IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මහින්ද මැද මුලනට යන්න සූදානම්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැද මුලන ගෙදරට යාමට සූදානම් බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී.චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ කාරණය සම්බන්ධයෙන් එතුමා මීට පෙරත් ප්‍රකාශයක් කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"මන්ත්‍රීවරුන්ට තිබ්බ වරප්‍රසාද  ගොඩක් ගිය ආණ්ඩුවෙන් ඉවත් කළා. වාහන පර්මිට් එක ඉවත් කළා.ඔබතුමාලා වරප්‍රසාද කපන එකේ ප්‍රශ්නයක් නෑ.හැබැයි ජනාධිපතිවරයකුට තමන්ගේ කාලයේ රට වෙනුවෙන් කරපු දෙයක් වෙනුවෙන් අනතුරක් තිබෙනවා නම් සාධාරණ ආරක්ෂාවක් ලබාදිය යුතුයි.සමහරුන්ට ජනතාවට දීපු පොරොන්දු අමතක වුණාට එල්.ටී.ටී.ඊ ඩයස්‌පෝරාවට දීපු පොරොන්දු නම් අමතක නැහැ.මහින්දගේ වරප්‍රසාද කපනවාට කොටි ඩයස්පෝරාව හරි කැමතියි. මේ තනිකරම කරගෙන යන්නේ එල්.ටී.ටී.ඊ ඩයස්‌පෝරාවට ලබා දුන්න පොරොන්දු.ඇමති කාලේ අප රජයේ වියදමෙන් ගුවන් ටිකට් එකක්වත් අරගෙන නෑ.මහින්ද මැද මුලනට යන්න සූදානම් ඒ බව කලින්ම කියලා තිබුණා යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (14)

මහින්ද මැද මුලනට යන්න සූදානම්

මැක්ස් Wednesday, 10 September 2025 02:07 PM

ආණ්ඩුවට ගේම ඇත්තේ මහින්ද සමඟයි. එය විවිධාකාරයි. මහින්ද සතු පෞරුෂය වත්මන් පාලනයේ කිසිවකුට නොමැති වීම ප්‍රධාන හේතුව යි. ඊළඟට ඇත්තේ පොදු ජනතාව තුළ මහින්ද රාජපක්‍ෂ කෙරේ ඇති බැඳීමයි. මැතිවරණයක දී එය ඡන්ද බවට පත් නොවුණත් ජන හදවත් තුළ ඔහු ජීවමානයි. වත්මන් පාලකයන්ගේ වෛරී කුඩුකේඩු බවට එය සිඳලිය නොහැකියි.

:       80       17

පොඩිඑකාWednesday, 10 September 2025 03:43 PM

අනේ මැක්කෝ, ජන හදවත්වල එයාට තියෙන බැදීමේ තරම පෙන්නන්න තමයි ජනතාව ඡන්දෙදි පොහොට්ටුව හොම්බෙං යැවුවේ.

:       11       52

ගමේ එකාලාWednesday, 10 September 2025 04:06 PM

මහින්දයාට කොතරම් බැදීමක් තිබුණාද කිව්වොත්, බලයට ගේන්න ඡන්දේ දීපු අයත් මහින්දව පන්නන්න දායක වුණා. ආසියාවේ ආස්චර්‍ය දකින්ඩ ඇතිනේ...?

:       9       46

ගමේ එකාලා Wednesday, 10 September 2025 02:09 PM

නැකැත් වෙලාව එනකම් වෙන්ඩැති ඉන්නේ?

:       11       47

කෞෂි Wednesday, 10 September 2025 02:36 PM

අයිස්ලන්තයේ උප ජනාධිපති කියද්දි කරුණාකරලා ඇහුම්කන් දෙන්න.

:       11       63

උකුස්සා Wednesday, 10 September 2025 02:37 PM

මේ පාරත් මැදමුලනේ ජනේලේ එල්ලෙයිද?

:       13       53

Neel Wednesday, 10 September 2025 02:40 PM

ගෙදර බඩු ටික ඇදගන්න පොඩි ස්පොට් එකක් දෙන්න පුලුවන්ද බලන්න. බයිලා කියවන්නැතිව...

:       11       51

Nihal Dharmatileke Wednesday, 10 September 2025 03:14 PM

සුබ ගමන් මතකද න්නේ නැ ගෙදර තිබුණ තැන

:       7       23

Perera Wednesday, 10 September 2025 03:17 PM

එහෙනම් ඉතින් වැදගෙන හරි එක්කන් පලයන්කෝ කෙදිරි ගාන්නේ නැතුව

:       8       27

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 10 September 2025 03:26 PM

ඉතිං ඇයි ඕක උදේ-හවහා මතුර, මතුර ඉන්නේ. තමුන්ට විතරක් අයිති සබ්බ සකලමනාවම අරගෙන යන එකනේ තියෙන්නේ. ක්‍රියාවෙන් ඔප්පු නොකර මොකටද කියව කියවා ඉන්නේ. රජයේ සේවකයොත් පැන්ෂන් ගියහම, රජයේ නිළ-නිවාසවල ඔහොම අරක්ගෙන ඉන්නවාද?

:       7       33

chinthaka Wednesday, 10 September 2025 04:46 PM

මැදමුලනේ තවත් සුවච කීකරු නාම්බෙක්

:       3       26

Nandana Wednesday, 10 September 2025 05:30 PM

කට වහගෙන ඉන්න.

:       3       8

කපුරුහාමි Wednesday, 10 September 2025 05:56 PM

බලාපොරොත්තු වූ සුබ නැකත උදාවෙලා. දැන් යන්ඩ ලෑස්ති වෙන එක තමා හොද...

:       4       11

විපරමා Wednesday, 10 September 2025 06:19 PM

මෙච්චර කල් පස්මහ බැලුම් බල බල වෙන්ඩැති හිටියේ?

:       4       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1933 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1535 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 536 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site