(රංජිත් රාජපක්ෂ)

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් බගවන්තලාව සෙන්මේරිස් ජාතික පාසලේ පහත්බිම්වල පිහිටි ගොඩනැගිලි රැසක්  ජලයෙන් යටවී ඇතැයි පසාල් ප්‍රකාශකයෙක් කීය.

බගවන්තලාව ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කොටියාගල වතුයායේ පහළ කොටසේ නිවසක් මත ආරක්ෂිත පැතිබැම්ම කඩා වැටිමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වි ඇත.

පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ නිවස තුල සිටි කිසිවෙක්ටත් තුවාල සිදු වී නොමැති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.