
(රෝෂන් තුෂාර)
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ගමන්ගත් මෝටර් රථය හා ආරක්ෂක රථ පෙළ වීඩියෝගත කළ බව කියන පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියකු ලබන 10 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය .
සැකකරු බන්ධනාගාර නිළධාරීන් මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවය.
අගවිනිසුරුවරයා සිය ආරක්ෂක නිලධාරීන්ද සමග කොළඹ ග්‍රෙගරි ප්‍රදේශය වෙත ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී එම ප්‍රදේශයෙහි නිවසක සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු අගවිනිසුරුවරයා ගමන් ගත් රථය ඇතුළු ඔහුගේ ආරක්ෂක රථය ජංගම දුරකථනයකින් වීඩියෝ කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
ජංගම දුරකතනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට හා සැකකාර පුද්ගලයා සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.
සැකකාර පුද්ගලයා වීඩියෝ ගත කළ දර්ශන වෙනත් පාර්ශවයක් වෙත යවා තිබේද එසේ යවා තිබේ නම් කුමන හේතුවක් නිසාද යන්න යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා විමර්ශන සිරු කරන බව පොලීසිය කරුණු දක්වමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු දූෂිත දේසපාලුවෝ හුගක් දෙනෙක් දැන් කුලප්පු වෙලා, බය වෙලා, කරකියා ගන්ඩ දෙයක් නැතුව ඉන්නේ, මොනවා කරන්න හිතාගෙන ඉන්නවාද කව්ද දන්නේ? සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කරවලා පුරුදු වෙච්චි අයනේ...
අගවිනිසුරුතුමා රාජකාරි වෙලාවේ මොකට පාරදිගේ ගියාද මම අහන්නේ?
හොද සෝදිසියෙන් ඉන්න... අපරාධකාරයෝ දැන් පිස්සු වැටිලා ඉන්නේ...