
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය හේතුවෙන් මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ සැකකරුවන් රැසක් අැප ගත නොහැකිව මාස 18 සිට වසර 02 දක්වා කාලයක් තිස්සේ බන්ධනාගාරවල රදවා තැබීමට සිදුව අැතැයි බන්ධනාගාර ප්‍රධානීහු රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ.
බන්ධනාගාරවල අධික තදබදයට, වරදකරුවන් වූ සිරකරුවන්ට වඩා රිමාන්ඩ් බන්ධනාගාරගත සැකකරුවන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් බලපාන බව ඔවුහු පෙන්වා දුන්හ.
මේ අතර, කුඩා මත්ද්‍රව්‍ය ප්‍රමාණ සමඟ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් සෘජුවම බන්ධනාගාරගත කිරීම වෙනුවට වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ හැකි වන පරිදි නීතිමය සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd