බෞද්ධ පුරාවස්තු වෙන්දේසිය නවත්වන්නැයි ඉන්දියාවෙන් ලිපියක් බෞද්ධ පුරා වස්තු 300 කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුව වෙන්දේසි කිරීම නතර කරන ලෙසත් එම පුරා වස්තු නැවතත් ඉන්දියාවට බාරදෙන ලෙසත් දන්වමින් ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යාංශය හොංකොංහි සදබි වෙන්දෙසි සමාගම් කාර්යාලය වෙත නීතිමය ලිපියක් ඊයේ(05) යවා ඇත. 06 May 2025
කුරුටු බලි ඡන්ද පත්‍රිකා කුණු කූඩෙට ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. 06 May 2025
ගොවි ණය නොගෙවූ අපේක්ෂකයා අත්අඩංගුවට ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි. 06 May 2025
කතුන් හොරට රට යැවූ කාර්යංශයේ හයක් ගෙදර ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක් කළා යැයි කියන සිදුවීමට අදාළව විදේශ නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළුව 06 දෙනෙකුගේ සේවය අත්හිටුවමින් ඊයේ(05) දිනසිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ වැඩ තහනමට ලක්කළ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 06 May 2025
තැන තැන මැතිවරණ උණුසුම මෙවර පළාත් පාලන මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීම අද (06) උදෑසන 7.00 ට ආරම්භ කෙරෙිණි. 06 May 2025
පොලිස් සැරයන් වෙඩි වැදී මරුට අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි. 06 May 2025
සරසවි සිසුවාට පහරදුන්නැයි තවත් සරසවි සිසුවෙක් අත්අඩංගුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක් සිසුවෙකු අද (06) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි 06 May 2025
ඡන්දයට අවසර ලැබෙන හැඳුනුම්පත් දහය මෙන්න පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ කොමිෂන් සභාව අවසරදී ඇත. 06 May 2025
‘නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව නැතැත් ජන්දය දෙන්න බාධාවක් නැහැ‘ නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. 06 May 2025
අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන් පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් ජන්ද විමසීම පැවැත්වෙන අද (06) දින පස්වරු 4.00 දක්වා ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පැවසීය. 06 May 2025
’’ඡන්ද පොළේ රංචු එපා’’ ඡන්ද පොළවල් ආශ්‍රිතව අනවශ්‍ය රංචු ගැසීම් වලින් වළකින ලෙස පොලිස් මූලස්ථානය සියලුම ජනතාවගෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරයි. 06 May 2025
මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇති බව පොලිසිය කියයි. 05 May 2025
හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන් වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී හෙට (6)වන අතර එහි ප්‍රධාන දේශනයද සිදු කරයි. 05 May 2025
ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම් ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද මධ්‍යස්ථානවලට ඇතුල්විය නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 May 2025
ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. 05 May 2025
වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක් වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 05 May 2025
දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 05 May 2025
සබරගමුව සරසවියේ තවත් සිසුන් 4ක් පොලිසියට බාරවෙති සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙි සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි. 05 May 2025
අගුණකොළේ බන්ධනාගාරයේ රැඳවියා මැරුවාදැයි සැකයක් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට සැකකරන බවත් සිද්ධිය පිළිබඳව ආයතන මටට්ටමින් පළමු පෙළ ජේලර්වරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 05 May 2025
කොටස් වෙළෙඳපොළ හෙට කලින් වහයි කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි. 05 May 2025
ලංකාව - වියට්නාමය අතර ගිවිසුම් පහක් ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහත්වරුන් ඉදිරියේ අද (5) සිදු විය. 05 May 2025
අල්ලසක් ගත් වවුනියා ඩිපෝවේ ලොක්කෙකු රිමාන්ඩ් මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වවුනියාව ඩිපෝවේ ජේෂ්ඨ කළමනාකාරවරයෙකු හා කාර්යාල කාර්ය සහායකයකු ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (05) නියෝග කළාය. 05 May 2025
ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 05 May 2025
මැතිවරණ රාජකාරියට පොලිසියේ 65,000ක් පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය. 05 May 2025
ජී2ජී ක්‍රමයෙන් දේශීය ඖෂධ කර්මාන්තය අනතුරේ යෝජිත ජී2ජී ආනයන ක්‍රමය යටතේ රටවල් 7කින් ඖෂධ ආනයනය කිරීමේ තීරණය නිසා දේශීය ඖෂධ කර්මාන්තය බිද වැටීමේ අවධානමක් මතුවී ඇති බව ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත සංගම් තුනක් පවසයි. 05 May 2025
බැංකු හෙට පෙරවරු 11.00ට වසයි පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සියලුම බැංකු හෙට (6) පෙරවරු 11.00 දක්වා පමණක් විවෘතව තබන බව ලංකා බැංකු සේවක සංගමය පැවසීය. 05 May 2025
මාතර බන්ධනාගාර කලබලයේදී සොරාගත් දුරකතන 49ක් සොයාගනී මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්තාවය අතරතුරදී එහි ගබඩා කාමරය කඩා රැදවියන් විසින් සොරා ගත් ජංගම දුරකතන 49 ක් අත් විලංගු 05 හා ඒවායෙහි යතුරු 24 ක් එම බන්ධනාගාරයේ තැන තැන ඉතා රහසිගතව සගවා තිබියදී සොයා ගෙන ඇති බව මාතර පොලීසිය අද(05) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් කියා සිටියේය. 05 May 2025
ලංගමේට බස් 500ක් අරන් කෝටි 301ක් පිනට දීලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල් කෝටි 301 කට වැඩි මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 05 May 2025
පුංචි ඡන්දය නිරීක්ෂණයට 4450ක් පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණය සඳහා දේශීය නිරීක්ෂකයෝ 4450 දෙනෙක් හෙට (6) යෙදෙවෙති. 05 May 2025
ජනපති වියට්නාම ජනපති හමුවෙයි වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබීය. 05 May 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026