IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


“ක්ලීන් ශ්‍රී ලංකා” බලකාය ජනපති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 

“ක්ලීන් ශ්‍රී ලංකා ” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකාය වෙත පවරා තිබේ.

ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායේ සභාපති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ලේකම් සහ කැඳවුම්කරු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ,  නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, වැඩබලන පොලිස්පති  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයෝද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන කපිල ජනක බණ්ඩාර,  රෝෂන් ගමගේ යන මහත්වරුද, “ක්ලීන් ශ්‍රී ලංකා ” වැඩසටහනේ නිලධාරීන් පිරිසක්ද  මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 



අදහස් (3)

“ක්ලීන් ශ්‍රී ලංකා” බලකාය ජනපති හමුවෙයි

යෝගා Friday, 07 March 2025 08:26 PM

ගෝඨාභයගේ පොහොර බලකාය මතක් වුණා. අන්තිමට රජ ඇඳුම් ඇන්දුවා කියලා හෙලුවැල්ලෙන් රටපුරා එක්කරගෙන යයි. උපදෙසක් ගන්න ඉන්නෙත් වඳුරු ඇමැතිලා රැලක්නේ...

:       21       11

ShyamFriday, 07 March 2025 09:37 PM

ඔයාලාගේ මෝඩකම පෙන්වන්න එපා

:       12       3

Nihal Saturday, 08 March 2025 12:26 PM

වැඩේ හොඳයි හැබයි අද පිරිසිදු කලාට පරිසරයට ආදරයක් නැති හමහර දුෂ්ට මිනිස්සුන කනවා බොනවා විසිකරනවා පාර දෙපැත්ත කුණු මලු විසි කරලා අප්‍රසන්නයි නගරවල කාණුවල පොලිතින් ප්ලාස්ටික් බෝතල් හිරවෙලා කලු පාට වතුරේ මදුරුකීට ලක්‍ෂ ගණනින්,ඔය වැඩේ සාර්ථක වෙන්න නම් සිංගප්පූරුවේ වගේ අලුත් නීති අණපනත් අවශ්‍යයි,නැතුව සමහර ආත්මාර්ථකාමි මිනිස්සුන් හදන්න බෑ.මේවා දරුවන්ට දහම් පාසැලේ මොන්ටිසෝරියේ සිට ඉගැන්වීය යුතුයි,අයිස් පලම් එකක් කෑවත් දරුවා හිතන්නේ ඒක බිමට දාන එක වරදක් නෑ කියලයි දෙමව්පියන් කියලා දෙන්න ඔවුන්ට හරි වැරද්ද ගැන හිතනවා අඩුයි,ලෝකේ ඕනෑම අපිරිසිදු රටක් ඉතා දිළිඳුය, නිවසක් උනත් ඒ ටිකමයි,සමහර ගෙවල්වල හෝටල් නමින් පවත්වාගෙන යන බත් කඩවල කුස්සිය මෙලොව අපාය,ඇත්තටම බටහිර රටවල ජපානේ කොරියාවේ ඌරු කොටු ඊට වඩා ගොඩාක් පිරිසිදුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 630 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site