
(ගයාන් සූරිය ආරච්චි)
හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක් පොලිස් නිලධාරීන්ගේ සහ ආරක්ෂාවට සිටි කාන්තාවකගේ ගහණයෙන් මිදී පලා ගොස් ඇති බව හූරිගස්වැව පොලිසිය පවසයි.
හෙරොයින් ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 160 සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් බොරලුකන්ද නවමකුලම ප්‍රදේශයේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබූණි.
එම අත්අඩංගුවට ගත් කාන්තාව ආරක්ෂක මාතාවක් යටතේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී සැකකාරිය වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා ඇත.
අනතුරුව පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ ආරක්ෂක මාතාවද සමඟ සැකකාරිය පොලිස් ගොඩනැගිල්ලෙන් පිටත පිහිටි වැසිකිලියට රැගෙන යාමෙන් පසු පොලිස් නිලධාරීන්ගේ සහ ආරක්ෂක මාතාවගේ ග්‍රහණයෙන් මිදී සැකකාරිය පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සැකකාරිය පොලීසියෙන් මිදි පැන ගිහින්
බකල ජයා Wednesday, 10 September 2025 09:19 AM
පොලිසියේ බොහෝ වැඩ තවමත් ගල් යුගයේ. නවීන, මහජන මිත්‍රශීලී, බුද්ධිමත්, අවංක පොලීසියක් ඇති කලොත් ඒකම රටේ සංවර්ධනයට උපකාර වෙනවා. රටක ජනතාවගේ පොලිසිය, අධිකරණය ගැන ඇති විශ්වාසය සංවර්ධන මානක වලින් එකක්.