රජීව් අමරසූරිය යළි සභාපති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ රජීව් අමරසූරිය මහතා 2026/2027 වසර සඳහා යළිත් වරක් නිතරඟයෙන් පත් වී ඇති අතර එහි ලේකම්වරයා වශයෙන් නීතීඥ නලින් චන්දික ද සිල්වා මහතා තේරී පත්විය. 03 February 2026
ප්‍රභාත්ගේ පෙත්සම් විභාගය අවසන් වන තෙක් වරායේ තනතුරක් වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂ ධුරයෙන් ඉවත් කළ ප්‍රභාත් මලවිආරච්චි මහතා පෙත්සම් විභාගය අවසන් වන තෙක් එම අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්යක්ෂ (මෙහෙයුම්) තනතුරේ පිහිටුවීම පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාදීකරණයට අද දැනුම් දුන්නේය” 03 February 2026
කෙහෙළියගේ ඥාති සොහොයුරා රිමාන්ඩ් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීම ස`දහා සහාය ලබා දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ ඥාතීයකු වන මැණික් ව්‍යාපාරිකයකු ලබන 10 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ ර`දවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අද නියම කළේය” 03 February 2026
අත්දැකීම් ඇති උපාධිධාරින් ගුරුසේවයට ගන්නවා පාසල් වල සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 03 February 2026
ගංගාරාමයේ සර්වඥ ධාතු වදින්න විශේෂ දුම්රිය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාකිරීමට බලාපොරොත්තු වන සැදෑවතුන්ගේ පහසුව සඳහා අනිද්දා (5) සිට 10 වැනිදා දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී ජී. ඩී. ඒ. සමරසිංහ මහතා පැවසීය. 03 February 2026
පාසල් සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අතහරී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද (3) පස්වරුවේ පැවති සාකච්ඡාව සාර්ථක වීම නිසා පාසල් සංවර්ධන නිලධාරීන් දින නවයක් ක්‍රියාත්මක කළ මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හිටුවූ බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අද පස්වරුවේ පැවසීය. 03 February 2026
අසභ්‍ය විපක්ෂය සභ්‍ය කරන්න වෙලා තියෙන්නේ අපිට ආණ්ඩුවේ අලුත්ම ව්‍යාපෘතිය වී ඇත්තේ අසභ්‍යකරණය වූ විපක්ෂය සභ්‍යකරණය කිරීම බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 03 February 2026
’’අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩුපාඩු 160 ක් තියෙනවා’’ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එකම අඩුපාඩු අසැබි වෙබ් අඩවිය ඇතුළත්කර තිබීම නොවන අතර එහි අඩුපාඩු 160 කට වැඩි සංඛ්‍යාවක් පැවැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 03 February 2026
ගෙවල් කුලී අලුත් පනත ’’යකෙක්’’ නොවේ ගෙවල් කුලී සම්බන්ධයෙන් ගෙන ආ නව පනත් කෙටුම්පත මගින් කුලී නිවැසියන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට කිසිම තහනමක් පැනවෙන්නේ නැතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 03 February 2026
අවශ්‍ය වුනොත් ගල් අඟුරු හදිසි මිලදී ගැනීමක් කරනවා අවශ්‍ය වුණොත් හදිසි ගල් අඟුරු මිලදී ගැනීමකට යන්න කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 03 February 2026
ආණ්ඩුවේ දේශප්‍රේමය බාල ගල් අඟුරු ගෙන ඒමද? අලුත් සමාගමකට බාල ගල් අඟුරු සපයන්න අවකාශය ලැබෙන ආකාරයට ආණ්ඩුව ක්‍රියා කර ඇතැයි ද දේශප්‍රේමී බව කියන ආණ්ඩුව හැසිරෙන්නේ මෙහෙමදැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 03 February 2026
මුදල් විශුද්ධිකරණය වලක්වන ඇගයීමට ලංකාව සූදානම් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ අන්‍යෝන්‍ය ඇගයීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 03 February 2026
සිරකරුවන් 49ක් නිදහස ලබති 78 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකු හෙට (4) නිදහස් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී.ගජනායක මහතා පැවසීය. 03 February 2026
විගණකාධිපති පුටුව සමුදිකා ජයරත්නට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය නව විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී ඇත. 03 February 2026
හය වසර මොඩියුල ඉවත් කරලා නෑ හය වසර මොඩියුල කිසිවක් හෝ ඉවත් කර නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනී, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (3) පැවසුවාය. 03 February 2026
එප්ස්ටයින් ලිපිගොනුවල බිල් ගේට්ස් ඉන්නවා ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය පුද්ගලයන්ගේ අතිශය පෞද්ගලික විස්තර, සිදුවීම්, ගනුදෙනු සහ ඡායාරූප ආදිය එප්ස්ටයින් ලිපිගොනු හරහා ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ ලොව පුරා ආන්දෝලනයක් නිර්මාණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 03 February 2026
නාමලුත් CIDයෙන් පිටව යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත. 03 February 2026
සබරගමු පළාත් සභාව වෙන තැනකට සබරගමුව පළාත් සභා සංකීර්ණයේ ඉඩකඩ පුළුල් කිරීම සඳහා යාබද ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 February 2026
ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් පත් කරයි වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 February 2026
පෙට්‍රල් නැව් පහක් ගන්න ප්‍රසම්පාදනය දෙයි පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් ප්‍රසම්පාදනය සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 February 2026
පාසල් සෞන්දර්ය නංවන්න මිලියන 1215ක් පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා සෞන්දර්ය උපකරණ සැපයීම සඳහා වන ව්‍යාපෘතියට කැබිනට් අනෙමිතිය ලැබී ඇත. 03 February 2026
ගමට වතුර දෙන වැඩට මහවැලියේ උදව් ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි උපදේශන කාර්යාංශයේ තාක්ෂණික සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 February 2026
කස්සප - කල්‍යාණවංශ තිස්ස හිමිවරුන්ගේ රිට් පෙත්සම අහක දමයි ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය. 03 February 2026
ෆින්ලන්තය එක්ක දේශපාලන උපදේශන ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 February 2026
ශිරන්ති සී.අයි.ඩීයෙන් පිටව යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු මොහොතකට පෙර මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් පිටව ගොස් ඇත. 03 February 2026
චමින්දගේ වැඩ තහනමට මැතිසබයත් රත්වෙයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (3) පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇතිවිය. 03 February 2026
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක් මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 03 February 2026
පදිංචිකරුවන් ආරක්ෂා කරන පනතට පෙත්සම් හතරක් උසාවියට පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් හතරක පිටපත් තමාට ලැබී ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ පැවසීය. 03 February 2026
ටිපරයක යතුරුපැදිය ගැටි කාන්තාවක් මරුට කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ දංඕවිට, හොරගස්මංකඩ ප්‍රදේශයේදී අද (03) යතුරුපැදියක් වැලි පැටවූ ටිපර්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ කාන්තාව මියගොස් ඇතැයි දං ඕ විට පොලිසියය කියයි. 03 February 2026
ජනප්‍රිය නළු හේමාල්ට ඇප සිනමා විචාරකයකුට පහර දීම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද ජනප්‍රිය නළු හේමාල් රණසිංහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (03) නියෝග කළේය. 03 February 2026
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026