’’ලයිට් බිල දැන්ම අඩු කරන්න බෑ’’ විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බවත් බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 January 2025
ඌව ප්‍රධාන ලේකම් ගම්මම්පිල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස එම්. එල්. ගම්මම්පිල මහතා පත් කර ඇත. 09 January 2025
කෝප් සභාපති පත් වෙයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව තේරී පත් විය. 09 January 2025
ඥානසාර හිමිගෙන් අභියාචනයක් ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී මාස 09 ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිර දඬුවමට එරෙහිව අභියාචනයක් අද ඉදිරිපත් කළේය. 09 January 2025
රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි වෙයි එළඹෙන අයවැයේදී රාජ්‍ය සේවකයන්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් දෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 January 2025
අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති අභියාචනාධිකරණ නව විනිසුරුවරු දෙදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (9) දිවුරුම් දුන්හ. 09 January 2025
මැතිසබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක් මැතිසබයේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට සිදුවන්නේ යැයි කියන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබ ඇත. 09 January 2025
පාසල් විභාග ලබන වසරේ සිට නිසි පරිදි පවත්වනවා ලබන වසරේ (2026) සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමට පාසල් වාරය සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 09 January 2025
ඥානසාර හිමිට මාස නවයක සිර දඩුවමක් මුස්ලිම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවකට වරදකරු වු බොදුබලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මාස නවයක ලිහිල් වැඩ සහිත සිරදඩුවම් නියම කළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 1500 ක දඩයක්ද නියම කළේය. 09 January 2025
පසුගිය මාස 17 කදී ගුවන්ගමන් වාර 548ක් ප්‍රමාද වෙලා ශ්‍රිලන්කන් ගුවන් සමාගම පසුගිය මාස 17ක කාලය තුලදි (2022 අප්‍රේල් මස 01 සිට 2023 සැප්තැම්බර් මස 30 දක්වා) ගුවන් ගමන්වාර 548ක් පැය 03 සිට පැය 59 දක්වා ප්‍රමාද වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. 09 January 2025
ඔඩ්ඩුසුඩාන් වෙඩි තැබීමක් ඔඩුසුඩාන් කලාමුරිප්පු. ප්‍රදේශයේ නිවසක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇතැයි ඔඩුසුඩාන් පොලිසිය පවසයි. 09 January 2025
සහල් ආනයනයන කාලය හෙටින් අවසන් සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසයි. 09 January 2025
මහව -අ‘පුර දුම්රිය සංඥා නවීකරණයට ඉන්දියාවෙන් අත හිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යටිතල පහසුකම් අංශයෙන් ඇති හවුල්කාරිත්වය තවත් දැඩි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී මහව - අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියක් ඉදිකිරිම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 14.9 ප්‍රදානයක් ඉන්දීය රජය ලබාදුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඊයේ(07) ප්‍රකාශ කළේය. 09 January 2025
පළාත් කිපයකට වැසි වාර කිපයක් උතුරු, උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 January 2025
චක්‍රලේඛයට පයින් ගසා සෞඛ්‍ය කෝටි 3823ක අතිකාල දීලා සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 09 January 2025
අපූරු උපන්දින සාදය අද සමාජයේ විවිධ තරාතිරම්වල බොහෝ පිරිස් තම උපන්දිනය සමරන්නේ විශේෂයෙන් තෝරාගත් ස්ථානවලය. ඊට හාත්පසින්ම වෙනස් ස්ථානයක සිට සිය සහෝදර නිලධාරීන් සමග උපන්දිනය සැමරු අපූරු පොලිස් නිලධාරියෙක් පිළියන්දල පොලිසියේ රථවාහන අංශය ඉදිරිපිට දී අද කැමරාවට අසුවිය. 09 January 2025
දුරකතන පාර්සලයක් ගාල්ල බන්ධනාගාරයට උඩින් වැටෙයි ජංගම දුරකතන, දුරකතන චාජර්, දුම්කොල සහ ලයිටර් අඩංගු පාර්සලයක් කිසියම් පුද්ගලයකු ගාල්ල බන්ධනාගාරය තුළට දමා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 09 January 2025
අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් අයෙක් තුවාල ලබයි අහුන්ගල්ල නගරයේ දි අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 09 January 2025
මාමන්ඩිට පහරදුන් එස් අයි අත්අඩංගුවට සිය මාමණ්ඩියට අතින් පයින් පහරදුන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි . 08 January 2025
මියගිය ඩොල්ෆින් මසුන් 12කගේ සිරුරු විල්පත්තුවේ බටහිර වෙරළට ගොඩගසයි විල්පත්තුව ජාතික වන උද්‍යාන බටහිර මායිමේ පිහිටි වෙල්ලමුන්දල් හා කොල්ලන්කනත්ත වෙරළ තිරයට මියගිය විශාල ඩොල්ෆින් මසුන් 12 දෙනෙකුගේ සිරුර ගොඩ ගසා තිබිය දී හමුවු බව විල්පත්තුව ජාතික වන උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා පැවසිය. 08 January 2025
හොර බෙහෙත් හැම තැනම කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මෙන්ම රට පුරා නීතිවිරෝධී බෙහෙත් අළෙවි කරන බවත් එම බෙහෙත් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති ඒවා බවත් එම අධිකාරියට පැමිණිළි කළ බව ‘මගෙන් රටට සංවිධානයේ’ සභාපති සංජය මහවත්ත මහතා අද (8) පැවසීය. 08 January 2025
ලෝකයේ ලංකා පංගුව අත්කර ගන්න හැටි ජනපති කියයි ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නවෝත්පාදන වැඩපිළිවෙළ මගින් සිදු කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය . 08 January 2025
දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂයක් දරුවන්ගේ අධ්‍යාපනයේදී විද්‍යාව අත්‍යාවශ්‍ය විෂය ක්ෂේත්රයක් බවත් රටේ විද්‍යාත්මක අධ්‍යයන හා පර්යේෂණවලට අතදීම සහ ඒවා වැඩි දියුණු කිරීම සඳහා රජය විශාල වැඩකොටසක් කිරීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (8) පැවසුවාය. 08 January 2025
තවත් පිරමීඩාකාර සමාගමක් ගැන විමර්ශන ඉසිමග ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම නමින් නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ජනතා මුදල් වංචා කළේ යැයි කියන එම සමාගමේ සැකකාර අධ්‍යක්ෂකවරුන් අට දෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ කරණු දක්වමින් අද(08)පැවසීය. 08 January 2025
ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක් මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත් එය මෙරට ආර්ථිකය වසර හතකින් වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (08) ප්‍රකාශ කළේය. 08 January 2025
සහල් ටොන් 14,000ක් දිනකදී එයි ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (8) පස්වරු වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (8) පස්වරුවේ පැවසීය. 08 January 2025
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක් දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් පටිපාටිය අනුමත කිරීම සහ වසර පහෙන් පහට උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තව දුරටත් ප්‍රමාද කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන්නේ යැයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් ආර්.එම්.එස්.පී. ජයසුන්දර මහතා අද (8) ලිඛිතව දැනුම්දී තිබේ. 08 January 2025
පොලිස්පති - බස් සංගම් සාකච්ඡා සාර්ථකයි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිසිය විසින් සිදුකරනු ලබන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර අද (8) පැවැති හමුවේදී බස් රථ සංගම් වැඩ වර්ජනයකට නොයන බවට තීරණය කර ඇත. 08 January 2025
ජනපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ බඩු නැති වීම ගැන විමර්ශණයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ තොගයක් අස්ථාන ගතවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය අද(08) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය. 08 January 2025
මහ ඡන්දෙ ආදායම් වියදම් නොදුන් 1,239කට අවසන් නිවේදන මහ මැතිවරණයට ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා බාර නොදුන් අපේක්ෂකයන්ට, පක්ෂ ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම් නායකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. 08 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025