කෝටි දෙකක භාණ්ඩ ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට ඉන්දියාවෙන් මෙරටට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් ප්‍රවාහනය කරණ ලද,රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙකු ද සමගින් අද (11) දින නල්ලන් දලුව ප්‍රදේශයේ දී මදුරන් කුලිය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 11 January 2025
හොර පාරෙන් ජර්මනි යන්න ගියා ලාංකිකයා අල්ලයි කූට ලෙස සකස් කළ ජර්මානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ජර්මනිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 11 January 2025
කොරියා යවනවා කියා 70 ක ගෙන් මුදල් ගැරූ කත කොටු වෙයි E8 වීසා යටතේ කොරියාවේ කෘෂිකර්ම අංශයේ රැකියා සදහා යැවීමට පුද්ගලයින් 70 දෙනෙකුගෙන් මුදල් ලබා ගත් බලපත්‍රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයක් වටලා කාන්තාවක් අද (11) දින දොම්පෙ දී අත් අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශණ ඒකකය පවසයි 11 January 2025
පොල් මෝලේ ආරක්ෂක මරා පඩි සල්ලි කොල්ල කාලා මුන්දලම බත්තුලුඔය ප්‍රදේශයේ ඩීසී පොල් නිෂ්පාදන ආයනයක ආරක්ෂා සේවයේ යෙදී සිටි ආරක්ෂක නිළධාරීයෙකු අද (11) ඝාතනය කර සේවකයින් හට ගෙවීමට කාර්යාලයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 13ක මුදලක් කොල්ල කා ඇති බව මුන්දලම පොලීසිය පවසයි. 11 January 2025
ඉන්දියන් ජාතිකයෙකුගේ සිරුර සීදූවේ නිවාසක එල්ලෙයි කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරමින් සිටි ඉන්දියන් ජාතිකයෙකුගේ සිරුර සීදූව ලියනගෙමුල්ලේ නිවාස සංකීර්ණයක එල්ලෙමින් තිබියදී අද (11) සොයා ගත් බව සීදුව පොලිසිය කියයි. 11 January 2025
උසාවියට අරන්යද්දී පැන ගිය රැඳවියා යළි අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පලා ගොස් සැඟවී සිටි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. 11 January 2025
දුම්රියේ එළවළු ව්‍යාපෘතිය කොට උඩ දුම්රියේ එළවළු ප්‍රවාහනය සඳහා ආරම්භ කළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් කෝටි විස්සක මුදලක් නාස්ති වී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 11 January 2025
බාල බෙහෙත් ලෙඩ්ඩුන්ට පොවලා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු ඖෂධ අතුරින් සාම්පල් සියයට අනූපහක් 2023 වර්ෂයේදී ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ. 11 January 2025
අගමැතිනිය ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් හමුවෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් යන මහත්වරු අතර හමුවක් පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්විණි. 11 January 2025
මත්පැන් - සිගරැට් මිල ඉහළ යයි මුදල් අමාත්‍යාංශය සුරා බද්ද සියයට 6 කින් ඉහළ දවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 11 January 2025
සහල් ටොන් 167,000ක් ආනයනය කරයි ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ කාලය අවසන් වූ ඊයේ (10) මධ්‍යම රාත්‍රිය වන විට ආනයනික සහල් මෙටි්රක්ටොන් 167,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (11) පැවසීය. 11 January 2025
බසයක් පෙරළී 5ක් තුවාල කොළඹ සිට බදුල්ල හරහා පස්සර බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථයක් පස්සර 10 කනුව ප්‍රදේශයේ දී අද (11) අලුයම මාර්ගයේන් ඉවතට පැන පෙරලීයාමෙන් පස්දෙනෙකු තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි . 11 January 2025
හොර ලයිසන් හැදූ තුනක් මාට්ටු කූට ලේඛන සකස් කරමින් රියැදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචි පොත් ව්‍යාජව සකස් කර ජාවාරම් කළ වේරහැර ප්‍රදේශයේ වියදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 11 January 2025
අදත් තද වැසි තත්වයක් උතුරු ,උතුරු - මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 January 2025
මහල් නිවාසයේ 12 වැනි මහලින් වැටී දැරියක් මරුට බොරැල්ල මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් වැටී 16 හැවිරිදි දැරියක මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 11 January 2025
ලිංගික අතවර සිද්ධිය: මැතිසබේ සේවක තුනක් ගෙදර යවයි පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනකු සේවයෙන් පහ කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර ඇත. 11 January 2025
ජීප් රථයක් අත්ට්‍රැක්ටර් අංකයකින් ලියාපදිංචි කරලා නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ජීප් රථයක් අත්ට්‍රැක්ටරයක ලියාපදිංචි අංකයකින් ලියාපදිංචි කර භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු නාගරික මන්ත්‍රීවරයකුගේ පියෙක් වලාන මාධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය. 10 January 2025
ධනංජය ද සිල්වාගේ සහෝදරයාට මැර ප්‍රහාරයක් පාතාලයට සම්බන්ධය යැයි කියන අයෙකු එල්ල කරන ලද කඩු පහරකින් බරපතල තුවාල ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයකු වන ධනංජය ද සිල්වා මහතාගේ සහෝදරයකු වන සාවිත්‍ර රන්මාල් ද සිල්වා මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට අද (10) රාත්‍රි ඇතුළත් කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. 10 January 2025
දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට අද (10) පස්රුවේ මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 10 January 2025
ගොවීන් දෙන්න තිබූ කෝටි 116ක වව්චර අවලංගු වෙලා පොහොර නිකුත් කිරීම සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ගොවීන් නිශ්චිතව හඳුනා ගත නොහැකි වීම හේතුවෙන් රුපියල් කෝටි 116කට වැඩි වටිනා වව්චර පත් දෙලක්ෂ එකළොස් දහස් පන්සිය අසූ තුනක් අවලංගු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වේ. 10 January 2025
යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් හය දෙනෙක් ඇතුළත්ව සිටිති. 10 January 2025
ආහාර විස වී ළමුන් 13ක් රෝහලේ ආහාර විස විමක් හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත පාසල් ළමුන් 13 දෙනෙකු අද (10) දින පස්වරුවේ ඇතුලත් කර ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය. 10 January 2025
උදයංග වීරතුංග රිමාන්ඩ් බටයකින් ඇන පුද්ගලයෙකුට බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නමැත්තා ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා අද (10) නියෝග කළේය. 10 January 2025
ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිනිය හමුවෙයි නව පත්වීම් ලැබූ බශ්රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීහු රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවූහ. 10 January 2025
භික්ෂු විශ්ව විද්‍යාලය තාවකාලිකව වහයි ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය හෙට (11) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුරේ දී අද (10) සවස රැස් වූ එහි පාලක සභාව ගනු ලැබූ තීරණ දැනුම්දෙමින් පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරිණි. 10 January 2025
ගුරු විද්‍යාල අවසාන විභාගය මැයි මාසයේ ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ 10 January 2025
ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාලෝචන වාර්තාව මුදල් අමාත්‍යංශයට මහත් ආන්දෝලනයකට තුඩු දුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබද සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුව එහි වාර්තාව මුදල් අමාත්‍යාංශයට භාරදුන්නේය. 10 January 2025
බල්ලන් සමඟ හාල් ගෙන ගිය දෙන්නාට දඩ සහ වසර 5ක අත්හිටවු සිරදඬුවම් බල්ලන් දෙදෙනකු සමග ලොරි රථයකින් සහල් කිලෝ 8,750 ක් ප්‍රවාහනය කර බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් වලට බෙදා හැරි ලොරි රථයේ රියදුරුට සහ සහල් මෝලේ හිමිකරුට එක් අයෙකුට රුපියල් දස දහස බැගින් දඩ සහ වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත් හිටුවීමටද බලන්ගොඩ මහෙස්ත්‍රත් භාග්‍යා දිල්රුක් වික්‍රමසිංහ මෙනවිය අද (10) නියම කළාය. 10 January 2025
හිරේ ඉන්න මිතුරාට කුඩු දෙන්න ගිය මිතුරා ජීවිතාන්තය දක්වා හිරේ කෑම සහිත බාල්දියක සඟවා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි මිතුරෙකුට හෙරොයින් ග්‍රෑම් 25ක් දීමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගත් තරුණයකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ජීවිතාන්තය දක්වා වු සිර දඬුවම් අද (10) නියම කළේය. 10 January 2025
’’ග්‍රාම නිලධාරී පුරප්පාඩු කඩිනමින් පුරවනවා’’ දිවයින පුරා මේ වන විට පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය 10 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025