සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් පීසීගේ නිවසේ ජීව උණ්ඩ අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේ මුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයාගේ නිවසේ සඟවා තිබූ ජීව උණ්ඩ කීපයක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් ද අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 23 February 2025
ගනේමුල්ල ඝාතනයට තවත් තුනක් සැකපිට පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 23 February 2025
මධ්‍යම කඳුකරයට පැවිල්ල සැරයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින අධික අව් රශ්මිය සහිත වියලි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වනාන්තර රැසක් මේ වන විට ගිනි ඇවිලීමේ අවදානම් තත්වයේ පවතී. 23 February 2025
පළාත් කීපයකට වැස්ස ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු - මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 February 2025
හිටපු හමුදා සෙබළ පාසලට පැන සිසුවාට ගහල හිටපු හමුදා සෙබළකු වැලිකන්දේ පාසල පැන එහි නවය වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පාසල් තුළදී, කනට පහරදීමෙන් එම සිසුවා වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබූ වැලිකන්ද පොලිසිය කියයි. 23 February 2025
චීනයෙන් නව කොරෝනා වයිරසයක් මෙම වයිරසය නම් කර ඇත්තේ HKU5-CoV-2, යනුවෙනි. මෙය ’කොවිඩ් 19’ කොරෝනා වයිරසයට බෙහෙවින් සමානය. 23 February 2025
පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට පෙනහළු ආසාදනයක් හේතුවෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගතවුණු පැය 24 දී නරක අතට හැරුණු බව වෛද්‍යවරු පැවැසූහ. 23 February 2025
EARTHFOAM වසරේ විශිෂ්ටතම කර්මාන්ත සම්මාන ලබයි කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ’’ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2024’’ සම්මාන ප්රදානයේදී වසරේ විශිෂ්ටතම මහා පරිමාණ කර්මාන්තය ලෙස EARTHFOAM PVT LTD ආයතනය සම්මාන ලැබීය. 22 February 2025
ට්‍රම්ප් සංක්‍රමණිකයන් ගැන ගත් තීරණය ඇමෙරිකාවේ නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය ඇතුළු රටවල් කීපයකට අයත් සංක්‍රමණිකයන් 299 දෙනකු පැනමාවට පිටුවහල් කිරීමට ට්‍රම්ප් පරිපාලනය පසුගියදා පියවර ගත්තේය. 22 February 2025
කොටහේනේ ඝාතනය ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ඊයේ (21) වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් බවට මූලික පරික්ෂණවලින් අණාවරණය වූ බව පොලිසිය කියයි. 22 February 2025
’නාරහේන්පිට අමිල’ යළි රිමාන්ඩ් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු යැයි කියන අමිල චන්ද්‍රානන්ද හෙවත් නාරාහෙන්පිට අමිල නමැති සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය නියම කළාය. 22 February 2025
කතරගම දෙවොලෙන් මොණරාගලට හෘද රෝග ඒකකයක් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලෙන් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. 22 February 2025
සංජීව ඝාතනයට සැක තවත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට අලුත් කඩේ අධිකරණයේ අංක පහ අධිකරණ ශාලාව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි 22 February 2025
මීනගයා දුම්රියේ ගැටී තුවාල ලැබූ අලි පැටවාද මිය යයි මීනගයා සීග්‍රගාමී දුම්රියේ ගැටී බරපතල ලෙස තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ඉතිරි අලි පැටවාද මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. 22 February 2025
සෞඛ්‍ය ඇමති -ලෝක බැංකු නියෝජිත හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය. 22 February 2025
මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තුන්දෙනෙකු වලස් මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් පැය 72 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් නවෝදා කෝකු හැන්නදිගේ මෙනවිය විසින් අද(22) දින නියෝග කරනු ලැබුවාය. 22 February 2025
සංජීවට ගම්පහ උසාවියේදී වෙඩි තබන බවට තොරතුරක් ලැබී තිබුණා සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය 22 February 2025
මන්ත්‍රී ගෙවල් කුලියත් ඉහළට? මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 22 February 2025
කැලණිවැලි මාර්ගයේ දුම්රිය 5ක් අවලංගුයි කැලණිවැලි මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද දින අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 22 February 2025
වන්දනා බසය ගිනි ගනී:අරක්කැමියා මරුට බළන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි බස් රථයක් විශ්‍රාමශාලාවක් තුල නවතා තිබියදී අද (22දා) අළුයම හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම බස් රථයේ නිදා සිටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව එම බස් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 22 February 2025
කොළඹ වරායේ වර්ජනයක් කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ සේවකයන් වැඩ වර්ජනයක් අද (22) පෙරවරුවේ ආරම්භ කළ බව වරාය වෘත්තීය සමිති පවසයි. 22 February 2025
අපේ නිල ලාංඡන භාවිත කළොත් බලාගෙනයි විජය පුවත්පත් සමාගමේ දිනපතා ඉංග්‍රීසි පුවත්පත වන ඩේලි මිරර් සහ සිංහල පුවත්පත වන ලංකාදීප යන පුවත්පත් දෙකෙහි වෙබ් අඩවිවල ඇති නිල ලාංඡන ඇතැම් පාර්ශ්ව අවභාවිත කරනු ලබන බව අප ආයතනයට දැනගන්නට ලැබී ඇත. 22 February 2025
24 වැනි දායින් පසු පළාත් කීපයකට වැසි පෙබරවාරි මස 24 වැන දින සිට ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු මැද,නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වය වැඩි වීමක් බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 February 2025
කොටහේනේ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් මරුට කොටහේනේ ඡංගම දුරකතන අලෙවි හලක් තුළදී වෙඩි තබා අයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාක දූපතේදී පොලිසියට වෙඩි තබද්දී පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරයන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බව කොටහේන පොලිසිය කියයි. 22 February 2025
තරුණ සේවා සභාවේ කෝටි 18ක් ඡන්ද වැඩට අරන් ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය. 21 February 2025
වෙඩි තැබීමකින් කොටහේනේ අයෙක් මරුට, වෙඩික්කරුත් අල්ලයි කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි. 21 February 2025
ලෝක බැංකු ආසියානු නියෝජිතයෝ අග්‍රාමාත්‍ය ලේකම් හමුවෙති ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය. 21 February 2025
’’වැලිවිට සුද්දාගේ’’ දේපල මුදා හරින්නැයි නියෝග වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බස් රථ පහක් , මෝටර් රථයක් සහ යතුරු පැදියක් අයිතිකරුවන් වෙත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් අද (21) දින නියෝග කලාය 21 February 2025
ත්‍රීරෝද රථයක් ලක්ෂ 20 ක් වෙයි පෙට්රල්වලින් ධාවනය කරන නව ත්‍රීරෝද රථයක් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් දක්වා මිල ඉහළ ගොස් තිබේ. 21 February 2025
අලුත්ගම වෙළඳසැලක ගින්නක් අලුත්ගම ඩිපෝ හන්දියේ ප්‍රාදේශීය සභා සුසාන භූමිය ඉදිරිපිට වෙළඳසැලක අද(22) රාත්‍රියේ ඇතිවුණු ගින්නකින් එම වෙළඳසැල ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි අලුත්ගමපොලිසිය කියයි 21 February 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025