කොටහේන ඝාතනයේ මහ මොලකරු මාට්ටු කොටහේන, කොටහේන විදිය ජංගම දුරකථන උපාංග වෙළඳසලේ හිමි කරුට වෙඩි තබා ඝාතනය කිරීමේ මෙරට සැලසුම මෙහෙය වූ සහ ගිනි අවිය සැපයූ පුද්ගලයා මෝදර මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 24 February 2025
අද රාත්‍රියේ සිට පළාත් කීපයකට වැසි අද රාත්‍රීයේ සිට ඉදිරි දින කීපයේදි උතුරු, උතුරු - මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 February 2025
ජනපති ධුරය අත්හරින්න සූදානම් යුක්රේනයට සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් යුක්රේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත. 24 February 2025
ජර්මන් මැතිවරණයෙන් හිටපු විපක්ෂයට ජය ජර්මන් මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමි විය. ඒ අනුව, එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන කොන්සවර්ටිව් ක්‍රිස්තියානි ප්රජාතන්ත්රවාදී සංගමයට නායකත්වය දෙන ෆෙඩ්රික් මර්ස්, ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා වනු ඇත. 24 February 2025
පාප්තුමන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවෙලා පෙනහලු ආසාදනයක් සහ ස්වසන ආබාධ හේතුවෙන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය මේ වනවිට යම්තාක් දුරකට අඩු වී ඇතැයි එතුමන්ට ප්‍රතිකාර ගබා දෙන වෛද්‍යවරු පවසති. 24 February 2025
පොලිස්පතිගෙන් කොමිසමට දොස් පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය. 23 February 2025
වෛද්‍යවරුන්ගෙන් රජයට චෝදනා වර්තමාන ආණ්ඩුව මීට පෙර පැවැති කිසිඳු ආණ්ඩුවක් නොකළ ආකාරයට අයවැය හරහා වෛද්‍යවරු දැඩි අපහසාත්මක තත්වයකට පත්කර ඇති බවත් වෛද්‍යවරුන්ගේ ද සහය ලැබූ ආණ්ඩුව වෛද්‍යවරු කබලෙන් ලිපට දමා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 23 February 2025
මෙට්ටය යට ගිනි අවි,කඩු සැඟවූ කත රිමාන්ඩ් නිදන කාමරයේ මෙට්ටය තුල ගිනි අවි උණ්ඩ සහ කඩු සඟවා ගෙන සිටියදි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද කාන්තාව 28 වනදින දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද නියෝග කළාය. 23 February 2025
මාගම් වරාය හාරයි හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ තිබිය යුතු නියමිත ගැඹුර තැනින් තැන අඩුවිම හේතුවෙන් එය හෑරීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇත. 23 February 2025
විදේශිකයනට දේශීය ආහාර වේලක් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වැඳ පුදා ගැනීමට සහ දැකබලා ගැනීමට පැමිණි එංගලන්ත ජාතිකයන් පිරිසකට ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සහ දායකයන් කිහිපදෙනකු ආගන්තුක සත්කාර වශයෙන් ඔවුනට දේශීය දහවල් ආහාර වේලක් ලබාදීමට කටයුතු කළහ. 23 February 2025
තෝරයායේ බස් අනතුරේ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර අත්හිටුවයි සිව්දෙනකුට මරු කැඳවමින් 24 දෙනකුට තුවාල සිදු කරමින් කුරුණෑගල බඩගමුව තෝරයාය සිදු වූ බස් රථ අනතුර සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් දෙදෙනාට ඇප නියම කළ කැරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා සැකකරුවන් දෙදෙනාගේ රියැදුරු බලපත්‍ර නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස මෝටර් රථ කොමසාරිස්වරයාට නියෝග කළේය. 23 February 2025
සංජීව ඝාතනයේ තිදෙනකු රඳවා ප්‍රශ්න කරනන අවසර ගනේ මුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණුවල මහතා හමුවේ කරුණු දක්වමින් අද පැවසීය. 23 February 2025
මන්ත්‍රීවරු ඝාතනය කරන හමුදාවක් පොහොට්ටුවේ නෑ අරගල කර මන්ත්‍රීවරු ඝාතනය කර ආණ්ඩු බලය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සන්නද්ධ හමුදාවක් නොමැති බවත් වැඩ කර පෙන්වා ඇති පක්ෂයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව පාලනයගැනීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 23 February 2025
සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගත් එස් අයි අත්අඩංගුවට පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් රුපියල් 650ක් වටිනා භාණ්ඩ සොරකම් කළ බව කියන පේරාදෙණිය පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (23) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 February 2025
ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වැඩි කරන්න සැලසුමක් ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 23 February 2025
පුංචි ඡන්දෙට මුදල් වෙන් කරයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 23 February 2025
කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයට සූර්ය පැනල සවිකර කරයි කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගය හරහා ගමන් කරන වන අලි දුම්රියේ ගැටීම වැළැක්විම සඳහා ගල්ඔය හා හිඟුරක්කොඩ දක්වා කොටසේ අඩි 1520 ක සූර්ය පැනල සවිකර ආලෝකමත් කිරීමට තීරණය කළ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පැවසීය 23 February 2025
ළමා අපයෝජන සම්බන්ධ මහජන පැමිණිලි වැඩි වෙයි ළමා අපයෝජන සම්බන්දයෙන් 1929 ළමා උපකාරක දුරකථන සේවාව වෙත ඉකුත් වර්ෂයේ දි (2024) ඇමතුම් 29,667ක් ලැබි තිබු අතර ඉන් මහජන පැමිණිලි වශයෙන් ඇමතුම් 7362ක් ලැබි ඇති බැව් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ 23 February 2025
කසිප්පු පෙරූ නාවික හමුදා නිලධාරියා පොලිස් දැලේ අඹගස්දොව උඩුකිද මැදවෙල ප්‍රදේශයේ නිවසක කාමරයේ නීති විරෝධි කසිප්පු පෙරමින් සිටි නාවික හමුදා නිළධාරියකු අද (23) සැකපිට අත්අඩංගුවට ගත් බව අඹගස්දොව පොලිසිය පවසයි . 23 February 2025
ගැටුමෙන් සරසවි සිසුන් තුනක් රෝහලේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පොලුවලින් යකඩ පොල්ලකින් පහරදීමෙන් තුවාල ලැබු සිසුන් තිදෙනකු අද (23) බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි 23 February 2025
ජාතික ආරක්ෂාව ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී අද පැවසීය. 23 February 2025
සිංහල-දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්රමුඛ කාරක මහා සංඝ සභාවෙන් විශේෂ ඉල්ලීමකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳව අවධානය යොමුව තිබේ. 23 February 2025
මුදල් අමාත්‍යංශයේ වාහන 176ක් අතුරුදන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා ලද තොරතුරුවලට අනුව මුදල් අමාත්‍යංශය නමින් ලියාපදිංචිකර ඇති වාහන 257න් වාහන 176 භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 23 February 2025
ඖෂධ දත්ත - පාස්පෝට් පැමිණිළි ගැන විමර්ශනයක් ඉල්ලයි ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර මිලදීගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිතිය යොමු කළ පැමිණිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. 23 February 2025
බදින තුවක්කුවක් පත්තු වී අයෙක් මරුට දෙහිඅත්තකණ්ඩිය, මුවපැටිකේවල, හුලංබඳනාගල ප්‍රදේශයේ පෞද්ගලික ගොවිපලක් තුළ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය කියයි. 23 February 2025
මහජනපීඩාකාරී යැයි කුකුළු ආහාර නිශ්පාදන හලක් වහයි පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ කුකුල් ආහාර නිශ්පාදන ආයතනයක් කිසිදු ආයතනයක බලපත්‍රයක් ලබා නොගෙන මහජන පීඩාකාරී ලෙස පවත්වාගෙන යාම නිසාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතනයේ ක්‍රියාකාරීත්වය නැවැත්වීමට නියෝග කළ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 23 February 2025
නීතී විරෝධි දුම්වැටි සමඟ ගුවන්තොටේදී අයෙක් අල්ලයි රුපියල් ලක්ෂ පහලොවක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 23 February 2025
කොළඹ-බදුල්ල බසයක ජීවපතුරොම් 123ක් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක ගමන් බෑගයක දමා සඟවා තිබූ ජීව පතරොම් 123ක් බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළේ දී සොයාගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 23 February 2025
ඉන්දූ -ශ්‍රීලංකා මගී යාත්‍රා සේවාව යළි ආරම්භ කරයි තාවකාලිකව නතර කර තිබූ ඉන්දු -ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව මාස හතරකට පමණ පසු යළි ඊයේ (22) සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. 23 February 2025
ගිනි අවි උණ්ඩ මෙට්ටයක් යටින් මතුවෙයි ගිනි අවි, උණ්ඩ සහ කඩු නිදන කාමරයේ මෙට්ටය තුළ සඟවා ගෙන සිටි කාන්තාවක් ඊයේ(22) රාත්‍රි අත් අඩංගුවට ගත් ව හබරාදුව පොලිසිය පවසයි. 23 February 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025