ විතරයි. ඒකටත් වන්දි අරගෙන තියෙනවා. ගිනි ගත්තු ජනේලෙට ගෙයක් අරගෙන තියෙනවා. මේ අරගෙන තියෙන්නේ ජනතාවගේ මුදල්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරලා තියන වංචාවල් එළියට එනකොට කියනවා පළපුරුද්දක් නැති මාලිමා ආණ්ඩුව ජනතාවට බොරු කියලා බලය අරගෙන රට නැවත බංකොළොත් කරන්නලු හදන්නේ. පලපුරුදු කට්ටිය අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...
අර ජනේලේ විතරක් ගෙදරට ආයෙත් ගිනි තියමුද පාඩුවට හිලව් වෙන්න...?
යෝගා ඇතුලු පිරිසගේ දැනගැනීම පිණිසයි….!
කෝ, මේ වසර 76කට ආවඩන බත්කන මී රංචුව..? වන්දනාවේ වත් ගිහිල්ලාද? අද මෙතැන වැලලෙන්නේ නැත්තේ? ළඟ පාතක හිටියා නම් බත්කටක් කවන්න තිබුණා...!
හොරා කනවා කියා මෙහෙම හොරා කන කුජීත පාදඩ, උත්තරීතර කථානායක වරයාගේ සිට සොච්චම් මන්ත්‍රීවරයා දක්වා හොරාකා තිබෙන්නේ රටෙ අසරණ ජනතාවගේ මුදල් බව මුන් ට මොහොතක්වත් සිතුනේ නැද්ද ? රජය ගනන් හිලව්, මෙ නරුමයන් හොරා කාපු මුදල් ගැන කථා කරා ඇති. උන් රොත්ත බුරුත්ත පිටින්ම කූඩු කර, හොරා කාපු මුදල් සහ පොළිය අයකර ගැනීමට ඉතාමත් ඉක්මණින් කටයුතු කල යුතු වෙනවා...
මේ තක්කඩින්ට ලක්ෂ කෝටි ගණන් නිවාස ගන්න උදව් පදව් කරපු මගේඩි නිලධාරීන්ගෙන් ඔය මුදල් අත්පත් කර ගන්න ඕනැ
මේ රටේ මිනිස්සු බත් කාලා ඉන්න එකත් ලොකු දෙයක් මුන් කරපු විනාශේ දැක්කම
මේ හිඟ මුදල් ගෙවන්න කියන්න .නැත්නම් දේපල විකුනලා ඒවා අය කරගන්න
මේ තක්සේරු නිලධාරින්ම මහින්ද මහත්තයාගේ ගෙදර ලක්ෂ 46 කුලිය කිව්වානේ එතකොට එක හරි අනික්වා වැරදිද?