IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇල්ල බසය බ්‍රේක් නැතිවත් ලොකු ගියරයක ගිහිල්ලා

( ප්‍රසාද් රුක්මල් )

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී 15 දෙනකුට මරු කැඳවා  18 දෙනකුට තුවාල සිදුකරමින් අනතුරට පත් විනෝද චාරිකා බස්‍  රථයේ අනතුරට හේතුව වී ඇත්තේ බසයේ තිරිංග පද්ධතියේ දෝෂයක් මෙන්ම රියැදුරු බසය අධික පල්ලමේ හතරවන ගියරයේ ධාවනය කර ඇති බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ  කණ්ඩායමක්  දැනට සිදු කර ගෙන යන පරීක්ෂණ  කටයුතු වලින් අනාවරණය කරගෙන තිබේ.

බසයේ ගියර් පෙට්ටිය ගලවා පරික්ෂා කිරීමේදී  බස්‍ රථයේ රියැදුරු අනතුර සිදුවන අවස්ථාව වනවිට විනෝද චාරිකා  බස්‍ රථය ඇල්ල වැල්ලවාය මාර්ගයේ පල්ලමේ හතරවන ගියරයේ ධාවනය කර ඇති බවත් , බස්‍ රථයේ තිරිංග පද්ධතියේ දෝෂයක් කලක සිට තිබු බවටත් දැනට කළ පරීක්ෂණ කටයුතු වලින් පෙනී ගොස් ඇති බවත් එම නිලධාරීහු පවසති.

තංගල්ල නගර සභා සේවක පිරිසක් සිය පවුලේ උදවිය සමඟ නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වනදින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී   ප්‍රපාතයකට පෙරැළී මෙම අනතුර සිදුවිය.

 

 



අදහස් (7)

ඇල්ල බසය බ්‍රේක් නැතිවත් ලොකු ගියරයක ගිහිල්ලා

sunimal Wednesday, 10 September 2025 12:20 PM

අඩුම තරමින් දැන්වත් මිනිස්සු හිතට ගන්න ඕන ගමනක් බිමනක් යන්න හයර් කරන වාහනයේ රියදුරු කවුද, ඔහුට ඇති පළපුරුද්ද කොපමණද ඒ වගේම එය නිසි නඩත්තුවකට ලක්කළ එකක්ද යනවා. හොයල බලන්න. එහෙම නොවන වාහන වලට හයර් නැතිවෙනකොට උන් ඉබේම හැදේවි . ඊට අමතරව තමන් හයර් කරන වාහනයේ රියදුරා පිස්සෙක් වගේ රිය ධාවනය කරනවා නම් එම වාහනයෙන් බහින්නත් වගබලා ගන්න ඕනැ. ඔය තොරොම්බල් කරත්ත පාරෙන් ඉවත්කරන්න වගේම විනයවත් රියදුරන් පමණක් වාහන ධාවනයේ යෙදවීමට මහජනතාව හැටියට අපිටත් යම් බලපෑමක්‌ කළ හැකියි .

:       2       39

Che Wednesday, 10 September 2025 12:54 PM

මේ වාගෙ ගොබ්බයො තමයි ලංකාවේ බර වහන එළවන්න.සියලුම බර වාහන රියදුරන් වසරකට වරක් පරීක්ෂා කළ යුතුය.රියදුරු බලපත් දීමේ පරීක්ෂණ දැඩි කළ යුතුය.

:       0       58

හේශාන් උඩුදුඹර Wednesday, 10 September 2025 01:22 PM

රියදුරු පුහුණුවීම් වලදී මේවා කියලා දෙන්නේ නැද්ද .පල්ලම් වල ,කඳුවල යන්නේ කොහොමද කියලා .ඔය රියදුරන් පුහුණු කරන් තැන් ගැන කිසිම අදීක්ෂනයක් කරන්නේ නැද්ද මන්දා .

:       0       43

Neel Wednesday, 10 September 2025 02:58 PM

කිසිම නියාමනයක් නැහැය. ඒවා දන්නේවත් නැහැ. මුදල් මත යැපෙන සමාජයක් නිර්මාණය වෙලා තියනවා පසුගිය දශක ගණනාවක සිට. මේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ... ඒ නිසයි අපි හැමෝම මේකට වගකියන්න ඕනෑ. ප්‍රතිපත්තියක් නැති දේශපාලන පක්ෂ බලයට ගේනාවට...

:       0       16

Rohana Wednesday, 10 September 2025 03:04 PM

බ්‍රේක් පාගාගෙන හතරවන ගියර් එකේ බස්රථය පල්ලම් බහිනවිට බ්‍රේක් නැතිවෙනබව කියන්නත් දෙයක්ද ? රියදුරු පුහුණුවුනේ මොනවාද නොදනිමි. ජීවිත 32 ක වගකීම මේවගේ රියැදුරන්ට දුන්නාම වෙනදේ තමයි එදා සිදුවුනේ...

:       0       21

Nandalal DE SILVA - France Wednesday, 10 September 2025 04:01 PM

බර කරත්ත... තිරික්කල දැකපු අයට, මේ වගේ බර වාහනවල, අසරණ අහිංසක ජනතාව ප්‍රවාහනය කිරීමට පෙර, මේ අයගේ හැකියාවන් සදහා විශේෂ බලපත්‍ර පරීක්ෂාවක් කරන්න ඕනේ... මේ හුචක්කු බස් එකත් වාහනයක් එළවනවා වගේ දක්කන් ගියේ.... ඒකේ ප්‍රතිඵලය අතිශයින්ම කණගාටුදායකයි...

:       0       18

ගුණරත්නWednesday, 10 September 2025 09:35 PM

හ්ම්ම්, බස් වලට ගහන 300% බද්ද අයින් කරලා සාධාරණ මිලකට හොඳ බස් දැම්මොත් හොඳ නැද්ද? දැන් තියෙන බස් වල ඔටෝ බ්රේක් එහෙමත් තියෙනවා, බ්ලයින්ඩ් ස්පොට් දර්ශනය කල හැකි කැමරා තියෙනවා. එහෙම බස් එකක් ගන්න පුළුවන් සල්ලි වියදන් කරලා අපේ දුප්පත් මිනිස්සු යන්නේ ටකරන් බස් එකේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site