‘‘වත්මන් ආණ්ඩුව විනිසුරු ධූරකාලය වැඩි කරන්න උත්සහා කරනවා‘‘ අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරු වරුන්ගේ ධූර කාලය වැඩි කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරන බව හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. 10 July 2026
බන්ධනාගාර නිලධාරීන් මියගියේ පපුවට සහ හිසට මොට ආයුදවලින් පහරදීමෙන් මීගමුව බන්ධනාකාරය තුළදී බන්ධනාගාර නිලධාරීන් හත් දෙනකු මිය ගොස් ඇත්තේ හිස්වලට සහ පපු ප්‍රදේශවලට මොට ආයුදවලින් පහර දීම නිසා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට දැඩි ලෙස හානි සිදුවීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල සඳහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද පැවැසීය. 09 July 2026
හිරකරැවන් හිර ගෙවල්වල බල්ලෝ බලල්ලු ගාණට ගාල් කරලා හිරකරැවන් රට පුරා බන්ධනාගාරවල හිතක් පපුවක් නැතුව බල්ලෝ බලල්ලු ගාණට අද ගාල් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 09 July 2026
අමරපුර නිකායේ උපසම්පදා මහෝත්සවය ජනපති සහභාගීත්වයෙන් මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඓතිහාසික කළුතර බෝධිය අභියසදී අද (09) පස්වරුවේ පැවැත්විණි. 09 July 2026
කොළඹ පීඑච් අයිලා 08කටත් ඩෙංගු ඩෙංගු මර්දන කටයුතු කරන කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ද ඩෙංගු රෝගය වැලදී ඇත. 09 July 2026
රවී සෙනෙවිරත්න රිය අනතුරේ වරද පිළිගනී මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා 2023 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අනතුරක් සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් වරද පිළි ගැනීමෙන් පසු රුපියල් දෙදහස් පන්සියයක දඩ මුදලක් ගෙවන ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය අද නියෝග කළාය. 09 July 2026
පෙරහර බලන්න ඇවිත් පරිසරය කැත කරන්න එපා කතරගම ඇසළ උත්සවයට පැමිණෙන බැතිමතුන්ගෙන් වගකීමෙන් කසළ බැහැර කරන ලෙස ඉල්ලා සිටින බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 09 July 2026
රාජ්‍ය සේවා කොමිසම පත් කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස එස්. ඒ. නිමල් සරණතිස්ස මහතා පත් කරනු ලැබ තිබේ. 09 July 2026
තම්මැන්නා දක්ෂිණ රක්ෂිතයේ මුවන් 17කට වස දී මරලා හම්බන්තොට, තම්මැන්නාව දක්ෂිණ රක්ෂිතයේ තිබී මියගිය මුවන් 17 දෙනෙකුගේ මළසිරුරු හමුවී ඇතැයි පොලිසිය පැවසීය. 09 July 2026
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සම්මතයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 152 කින් පාර්ලිමේන්තුවේදී අද (09) පස්වරුවේ සම්මත විය. 09 July 2026
තනිව ජීවත් වූ අවුරුදු කුමාරිය අභිරහස් ලෙස මැරිලා රත්නපුර ගොඩිගමුව ප්‍රදේශයේ නිවෙසක තනිව සිටි අවුරුදු කුමාරියක ද වූ තරුණියක ඇගේ නිවසේම සැක කටයුතු ලෙස මියගොස් සිටියදී සොයා ගත් බව රත්නපුර පොලිසිය පවසයි. 09 July 2026
ක්‍රිෂ් වංචාව සොයන්න සන්නිවේදන උපකරණ 41ක් අත්අඩංගුවට කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ අක්කර 4.3 ක ඉඩම වසර 99කට බදු දීමේ ගනුදෙනුව නොහොත් ක්‍රිෂ් ගනු දෙනු වේදී මුල් වූයේ යැයි කියන මහාපරිමාණ මුල්‍ය වංචා අනාවරණය කරගැනීම සඳහා ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ 41ක් අත්අඩංගුවට ගෙන ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසිය අද (08) පැවසීය. 09 July 2026
2498කට කොරියා රැකියා වරම් 2025 වර්ෂයට අදාළව පැවති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල අනුව පැවැත්වූ නිපුණතා පරීක්ෂණයේ හා කුසලතා පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර, ඉන් අයදුම්කරුවන් 2498 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 09 July 2026
වැරදි කළ ෆාමසි හතරකට දඩ කුඩා දරුවකුට දීම සඳහා කල් ඉකුත් වූ ඖෂධ විකිණීම, ඖෂධවේදීන් නොමැතිව ෆාමසි පවත්වාගෙන යෑම ඇතුළු චෝදනාවන්ට වරදකරුවන් වූ කොළඹ ප්‍රදේශයේ ඖෂධහල් හිමියන් සිව්දෙනකුට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් රුපියල් ලක්ෂ දෙක හමාරකට ආසන්න දඩ නියම කෙරිණී. 09 July 2026
දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මතු වන හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය එනතෙක් ප්‍රමාද නොකර සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ඉටු කිරීමට අවස්ථාව ලැබෙන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 09 July 2026
ආබාධ සහිත සිසුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යාධාර ජනාධිපති අරමුදල ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ’’සරසවි දිරියෝ අභිමන්’’නමින් ශිෂ්‍යාධාර වැඩසටහනක් ආරම්භ කර තිබේ. 09 July 2026
ප්‍රාථමික සෞඛ්‍ය නංවන්න වැඩි අවධානයක් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදී ජනපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය. 09 July 2026
මීරිගම රෝහලටත් වකුගඩු ඒකකයක් මෙරට වකුගඩු ගල් රෝගයෙන් පීඩා විදින දහස් සංඛ්‍යාත රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත්, වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා දැනට පවතින 5000 කට අධික පොරොත්තු ලේඛණ යම්තාක් මට්ටමකින් අවම කිරීම සඳහා විසදුමක් ලෙස, මුළු දිවයිනටම සේවා සලසා ගත හැකි අයුරින් ක්‍රියාත්මක කිරීම සඳහා මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. 09 July 2026
මත් ජාවාරමුන්ගේ බිලියන 3.1 ක් තහනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධාන වලට අයත් රුපියල් බිලියන 3.1 කට අධික නීති විරෝධී වත්කම් සහ දේපොළ මේ වන විට තහනම් කර තිබෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 09 July 2026
ලක්ෂ 5ක නරක් වූ පරිප්පු විනාශ කරන්නැයි නියෝග හැටන් කොටගල නගරයේ තොග වෙළදසැලක පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් සහිත කහ පරිප්පු කිලෝ 1740ක් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සිය භාරයට ගෙන අද (09) දින හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත ඉදිරපත් කිරිමෙන් අනතුරුව එම පරිප්පු තොගය විනාශ කිරිමට මහේස්ත්‍රාත්වරයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට නියෝග කර ඇත. 09 July 2026
මෙහෙම විපක්ෂ නායක කෙනෙක් ලැබිච්ච එක අපට ෂෝක් මෙවැනි විපක්ෂ නායකවරයෙක් ලැබීම ගැන ආණ්ඩු පක්ෂය ලෙස සතුටු වෙන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 July 2026
බෝගම්බර යළි පිරිසිදු කරයි මහනුවර බෝගම්බර බන්ධනාගාරය තුළ සිරකරුවන් යළි එහි රැඳවීම සඳහා තීරණය කිරීමත් සමග එය පිරිසිදු කරන ඇයුරු එහි ගිය අපට දැක ගත හැකි විය. 09 July 2026
මිනී මැරුම් ගැන සම්මාන ගත් අය අපට චෝදනා කරනවා මිනී මැරුම් ,කොල්ලකෑම්,ජාතික දේපල විනාශ කිරීම් ආදියට ජාත්‍යන්තර කුසලාන ලබපු කණ්ඩායම් අද සජබට ඇඟිලි දිගු කිරීම ගැන කණගාටු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 09 July 2026
අධිකරණ සේවා සංගමයේ මතභේදාත්මක තත්වයක් මහේස්ත්රාත්වරුන්ගෙන් සහ දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමයේ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත විශේෂ මහා සභා රැස්වීමට සහභාගී නොවන ලෙස එහි කනිෂ්ඨ සාමාජිකයින්ට එක්තරා ජ්‍යෙෂ්ට නිලධාරියෙකු පැවසූ බව කියන සිද්ධියක් හේතුවෙන් සංගමය තුළ දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇත. 09 July 2026
ඩෙංගු මරණ 45 ට නගී ඩෙංගු මරණ සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 09 July 2026
භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි නුවරඑළියෙදි භෞත චිකිත්සකවරිය ඝාතනය කල ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය දුන් දෙදෙනා ඇතුලු සිව් දෙනා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (09) දින ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලහ. 09 July 2026
ට්‍රම්ප්ට ඉරානයයි ජපානයයි මාරුවෙලා ඉරානය සම්බන්ධයෙන් අදහස් දක්වද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ජපානය යැයි කියන වීඩියෝ දසුන් පෙළක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් නාළිකා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත. 09 July 2026
ඉන්දීය අගමැති මෝදි ඕස්ට්‍රේලියාවේ ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැමිණියේය. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්රමුඛ ඕස්ට්‍රේලියා රජයෙන් අග්‍රාමාත්‍ය මෝදිට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. 09 July 2026
ඉරානයට දිගටම ගහනවා - ට්‍රම්ප් ඇමෙරිකා හමුදාව දිනයේ ද දකුණු ඉරානයේ ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ ඉලක්කවලට පහර දුන්නේය. එම ප්‍රහාරවලින් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකා සාමාජිකයන් අට දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. 09 July 2026
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026