කාන්තා නියෝජනය 33%ක් කරන්න යෝජනාවක් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ වලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33%ක් දක්වා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ නීතිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී අවධාරණය කෙරිණි. 13 July 2026
අධිකරණ අමාත්‍යංශයේදී මතක බණක් මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මිය ගිය නිලධාරීන් සහ රැඳවියන් සිහිපත් කර පිං අනුමෝදන් කිරීමේ මතක බණ ධර්ම දේශනයක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී අද (13) පෙරවරුවේ පැවැත්විණි. 13 July 2026
ගිනි අවියක් සමග ඇල්ලූ සජබ ප්‍රා. මන්ත්‍රි 24 තෙක් යළි රිමාන්ඩ් ගිනි අවියක් ළඟ තබා ගත්තැයි රිමාන්ඩ් බාරයේ සිටි සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ජූලි මස 24 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බලපිටිය මහේස්ත්‍රාත් පවිතා සංජීවනී මහත්මිය නියෝග කළාය. 13 July 2026
කොළඹ විද්‍යා පීඨයේ ඉගෙනුම් “ඔන්ලයින්” ක්‍රමයට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු හෙට සිට සතියක කාලයක් සඳහා මාර්ගගතව පැවැත්වීමට තීරණය කර අැත 13 July 2026
ජුරාසික් පාක් නළු සෑම් නීල් සමුගනී ජුරාසික් පාර්ක් චිත්‍රපටයෙන් ලොව කාගේත් ආදරයට පාත්‍ර වූ සම්මානනීය නවසීලන්ත නළු සෑම් නීල් දිවි ගමන අවසන් කළේය. 13 July 2026
ජනපති මරියසෙල්ට අවසන් ගෞරව දක්වයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායනවේදනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහයට අද අවසන් ගෞරව දැක්වීය. 13 July 2026
මීරිගම වකුගඩු ගල් ප්‍රතිකාර ඒකකය විවෘත වෙයි මෙරට සෞඛ්‍ය පද්ධතියේ තිබෙන ගොඩනැගිලි, උපකරණ සහ මානව සම්පත නිසි කළමණාකරණයකින් උපරිම ධාරිතාවයෙන් ප්‍රයෝජන සහ සේවා ලබාගත හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවැසීය. 13 July 2026
යුද ගැටුම් අස්සේ බොරතෙල් මිල ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර පුළුල් කිරීමත් සමඟ, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 13 July 2026
ගිනි අවියක් සමග තරුණයෙක් මාට්ටු මහරගම දුම්රිය පාර ප්‍රදේශයේ තරුණයක් ගිනි අවියක් සමග අත්අංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු පුතකු බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි. 13 July 2026
කළුතර දිසාපති කාර්යාලයේ ගින්නක් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇති බව කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සදහන් කරයි. 13 July 2026
බැංකොක් මත්පැන්හලේ ගින්න 27 ක් බිලිගනී තායිලන්තයේ බැංකොක් අගනුවර මත්පැන්හලක ගින්නක් හටගත්තේය. ගින්නට බිලිවුණු ගණන 27 කි. ගින්න හටගත්තේ නා ලැබ්පාරෝ නමුත් මත්පැන්හලේය. ඒ, ඊයේ (12) මධ්‍යම රාත්‍රියේදීය. 13 July 2026
යුක්රේන අගමැතිනිය ධුරයෙන් ඉවත් කෙරේ යුක්රේන අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ යුලියා ස්වෙරිඩෙන්කෝ එම ධුරයෙන් ඉවත් කිරීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තීරණය කළේය. 13 July 2026
ඊශ්‍රායල මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණය, ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වෙනු ඇතැයි එරට මැතිවරණ බලධාරීහු නිවේදනය කළහ. ගාසා යුද්ධය සහ ඇමෙරිකා, ඉරාන, ඊශ්‍රායල යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලයේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. 13 July 2026
හමාද් බින් කලීෆා අවසන් ගමන් යයි අභාවප්‍රාප්ත, කටාර් රාජ්‍යයේ නිර්මාතෘ ලෙස එරට වැසියන්ගේ ගෞරවාදරයට පත් එමීර් ෂෙයික් හමාද් බින් කලීෆා අල් තානීගේ අවසන් කටයුතු සෝ සුසුම් මැද දෝහා නුවරදී සිදුවිය. 13 July 2026
ඉරාක අගමැති වොෂින්ටනයට ඉරාක අග්‍රාමාත්‍ය අලී අල් සයිඩී, ඇමෙරිකාවේ නිල සංචාරයක් ආරම්භ කළේය. මෙය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අලී අල් සයිඩීගේ පළමු විදෙස් සංචාරය වනු ඇත. 13 July 2026
ලින්ඩ්සි ග්‍රැහැම්ගේ මරණය අබිරහසක් ඇමෙරිකන් සෙනෙට් සභික 71 හැවිරිදි ලින්ඩ්සි ග්රැහැම් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් දිවියෙන් සමුගත්තේය. ලින්ඩ්සි ග්රැහැම් යනු ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම මිතුරෙකු සහ ට්‍රම්ප් හිතවාදියෙකි. 13 July 2026
‘බාවි’ සුළි කුණාටුව චීනය කලඹයි කාලගුණ විද්‍යාඥයන් විසින් ‘බාවි’ යන නමින් නම් කළ ප්‍රබල සුළි කුණාටුව චීනයට කඩා වැදුණි. සතියක් ඇතුළත චීනයට කඩා වැදුණු දෙවැනි සුළි කුණාටුව මෙයයි. කුණාටුව ගැන අනතුරු ඇඟවීම් නිකුත් කිරීමත් සමග ලක්ෂ ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව පැවැසෙයි. 13 July 2026
ඩෙංගි අධි අවදානම් කලාප 60 ක් දිවයින පුරා දිස්ත්‍රික්ක 11 ක ඩෙංගි අධි අවදානම් කලාප 60 ක් හදුනා ගෙන අැත 13 July 2026
පළාත් කීපයකට වැසි සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 July 2026
‘‘සේවා දිගුවට විනිසුරුවරු එකඟ නෑ‘‘ උපරිමාධීකරණ විනිසුරුවන්ගේ නිල කාලය වැඩි කරමින් විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ රජය ඉදිරිපත් කෙරෙන යෝජනාවට එකඟ නොවීමට අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කළ බව එම සංගමයේ ලේකම් සුරංග මුණසිංහ මහතා සංගමයේ සියලු නියෝජිතයන් හට දැනුම් දී ඇත. 13 July 2026
ඩෙංගුවාට විදින්න බැරි සුදුසු ඇඳුම් අඳින්න පාසල් සිසුන්ට අවසර පාසල් නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වෙසෙන සේ සුදුසු ඇඳුම් ඇඳීමට අවසර ලබා දෙන ලෙස අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දෙයි. 12 July 2026
ගමට ආ නාමල්ඔය ප්‍රා. සභාපතිවරයා සහ උප සභාපතිවරයා පන්නා දමලා නාමල්ඔය කදුරුගොඩ ගම්මානයේ මාර්ගයේ පවතින ගැටලුව ගැන කථා කිරිමට ආ නාමල්ඔය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ගැමියන් විසින් පලවා හරිනු ලැබිය. 12 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියේ ඇත්ත දැන ගැනීම සියලු දෙනාගේ අයිතියක් මීගමුව බන්ධනාගාරයේ ඛේදජනක සිදුවීමෙන් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනාගේම පවුල්වලට සත්‍ය දැනගැනීමට මෙන්ම වරදකරුවන්ට දඬුවම් ලැබෙනවා දැකීමට අයිතියක් තිබෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා රවීනා ෂම්දාසනී සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පැවැසුවාය. 12 July 2026
නොමිලේ දෙන්න ගෙනා පොහොර මිටි 348 වික්ක අටක් මාට්ටු විදෙස් ආධාර මත මෙරටට ගෙන්වා රජය විසින් නොමිලයේ ගොවි ජනතාවට බෙදාදීමට තිබූ කිලෝ 50 පොහොර මිටි 348 ක් මරදගහමුල පොහොර ඇසුරුම් මධ්‍යස්ථානයකට විකුණූ බව කියන පොල් සංවර්ධන නිලධාරියකු ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි. 12 July 2026
ගම්පොළ පාසල් භූමියක පැරැණි බංකරයක්? ගම්පොළ නගරයේ ඇති බෞද්ධ විද්‍යාලය සතු භූමියේ පැවති ආපනශාලාවේ අප ජලය බැහැර කිරීමට වලක් කැපීමේදී වසර විස්සකට වඩා පැරණි භූගතව ඉදිකරන ලද විශාල කාමරයක් හමුව ඇතැයි පාසල් අරංචි මාර්ග කියයි. 12 July 2026
ටොරොන්ටෝ නගරයේ පැවැති උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් 12ක් මරුට කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පැවැති උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් සිවු දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කළේය. 12 July 2026
සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට අරී ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් සති දෙකක කාලසීමාවක් වසා තැබූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට (13) සිට යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. 12 July 2026
එන වසරේ අයවැය නොවැම්බර් 12 2027 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් මස 12 වන දින සිදුකිරීමට නියමිතව තිබේ. 12 July 2026
‘‘පියා මැරූ පලිය ගන්නවා‘‘ - මොජ්තබා කමේනි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කළ අයට සාමාකාමී මරණයක් හිමි නොවනු ඇති බවත් සිය පියා ඝාතනය කළ අයගෙන් පළිගන්නා බවත් නව උත්තරීතර නායක මොජ්තබා කමේනි ප්‍රකාශයක් නිකුත් කරමින් පැවැසුවේය. 12 July 2026
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026