
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත වර්තමාන සමාජ හා සංස්කෘතික ප්‍රවණතා පිළිබිඹු වන පරිදි යාවත්කාලීන වී නොමැත.
වර්තමානයේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ පුවත්පත හා ගුවන් විදුලියට අමතරව රූපවාහිනිය, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඉතා වේගයෙන් ජනතාව අතර ව්‍යාප්ත වී ඇති අතර, එමඟින් ජන ජීවිතය වෙත ප්‍රබල බලපෑම් එල්ල වී ඇත.
ඒ අනුව, යම් පුවත්පත් වාර්තාවක් යම් විද්‍යුත් මාධ්‍යයක් මඟින් විකාශනය හා ප්‍රචාරය කිරීමෙන් පසු එම වාර්තාව සම්බන්ධව පුවත්පත් මණ්ඩලය මඟින් විභාගයක් පැවැත් වූ අවස්ථාවේදී එම විභාගයේ ප්‍රතිඵලයක් වශයෙන් තීරණය කරන ලද නිවැරදි කිරීම / එකඟතාව / නියෝගය ද මුල් වාර්තා විකාශය හා ප්‍රචාරය කරන ලද විද්‍යුත් මාධ්‍ය විසින් විකාශය හා ප්‍රචාරය කළ යුතු වීම සහ මුද්‍රිත පුවත්පත්වල / සඟරාවල විද්‍යුත් ප්‍රකාශනයන් හෝ මුද්‍රිත පුවත්පත් ස්වරූපයෙන් පළ කරනු ලබන විද්‍යුත් පුවත්පත් ලහෝ සඟරා ලියාපදිංචි කිරිම සහ ඒවා සම්බන්ධයෙන් පැමිණිලි විභාග කිරීම යන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් විධි විධාන ඇතුළත් කරමින් 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය වෙයි