ශ්‍රීපාද නාය ගිය තැනින් පැරණි පඩි පෙළක්
ශ්‍රි පාද හැටන් මාර්ගයේ මහගිරිදඹය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමත් සමග ඉපැරණි වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට උපයෝගි කර ගත් බවට සැකකරෙන යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැලක් හමු වූ බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියෝ පැවැසූහ.