IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොළඹ පවුල් 370කට වැසි ආපදා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


මේ දිනවල පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් දොළහක පදිංචි පවුල් තුන්සිය හැත්තෑවක පුද්ගලයින් එක් දහස් හාරසිය පස් දෙනෙකු අද  (26)  වනවිට  ආපදාවට ලක්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි.

ඉන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ තිබිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 231  පුද්ගලයින් 781 කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවුල් 53 පුද්ගලයින් 308 හා මොරටුවෙ පවුල් 39 පුද්ගලයින් 150 බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටී.

ඉකුත් දින කිහිපය පුරා දිවයිනට බලපාන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සීතාවක තිඹිරිගස්යාය කඩුවෙල කොළඹ මහරගම දෙහිවල කැස්බෑව රත්මලාන කොලොන්නාව මොරටුව සහ හෝමාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12  ග්‍රාමසේවා වසම් 57 ජල ගැලීම් , සුළි සුළං , පස් කඳු , කඩා වැටීම් , නාය යාම් , අකුණුසැර වැදීම් ඇතුලු  ආපදා රැසකට මුහුණපා තිබූණි.

එහිදී කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර දිස්ත්‍රික්කය පුරා තවත් නිවාස 58 අර්ධ හානියට ලක්ව තිබේ. එහිදී වැඩිම හානියක් සිදුව ඇත්තේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට වන අතර එය නිවාස 11  බව කියා සිටී.

නිවාස වලට වූ හානි පූරණය කිරීම සදහා  වන්දි තක්සේරු කිරීම (27) සදුදා සිට ආරම්භ කරන බව පැවසේ.

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 33 දෙනෙකු මොරටුව සහ තිඹිරිගස්යාය ප්‍රදේශවල පිහිටා ඇති සුරක්ෂා මධ්‍යස්ථාන 03 රැදී සිටින අතර ඔවුන්ට අවශය පහසුකම් ආහාර හා වෛද්‍ය පහසුකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් හා එම ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු හරහා ලබා දෙමින් සිටින බවත් මෙම ආපදා තත්ත්වය ඉදිරියටත් පැවතිය හොත් ඊට මුහුණ දීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා වැඩිදුරටත් කියා සිටී.


 



අදහස් (0)

කොළඹ පවුල් 370කට වැසි ආපදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site