
(සුජිත් හේවාජුලිගේ)
තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස ලබාදුන් ඇතින්නියන් දෙදෙනා සම්බන්ධයෙන් පූර්ණ සොයා බැලීමක් කිරීමට පශු වෛද්‍ය කමිටුවක් පත් කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය
තායිලන්ත රජයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු තායි රාජා ඇතින්න සහ කණ්ඩුල ඇතින්න නැවත එරටට ලබා ලබාගන්නා බවට මාධ්‍ය වාර්තා පළ වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
එම කමිටුවට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සහ පරිසර අමාත්‍යාංශයේ පශු වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් ඇතුළත් වෙති.
තායි රාජා ඇතින්න දළදා මාළිගාවේ ඇත් පන්තියේ සිටින අතර කණ්ඩුල ඇතින්න කැලණිය රජ මහා විහාරය භාරයේ පසුවන්නීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකුත් දන්නෙ නැති තොත්ත බබ්බු....අනේ නිකං ඉඳහන් පච කෙලින්නෙ නැතුව...
තායිලන්තයේ ගෙනාව ඇතුන් දෙදෙනා ගැන විතරක් නොවෙයි ලංකාවේ සියළුම හීලෑ අලි ඇතුන් ගැන හොයා බලන්න කමිටුවක් පත් කරන්න. එ වගේම අලි ඇතුන් හිමියන්ට හා ඇත්ගොව්වන්ට අලි ඇතුන් සම්බන්ධයෙන් ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව ප්‍රඤප්තිය හදන්න...