IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අල්ලස් ගත් SI - PC රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

පැමිණිල්ලක් විභාග කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් තිස් දහසක අල්ලසක් ලබාගත්තේ යැයි කියන ගල්නෑව  පොලිසියේ උප පොලිස් පරීක්ෂක හා පොලිස් කොස්තාපල් ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (07) නියෝග කළාය.

ගල්නෑව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

පැමිණිලිකරුගේ කොල මඩින යන්ත්‍රයක් ( සුනාමි යන්ත්‍රයක්)  සොරකම් කර ඇති බවට පැමිණිලි කිරීම සදහා ගල්නෑව පොලිසියට පැමිණි අවස්ථාවේදී,එම යන්ත්‍රය පැමිණිලිකරුගේ පුතා විසින් සොරකම් කර ඇති බවට හෙළි වීමෙන් පසුව  එම පැමිණිල්ල සටහන් නොකර  යන්ත්‍රය මිලදි ගන්නා ලද පුද්ගලයා හට මේ සදහා මුදල් ලබා දිමට එකග වි, නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම කරුණු දක්වමින්න් පැවසීය.

එලෙස නීතිමය ක්‍රියා මාර්ග නොගෙන සිටිම සදහ පැමිණිකිකරුගෙන් රුපියල් 30,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව  අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

සැකකරු වෙනුවෙන් පෙනී නීතිඥවරයා සඳහන් කර සිටියේ  පැමිණිලිකරුවට එරෙහිව විමර්ශනයක් කිරීම සම්බන්ධයෙන් උරන වී පොලිස් නිලධාරියාව  අල්ලස් සිද්ධියට පටලවා ඇති බවය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය. 



අදහස් (0)

අල්ලස් ගත් SI - PC රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site