
(නිමල කොඩිතුවක්කු)
දිවයිනට බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක් සඳහා නායයෑම් නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි.
ඒ අනුව කොලඹ, ගාල්ල, කලුතර, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කුරුණෑගල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා අද (22) පස්වරු 4.00 දක්වා මෙම නායයෑම් නිවේදන නිකුත් කර ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි.
මෙයට අමතරව ගාල්ල, කලුතර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13 ක් සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
රතු නිවේදන නිකුත් කර ඇති ජනතාව වහාම එම ස්ථාන වලින් ඉවත්ව තවදුරටත් ආරක්ෂිත ස්ථානවල කටයුතු කළ යුතු බවත් එම ආයතනය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd