
(ප්‍රසාද් රුක්මල්)
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15කට මරු කැදවා 18 කට තුවාල සිදු කරමින් අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීගොස් සිදුවු බස් අනතුරේ බස් රථ අයිතිකරු ඇල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරනයට අද (10) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ශ 2 ක ශරීර ඇප සහ රුපියල් 50000ක මුදල් ඇප මත මුදා හැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍ර්සේකර මහතා නියෝග කළේය.
ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මීට අමතරව බස් රථ අයිතිකරුට මෙම පරීක්ෂන කටයුතු සදහා පූර්ණ සහය ලබාදෙන ලෙසටත් කිසිවෙකු ට හෝ බලපෑම් නොකරන ලෙසට මහේස්ත්‍රාත් වරයා තරයේ අවවාද කර සිටියහ .
අගුනුකොලපැලැස්ස හැඩකැටිය ප්‍රදේශයේ පදිංචි කේ.ඒ.නිරෝශන් (41) නැමති පෞද්ගලික බස් රථ අයිතිකරුට මෙසේ ඇප නියම විය.
බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ , බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරි 1 උදයකුමාර , ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී කේ යූ ඩබ්ලිව් අබේගුණවර්ධන , උපපොලිස් පරීක්ෂක තෙන්නකෝන් , පොලිස් සැරයන් 75637 රත්නායක යන මහත්වරුන් පරීක්ෂන පැවත්වූහ .
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1933										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1535										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 536										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇල්ල අනතුරේ බස් රථ හිමිකරුට ඇප
Bunny Preena Friday, 12 September 2025 10:10 AM
වන්දනා හෝ විනෝදා චාරිකා යන බස්වල යෝග්‍යතාව තහවුරු කිරීම සඳහා වාහන අයිතිකරුවන් හෝ සමාගම විසින් අදාල බසය හෝ වාහනය සම්බන්ධව ධාවනයට සුදුසු යෝග්‍යතා සහතිකයක් ගමන යාමට සතියකට කලින් රටවහාන නියාමන අංශයක් සහ අදාල පොලිසියේ රථවාහන අංශයේ නියාමනයන් සහ නීතියට යටත්ව ලබාගැනීමත්, රියදුරන්ගේ මානසික සහ ශාරීරික යෝග්‍යතාවය ගැනද පරීක්ෂාවක් කර මාර්ගස්ථ අධිකාරිය සහ රථවාහන පොලිසියේ අධීක්ෂණය යටතේ සම්පූර්ණ වගකීම සහ වගවීම සහිතව තහවුරුවක් හිමිකරු විසින් ලබා දිය යුතුය. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල චාරිකා යන රියදුරන් අනිවාර්යයෙන් එවැනි ප්‍රදේශවල වාහන පදවා හොඳ අධීක්ෂණ සහිත පාලපුද්දුරු මනා සෞඛ්‍ය සම්පන්න රියදුරන් විය යුතුය.