IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගිනි ගත් රැජින යළි ගමන් අරඹයි

(රෝහණ චන්ද්‍රදාස)

රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රියේ ඉංජිමෙහි හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් නිසා එහි ධාවනය අද (25) උදෑසන පැය දෙකකට වැඩි කාලයක් ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

රජරට රැජන දුම්රිය අද උදෑසන 5.10 ට  අනුරාධපුර සිට බෙලිඅත්ත බලා සුපුරුදු ලෙස ධාවනය ආරම්භ කර නවනගරය දුම්රිය නැවතුම ආසන්නයේ දී එක්වරම ගිනිගැනීමක් ඇතිවිණැයි එහි රියැදුරු  ප්‍රධාන නියාමක වෙත දැනුම් දී තිබේ.

පසුව අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය දැනුම්වත් කිරීමෙන් පසු අනුරාධපුර නාගරික ගිනිනිවීම් ඒකකය කැඳවීය.

ගිනිගැනීම පාලනය කිරීමෙන් පසු රජරට රැජින ආපසු දුම්රිය ස්ථානයට රැගෙන ගෙන ගිය බව පාලක මැදිරියේ නිලධාරියෙක් පැවැසීය.

ඉන්පසු වෙනත් දුම්රිය ඉංජිමක් යොදා  පෙරවරු 7.24 ට පමණ බෙලිඅත්ත බලා යළි ධාවනය කෙරිණි.

දුම්රිය ඉංජිමට පමණක් ගින්නෙන් හානි වී ඇති බව දුම්රිය නිලධාරීහු පවසති.

 



අදහස් (2)

ගිනි ගත් රැජින යළි ගමන් අරඹයි

Lal Saturday, 25 October 2025 10:38 AM

ජෙප්පොම ගිනිතිබ්බද දන්නේ නෑ.. පුරුදු වැඩනේ...

:       11       5

de silva Saturday, 25 October 2025 02:31 PM

මේවා වසර 60 පමණ පැරණි දුම්රිය එන්ජින්, ලෝකෙම මම හිතන විදිහට මේ අවස්ථාව වෙනවිට මෙවැනි එන්ජින් 30 පමණ තමා ධාවන තත්වයේ පවතින්නේ, මේවාට අමතර කොටස් පවා නිෂ්පාදනය කරන්නේ නැහැ... ලියවන පට්ටල් වලින් ලියවලා දමපු ඩුප්ලිකේට් අමතර කොටස් තමා යොදලා තිබෙන්නේ... එම නිසා මේවා ඕනෙම අවස්ථාවක ගිනි ගන්න, කාර්මික ආපදාවලට ලක්වෙන්න පුළුවන්... අනුරාධපුරය, බෙලිඅත්ත වැනි දීර්ඝ ගමන් වලට මේවා සුදුසු නැහැ... අපේ හිටපු පාලකයෝ 2008 වසරේ සිට ශ්‍රී ලන්කන් එකේ පාඩු පියවන්න ඩොලර් මිලියන 550 කට වැඩි මුදලක් වියදම් කලත් දුම්රිය සේවය නවීකරණයට ඩොලර් මිලියන 100 වත් වියදම් කලේ නැහැ. අලුත් පාලකයෝත් යන්නේ එම මාර්ගයේම බව පෙනෙනවා.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site