(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ලෙස දැනට සේවය කරනු ලබන ආචාර්ය (ඉංජිනේරු) කේ. වැලිගෙපොලගේ මහතා, අනිවාර්ය විශ්‍රාම වයසට එළඹීම හේතුවෙන් 2026-10-06 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව ඇත. ඒ අනුව පුරප්පාඩු වන වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුරට දැනට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ජල සම්පත් සංවර්ධන) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි, (ඉංජිනේරු) පී. එම්. ජයදීර මහත්මිය 2026-10-06 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.