
(රෝෂන් තුෂාර)
අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි ලැබුණු පසු කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක ඒස් බෝදරගම මහතා හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු එම පවුලේ සැකකරුවන් හය දෙනෙකුට අද නියෝග කළේය.
සැක කටයුතු බැංකු ගිණුම් පවත්වාගෙන යමින් මුදල් විසුද්ධි කරන පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් රඹුක්වැල්ල ඇතුළු පවුලේ හය දෙනෙකුට එරෙහිව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම ගොනුකල පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
ඇප මත සිටින හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල,ඔහුගේ බිරිඳ වෙන කුසුම් ඈපා වීහේන , දියණියන් වන චන්දුලා රමලි රඹුක්වැල්ල, චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල ,අමලි නයනිකා රඹුක්වැල්ල හා බෑනාවන ඉසුරු පුලස්ති යන සැකකරුවන් ට කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකොට ඇති බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ නියෝග කෙරිණි.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව හා මුදල් විසුද්ධීකරණ පනතේ හතර හා තුන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකොට ඇතිි බව අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරලා තියෙන හොරකම්වලට මුළු පවුලම පරම්පරා හතක් කටු ඉඹුලේ නග්ගල තිබ්බත් මදි. කක්කා හෝදන කවුරුවත් නැද්ද මේ පවුල බේරගන්න?
හිරගෙදර "family suites" තියෙනවද? එතකොට පවුලටම පහසුයි. නැත්තං පව්නේ.