
(සුජිත් හේවාජුලිගේ)
මෙයා පමා වෙලා ආපු ආණ්ඩුවක් යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
මේ ආණ්ඩුව මීට කලින් ආවේ නම් පාතාලය අද සම්පූර්ණයෙන්ම අවසන් බව පැවසූ අමාත්‍යවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නොවුණා නම් ඔය කුඩු අල්ලාවි දැයි ප්‍රශ්න කළේය.
එසේ නොවුණා නම් පාතාලය හොඳට සෙල්ලම් දමාවි යැයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටවල් නම් තියෙනවා... හැරුණු හැරුණු පැත්තට කතා කරන්න. කෙරුවාවල් ගැන දැනගන්න පුලුවන් රැලම ගෙදර ගියාම...
මාස 11 ඇතුළත මාළිමා ආණ්ඩුව කටයුතු කරන ආකාරය අපි දුටුවා. හිටපු බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් වලට වඩා දහස් ගුණයක් හොදයි. අපේ රටට යහපතක්ම වේවා... අපි සැමදා ඔබ සමගයි...
කතාකරන්න කළින් හිතන්න.
වත්මන් රජයේ විහිළු සපයන්නන් අතර මුල් පෙලේ කෙනෙක් වන ඔබගේ විහිලු කතාවට එකග වෙමි.
පමා වෙලාහරි ආපුඑක නම් වාසනාවක්. නැතිනම් වැඩ වර්ජන, උද්ඝෝෂණ, තර්ජන ගර්ජන, කඩාකප්පල්කාරී ක්‍රියා ඉවරයක් නැතුව අත්විඳින්න තිබුණා...
අමෝ අමෝ.. ආවේ හොඳම කාලේ. රටේ එහෙමකට ප්‍රශ්නයක් නැහැ. තිබුණු එකම කරදරේ වැඩවර්ජන. ඉස්කෝල, ඉස්පිරිතාල, කෝච්චි ඔය කොයි එකෙත් තිබුණේ තමුන්නැහැලා කරපු වැඩවර්ජන. ආයෝජකයෝ, ව්‍යාපාරිකයෝ ඔක්කෝටම තමුන්ලා වර්ජන තර්ජන කරගෙන, කප්පම් අරගෙන ඒ අයව අල්ලේ නටව නටවා හිටියේ ජවිපෙ තමුන්ලා. දැන් අවුරුද්දක් තිස්සේ නාන නෑමේ හැටියට එල්ටීටීඊ යුද්ධය තිබුණු කාලේ එහෙමත් නැත්නම් කෝවිඩ් වසංගත කාලෙ තමුන්නාන්සේලා බලයේ හිටියා නම් බුදු අම්මෝ රටට යන කලදවස ගැන හිතන කොටත් බයයි...
මේක රටේ දියුණුව පමා කරන්න ආපු ආන්ඩුවක්. ආර්ථික වර්ධන වේගය දිහා බැලුවම ඒක ඔප්පු වෙනවා. කුඩු අල්ලනවා අයිස් අල්ලනවා පාතාලේ මර්ධනය කරනවා කියන ඒවා ආරක්ෂක අංශ වල දක්ෂතාව නිසා හැමදාම කෙරුනු දේවල් මිසක් මේ ආන්ඩුව කිසි ලෙසකින් ඒවාට කැමති බවක් පෙන්නුවේ නෑ කන්ටේනර් 323 ක ඔය කියන දේවල් ඇති කියද්දිත් නිදහස් කරන්න අණ දීමෙන්. මේ පමාව ආපසු හරවන්න නම් බැරි පමාවක් කියලා ඔප්පු වෙයි 2028 දී ණය ගෙවන්න පටන් ගත්තාම.
ඔහෙත් මිද්දෙණියේද? බෙහෙත්, තෙල්, පෙට්‍රල් නැතිව ඔහෙත් කලබල වෙලා ... පෝලිමේ ඉන්නවා දැක්කා... යන්තන් මහත්තයා ගොඩදැම්මා. මාස 4කට පස්සේ තමයි IMF ආවේ... වස්තු භංගත්වයට පත් කළේ ඔහෙලගේ ආණ්ඩු ඔහේ ළගදී ගියයි හත්වලාමේ...
වසන්තය පමා වෙලා ආවාට සමහර චෞරයින්ට ඒ සමග සිර බිය දැනිලා හොදටම...