IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නාය යන තැන් ’’ හයිය’’ කරන්න වැඩක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

ස්ථායීකරණ ලද නායයෑම් අවදානම් ස්ථාන ප්‍රතිස්ථාපනය හා නඩත්තු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගත් ස්ථාන වල නායයෑම අවදානම් තත්ත්වයන් අවම කිරීම සඳහා අවදානම් බෑවුම් ස්ථාවර කිරීමේ විවිධ ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ඒ අනුව, පසුගිය වසර 10 ක කාලයේ නායයාම් අවදානම් ස්ථාන 250කට ආසන්න සංඛ්‍යාවක් ස්ථාවර කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් වැය කරනු ලැබ තිබේ. 

ස්ථාවර කරන ලද නායයෑමක දීර්ඝ කාලීන ස්ථායීතාව රඳා පවතින්නේ භූගත සහ මතුපිට ජලවහන රටාව කළමනාකරණය සඳහා ගන්නා ක්‍රියාමාර්ග අනුව වේ. නිසි නඩත්තු කිරීමකින් තොරව භූගත සහ මතුපිට ජලවහන රටාව කළමනා කරණය නොකිරීම තුළින් ස්ථාවර කරන ලද ස්ථානයන් නැවත අස්ථාවර තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතී. එබැවින්, ස්ථාවර කරන ලද නායයෑම් ස්ථානයක සිදු විය හැකි එවැනි අස්ථාවර තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා නිසි පරිදි නඩත්තු කටයුතු සිදු කිරීම අනිවාර්ය වේ. 

මේ සඳහා අදාළ පාර්ශ්වකාර ආයතන වෙත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබ ඇති නමුත්, එම ආයතන විසින් නිසි පරිදි නඩත්තු කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ස්ථායීකරණ ලද ස්ථාන අස්ථායී වීමේ තර්ජන මතුව ඇත. එම තත්ත්වය හේතුවෙන් ඇති විය හැකි අවදානම් වලක්වා ගැනීම පිණිස ' ස්ථායීකරණ ලද නායයෑම් අවදානම් ස්ථාන ප්‍රතිස්ථාපනය හා නඩත්තු කිරීම' යනුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සැලසුම් කරනු ලැබ ඇති ව්‍යාපෘතියක් සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබී ඇත. එම ව්‍යාපෘතිය 2026 - 2030 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

 



අදහස් (0)

නාය යන තැන් ’’ හයිය’’ කරන්න වැඩක් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site