
(ටී.කේ.ජී.කපිල )
සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ සේවයෙහි යෙදී සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහර දුන් , එම ගුවන් යානයේ ගමන් ගත් සෞදි අරාබි ජාතිකයෙකු අද(26) අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 28 හැවිරිදි සෞදි අරාබි ජාතිකයෙකු වන අතර ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ එතැන් සිට මැලේසියාවට යාම සදහා මෙම ගුවන් යානයෙහි ගමන් කර තිබේ .
ඔවුන් අද දින උදෑසන 06.32 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට සූදානම් වෙමින් සිටියදී , ගුවන් යානය තුළ සියලුම ගුවන් මගීන් තම ආසන තුළ ආසන පටි පළදා ගෙන අසුන් ගෙන සිටීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර , එම නීතිය උල්ලංඝනය කරමින් මෙම ගුවන් මගියා පමණක් වැසිකිළිය වෙත ගමන් කිරීමට තැත් කරත්දී මෙම ගැටුම ඇති වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .
ගුවන් සේවිකාවන් විසින් මේ පිළිබද ගුවන් යානයෙහි නියමුවා දැනුවත් කිරීමෙන් පසුව , ගුවන් යානය ගොඩබැස්සවීමෙන් අනතුරුව , ගුවන් යානය අසළට පැමිණි පොලිස් නිලධාරීන් මෙම සෞදි අරාබි ජාතිකයා අත් අඩංගුවට ගෙන තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් දැක්ක ගුවන් සේවිකාවන්ට හොදට නෙලනවා
වැසිකිළි යාමේ හදිසි අවස්‍යතාවයක් තියෙන්නත් ඇති. ගුවන් සේවිකාවන්ට පහරදීම නම් වැරැද්දක්...
සෞදි යනු සතුන්ගේ රටක්...
ශරියා නීතියෙන් දඩුවම් දෙමු.
හදිසි ගොඩබෑමක් නොවන නිසා, ඒ මනුස්සයාව දැනුවත් කරලා තමන්ගේ කාර්යය කර ගන්න යවන්න තිබුණා. අපරාදේ නෝනලා දෙන්න ගුටි කෑවේ...
ඒ වගේ අවස්තාවකදී හදිසි අවශ්‍යතාවයකට මිසක්, සෙල්ලම් කරන්න ටොයිලට් එකට කවුරුත් යන්නේ නැහැනේ.. අනික, අනෙක් මගීන්වත් අපහසුතාවයට පත් නොකර තමන්ගේ ශරීර කෘත්‍යය කරගැනීම වරදක්ද..? ඇතිවී තිබෙන තත්වය කළමනාකරණය කර ගන්නවා වෙනුවට, පොතේ හැටියට නීති ක්‍රියාත්මක කරන්න යන්න ඇති.. මේ අය හිතාගෙන ඉන්නේ සෞදියට ගිහින් ඉන්න ලංකාවේ අය වගේ තමයි සෞදි ජාතිකයෝත් කියලා වෙන්න ඇති. තමන්ගේ රටේ මිනිස්සුත් කීයක් හරි හොයාගෙන බඩ ගොස්තරය රැක ගන්නෙත් ඒ ජාතිකයින්ටත් පින්සිද්ධ වෙන්න කියලා හිතාගත්තොත් හොඳයි.