(චන්ද්‍රසේන ගමගේ )
රට පුරා විහිදී ඇති මත්කුඩු වසංගතයට විසඳුමක් දෙන ලෙසට බල කරමින් මිද්දෙනීය අවට ප්‍රදේශවාසීහු පිරිසක් අද(08) දහවල් මිද්දෙනිය නගරයේදී විරෝධතාවයක නියැලිණි.
මෙම විරෝධතාවය සඳහා පන්සියයකට ආසන්න පිරිසක් සහභාගී වූ අතර විරෝධතාවය පැයකට ආසන්න කාලයක් මිද්දෙනිය බස් නැවතුම් පොළ ඉදිරිපිට පැවැත්විණි.
විරෝධතා කරුවන් පැවසුවේ රට පුරා විහිදී ඇති මත්කුඩු වසංගතය තුරන් කිරීම සඳහා ආණ්ඩුව මීට වඩා සක්‍රීයව මැදිහත් විය යුතු බවයි. මත්කුඩු මෙරටින් තුරන් කිරීම සඳහා සක්‍රීයව දායක වන ලෙස වත්මන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවද විරෝධතාකරුවෝ පැවසූහ.
මත්කුඩු හා සම්බන්ධ දේශපාලකයන් හෙළි කරන ලෙසත් විරෝධතා කරුවෝ ඉල්ලා සිටියහ. අනාගත පරපුර විනාශ කරන මෙම මත්කුඩු ව්‍යාපාරය තුරන් කිරීම සඳහා ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළට තමන් සහයෝගය දෙන බවද විරෝධතාකරුවෝ පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට කියලා වැඩක් නෑ. ඒගොල්ලෝම තමයි කන්ටේනර් පිටින් පන්නලා දුන්නේ.
අපොයි... එහෙම කරන්න එපා... නැවත වතාවක් ඔය දේශපාලුවාම පත්කරලා යවන්න. රටට විතරක් නොවේ... ලෝකයටම අනර්ඝතම සේවයක් කරාවි නේද?
උද්ඝෝෂණය කරපු අයව එවලා තියෙන්නේ පැලවත්තෙන්ලු. ගමේ අය නැතිලු. ආපු අයව අඳුනාගෙන තියෙන්නේ...
මීගමුවෙත් පෙලපාලි යයිද බලමු...
ඉස්සර මිනිස්සු පාරට බැස්සේ නැත්තේ බයට.., එහෙම නැතුව නොදැනුවත් කමට නොවේ..
මුන් එකෙක් වත් ඔය ගමේ උන් නොවේලු