ආපදාවෙන් නැතිවූ වාහන ලියකියවිලි හදන්න ජංගම සේවයක් ආපදාවෙන් විනාශ වූ හෝ අවස්ථානගත වූ වාහන ලිපි ලේඛන නැවත සකස් කර ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ජංගම සේවයක් ලබන 15 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසීය 09 December 2025
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට යළිත් මේ දිනවල ඇද හැලෙන සුලු වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන්දොරටුවක් විවෘත කර ඇත. 09 December 2025
මත් සැකකරුවෝ 868ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 868ක් ඊයේ (8) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 09 December 2025
ආපදාවෙන් ජල මණ්ඩලයට කෝටි 500ක පාඩුවක් ආපදාව හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට රුපියල් කෝටි 500 ක පාඩුවක් සිදුව ඇතැයි නිවාස ,ඉදිකිරිම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසීය. 09 December 2025
ඊච්චලම්පත්තු රෝහල විවෘත කරයි ජල ගැලීම් හේතුවෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ නැගෙනහිර පළාතේ එකම ප්‍රාදේශීය රෝහල වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ඊච්චලම්පත්තු ප්‍රාදේශීය රෝහලේ රෝගී සත්කාරක සේවා හා බාහිර රෝගී අංශ ප්‍රතිකාර අද (9) සිට යළි ආරම්භ කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 09 December 2025
ආපදාවෙන් ගෙවල් 5000ක් සුනේ සුන් ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්වේ 09 December 2025
නාය මරණ ලියාපදිංචියට අලුත් නීතියක් එයි නායයෑම් සහ ගංවතුර හේතුවෙන් මරණයට පත්වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන සැකසූ ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. 09 December 2025
කතරගම නව නිලමේ තිළිණ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස එහි වැඩ බලන බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ අබේරත්න මහතා අද මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති නිලවරණයේදී නිතරඟයෙන් තේරී පත්විය. 09 December 2025
’’නඩු දාන්න ඕන විපක්ෂයට’’ විපක්ෂය මෙවැනි කාලගුණ අනතුරක් කල් තියා දැක්කා නම් නොදන්වා සිටියේ ඇයිදැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රශ්න කළේය. 09 December 2025
’’රිවස්ටන්’’ චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන දෙකක් 36 වන සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී (Singapore International Film Festival) ආසියානූ වෘතාන්ත චිත්‍රපට අංශයෙන් ඉදිරිපත් වූ, ශ්‍රී ලංකාවේ ’’රිවස්ටන්’’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලලිත් රත්නායකට හොදම අධ්යක්ෂවරයාට හිමි සම්මානයත්, එම චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන් මහේන්ද්‍ර පෙරේරාට හොදම රංගනය වෙනුවෙන් පිරිනැමූ ’’සිල්වර් ස්ක්‍රීන් සම්මානයත්’’ (Silver Screen Award) දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (08) රාත්‍රියේ පැමිණියහ. 09 December 2025
තැන් 15,000කට නාය රතු එළි නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන15,000ක් පමණ හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. 09 December 2025
මේ අවුරුද්දේ ප්‍රතිපාදන හරවා එවන්න නම් එපා ජනතාව යළි පදිංචි කිරීම්වලදී නිසි අධීක්ෂණයකින් කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 09 December 2025
පේරා සරසවිය පෙරටත් වඩා හොඳට හදනවා ගංවතුරින් හානියට පත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පෙරටත් වඩා ශක්තිමත්ව මෙන්ම ආරක්ෂිත ලෙස නැවත ගොඩනැගීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. 09 December 2025
රජ දවස ඇළහැර අමුණ යළි හදති වසභ රජු තැනූ මහසෙන් රජු ප්‍රතිසංස්කරණය කළ ලෝක උරුමයක් ලෙස නම්කර ඇති ඇළ හැර අමුණේ ඉපැරණි ගල් බැම්ම කඩාගෙන යාමෙන් ඇළහැර ව්‍යාපාරය ඇතුළු කවුඩුල්ල, මින්නේරිය, ගිරිතලේ ආදී ජලාශ රැසකට ජලසැපයුම නැවතීමත් සමඟ යුද හමුදාව ගොවි සංවිධාන එක්ව ස්වේච්ඡාවෙන් බිඳී ගිය ඉපැරණි බැම්ම වෙනුවට තාවකාලිකව වැලි කොට්ට ගසා බැම්මක් බැදීමේ යෝධ ශ්‍රමදානය මේ වන විට ආරම්භ කොට තිබේ. 09 December 2025
ආණ්ඩුවේ අරමුදලට චන්ද්‍රිකාත් ආධාර කරයි හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම රුපියල් මිලියන 250ක ආධාරයක් දුන්නේය. 09 December 2025
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් උතුර, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. 09 December 2025
ජපානයට සුනාමි තත්වයක් ජපානයේ උතුරු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.6 අගයක් ගත් භූමි කම්පාවක් හට ගැනීමත් සමග හොක්කයිඩෝ පළාතේ උරකාවා නගරයට සහ අමෝරි පළාතේ මුට්සු ඔගවාරා වරායට සෙන්ටිමීටර 40 ක උසින් යුත් සුනාමි රළ කඩා වැදී තිබූ බව එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 08 December 2025
විදේශ ආධාර විපරමට රජයෙන් කමිටුවක් ආපදාවට ලක්වූවන් සඳහා ලැබෙන විදේශීය සහනාධාර අරමුදල් කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කරනු ලැබ ඇත 08 December 2025
පොදු ප්‍රවාහනය හරි යන දවස බිමල් කියයි පොදු ප්‍රවාහන සේවාව දෙසැම්බර් 31 වෙනිදා වන විට යථා තත්ත්වයට පත්කිරීම රජය බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. 08 December 2025
ජපානයට භූමිකම්පාවක්: සුනාමි බියක් භූමි කම්පාවේ ප්රබලත්වයත් එය හටගත් ස්ථානයත් සැලකිල්ලට ගනිමින්, මේ වනවිට ජපානයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල භූමිකම්පාව ඇති වූ අතර, හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාටේ ප්‍රාන්ත සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. 08 December 2025
ජනපති අවතැන් ජනතාවගේ දුක සැප බලන්න යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවෙන් පීඩාවට පත් නුවරඑළිය සහ බදුල්ල ජනතාවගේ අවතැන් කඳවුරු වලට ගොස් ඔවුනගේ සැප දුක් විමසා බැලුවේය. 08 December 2025
ආපදා මරණ 635ට වැඩිවෙයි දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් ඊයේ(08) දිනය වන විට මරණ 635ක් සිදුවී 192 ක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 08 December 2025
’’බුදුන්ගේ රස්තියාදුව’’ කෘතිය බුදු දහමට නිගාවක් බුදු දහමට,ගෞතම බුදුන් වහන්සේට නිග්‍රහයක් වන අන්දමින් ලියා ප්‍රසිද්ධ කර ඇති ’’බුදුන්ගේ රස්තියාදුව’’ කෘතිය මගින් අපහාසයෙන් ඔබ්බට ගිය අපරාධමය වරදක් අනාවරණය වන බව හිටපු ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන මහතා හමුවේ සාක්ෂි දෙමින්(08) පැවසීය. 08 December 2025
චාමික කරුණාරත්නට ඇප ගුවන් නියමූවරියකගේ දැරියට පීතෘත්වය ලබාදීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක චාමික දිලුෂාන් පෙරේරා කරුණාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට සිය නීතීඥවරයා මාර්ගයෙන් කරුණු දක්වමින් (08) පැවසීය. 08 December 2025
වැඩබලන අගවිනිසුරු පත් කරයි වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. 08 December 2025
අවතැන් වූවන්ට සහන අරන් නාමල් නුවරඑළියට ’’දිට්වා’’ සුළි කුනාටුව හේතුවෙන් අවතැන් වූ පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපනය සහ අවතැන් වූ පවුල්වල ආර්ථික තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් නාය ගිය ස්ථාන සියල්ල ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ’’ආදරය’’ මැයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන පාසල් ළමුන්ට පොත්පත් බෙදා දීම නුවරඑළිය දිස්ත්‍රික්කයේ හග්ගල රේන්ද පොළ නානුඔය සහ කොත්මලේ කේන්ද්‍ර කර ගනිමින් අද (08) පැවැත්විණ. 08 December 2025
ආපදාවට ලක්වූ ගුරුවරුන්ට රජයෙන් සහන ඉල්ලයි ආපදාවෙන් විනාශයට පත් වූ ගුරුවරුන්ගේ ඔප්පුවක් හෝ ඉඩම් අයිතියක් නොමැති අයටත් වන්දි ලබාදීමට රජය කටයුතු කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. 08 December 2025
ජීවිත ගොඩනගන්න නිලධාරීන්ගේ කාර්යක්ෂම සහය අවශ්‍යයි අවශ්‍ය සහන දෙමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට නම් ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගේ කාර්යක්ෂම සහයෝගය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා ය. 08 December 2025
සජිත් මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් හමුවෙයි දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා කොළඹදී මුණ ගැසුණි. 08 December 2025
ගිනි අවි දෙකක් සොයාගනී පොළොන්නරුව මඩකළපුව මාර්ගයේ 20 කණුව ප්‍ර දේශයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගිනි අවියක්, විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 4 ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 08 December 2025
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026