දැන් බෝඩ් අල්ලන අය නැති නිසා ආයෝජකයන්ට එන්න කියන්න රටට ආයෝජකයන් එන විට දැන් විරෝධතා බෝඩ් අල්ලන්නට කවුරුත් නැති නිසා කඩිනමින් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
මෙන්ඩිස් සමාගමෙන් සල්ලි ගත්තු මන්ත්‍රීරු බැඳුම්කර සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙන අතරතුරේදී මෙන්ඩිස් අරක්කු සමාගම සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා සහ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසකට මුදල් ගෙවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවලින් හෙළිවී ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 20 March 2025
’’විපක්ෂය හැමදාම එකම දේ මතුරනවා’’ පරණ ක්‍රමයෙන් අයුතු ප්රතිලාභ ලැබූ අය හැර සමාජයේ සියලු ජන කොටස් අයවැයෙන් සතුටට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 20 March 2025
ශානීගේ පෙත්සමට දින දෙයි පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රහස් පොලීසියේ හිටපු අධක්ෂක ශානි අබේසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝබර් 19 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දෙ දින නියම කළේය. 20 March 2025
මොනරාගල නාම යෝජනා හතක් ප්‍රතික්ෂේපයි 2025 පළාත් පාලන මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර හතක් ප්‍රතික්ෂේප විය. 20 March 2025
පොඩි දරුවන් 63%ක කිරි දත් දිරලා ශ්‍රී ලංකාවේ පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් 63% ක් කිරි දත් දිරායාමෙන් පීඩා විඳින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 20 March 2025
බටලන්ද වාර්තාවේ හැම පිටුවක්ම කියවන්න බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ හැම පිටුවක්ම කියවන්නැයි සියලු රටවැසියන්ට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 20 March 2025
දේශබන්දු යළි රිමාන්ඩ් වැලිගම හෝටලයක වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ අනිවාර්ය නිවාඩු ලබා සිටින දේශබන්දු තෙන්නකොන් ලබන 3 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස මහතා අද නියෝග කළේය. 20 March 2025
කළුතර නාමයෝජනා භූමිය උණුසුම් වෙයි කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා භාරදෙන ස්ථානයේ නීතියට පරිභාහිරව නිළධාරීන් කටයුතු කළ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහාතා විරෝධතාවයක් පලකරන ලදී. 20 March 2025
පුංචි ඡන්දය මැයි 06 2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ. 20 March 2025
පුංචි ඡන්දයේ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලයත් අවසන් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර නාමයෝජනාවලට විරෝධතා ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය පස්වරු 1.30ට අවසන් විය. 20 March 2025
හරිනි ’’ඉඟි’’ බලන්න යයි පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ සරසවිය (SIBA) මගින් සංවිධානය කළ ’’ඉඟි’’ නර්තන ප්‍රසංගය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගීත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි. 20 March 2025
වැඩ පෙන්නපු පක්ෂයකට බලය දෙන්න එක්සත් ජනරජ පෙරමුණ රටේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් දුන් පක්ෂයක් බවත් ප්‍රශ්නවලට විසඳුම් දෙනවා යැයි අමුතුවෙන් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් එම පක්ෂයට නොමැති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 20 March 2025
මේක වෛරක්කාර අයවැයක් ජනතාවට වෛරක්කාරී ජනතාවගෙන් පළිගන්නා සුළු අයි.එම්.එෆ් එකඟතාවයකට රජය පෙළඹී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
කුසපත් ඇද ජයගත් පනහක් ඊශ්‍රායලයට ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් ප්‍රථම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. 20 March 2025
රට බංකොළොත් වුනේ විපක්ෂයේ අදහස් නිසා රට බංකලොත් වුනේ විපක්ෂයේ අයගේ අදහස් නිසා බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
කැසිනෝ බද්දට ආණ්ඩුව පස්ස ගහනවා කැසිනෝ බදු අය කර ගන්නැයි කටේ ලේ රහ වෙනතුරු කිව්වත් ආණ්ඩුව තවම ඒ සඳහා උනන්දුවක් නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
’’හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ’’ හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ. ඒක තමයි ප්‍රශ්නේ.මේ යන විදිහට හර්ෂ විපක්ෂ නායක වේවිද දන්නේ නැතැයි වෙළෙඳ, වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 March 2025
පොල් සොරකමේ ගිහින් පොලීසියට මාට්ටු නොචියාගම , පහළ හල්මිල්ලෑව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුල් වී, රුපියල් ලක්ෂයකට ආසන්න පොල් ගෙඩි 450ක් හොරෙන් කඩා ගෙන ගිය පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි. 20 March 2025
කෝටි 46 ක හෙරොයින් සමඟ රියදුරෙක් අත්අඩංගුවට රුපියල් කෝටි 46 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ මාතර කාර්මික විද්‍යාලයේ හිටපු රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 20 March 2025
රට සවාරිවලට හිතුමතේ සල්ලි අරන්: මැතිසබේ ප්‍රොටොකෝල් අංශය පීරයි පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා සහ සන්ධානගත (Foreign Relations and protocol) කාර්යාලයේ පසුගිය වසර දහයේදී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් එහි මූල්‍ය අධ්යක්ෂ ජී. සරත් කුමාර මහතා විසින්ද විමර්ශනයක් අරඹනු ලැබ ඇත. 20 March 2025
කොළොන්නාව ආපදා කමිටු 24 දාට පෙර හදන්න ආපදා කමිටු එළඹෙන 24 වෙනිදාට පෙර ප්‍රතිසංවිධානය කර අවසන් කරන්නැයි කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සහාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 20 March 2025
ජීප් රියක් දුම්රියක ගැටෙයි පාදුක්ක ,ලියන්වල , තුත්තිරිපිටිය ප්‍රදේශයේ දී ජීප් රථයක් අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වීමෙන් තිබූ දුම්රියක ගැටී ඇති බව මීගොඩ පොලිසිය පවසයි. 20 March 2025
පූංචි ජන්දයේ නාමයෝජනා භාරගැනීම අද අවසන් පලාත් පාලන ආයතන 336 ක් සදහා නියෝජිතයින් තෝරා ගැනීමේ ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 20 March 2025
අගමැතිනී-ඉන්දුනීසියා තානාපතිනී හමුවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනී Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය. 20 March 2025
කිරි දරුවාට ඖෂධ අධි මාත්‍රාවක් දීලා අවුරුද්දයි මාස 3ක් වයසැති දරුවකුගේ අසනීප තත්ත්වයකට ඖෂධ අධි මාත්‍රාවක් ලබා දුන් බව කියන දරුවාගේ මවගේ අනියම් සැමියා බව කියන අයෙකු අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය පවසයි. 20 March 2025
අලුත් වාහන ගැටළුව අවසන් කරන්න ගැසට්ටුවක්? රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලබා දෙමින් සහ වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාවන් ඉවත්කරමින් ඉතාමත් ඉක්මණින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 20 March 2025
පළාත් රැසකට සවස 2.00 පසු තද වැස්සක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 March 2025
දේශබන්දු අඟුණකොලපෑලැස්සට වැලිගම පැලෑණ හෝටලයකදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය සොයමින් සිටි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ වෙනමම ආරක්ෂිත ස්ථානයක රඳවා තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද නියෝග කළේය. 19 March 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026