
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සඳහා වූ අන්තර්කරණ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ගේ සංඛ්‍යාව පසු ගිය දශක කිහිපය තුළ ඉහළ ගොස් ඇත. ඒ අනුව, පැන නැගී ඇති අභියෝග වලට මුහුණ දීම පිණිස දිස්ත්‍රික්ක 25 පුරාම ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිතදරුවන් සඳහා සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සේවා පහසුකම් වැඩි දියුණු කිරීමට පස් අවුරුදු ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය සැලසුම් සකස් කර ඇත.
එහි මූලික පියවරක් ලෙස ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කිරීම වෙනුවෙන් 2025 අයවැය මඟින් රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන සලසා දී තිබේ. එම ව්‍යාපෘතියට අමතරව, දිස්ත්‍රික්ක 25 ම එම රෝගය සම්බන්ධයෙන් මැදිහත් වීම ව්‍යාප්ත කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. යෝජිත ව්‍යාපෘතිය පහත සඳහන් ප්‍රධාන සංරචක 03 කින් සමන්විත වේ;
* දිස්ත්‍රික් මට්ටමින් ළමා සංවර්ධන සහ මැදිහත්වීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම.
*පළාත් මට්ටමින් ප්‍රජා ළදරු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම.
* දිස්ත්‍රික් මට්ටමින් ධාරිතා වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
ඒ අනුව, එම ව්‍යාපෘති සංරචක 2025-2027 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සම්බන්ධයෙන් මැදිහත් වීම ව්‍යාප්ත කිරීම සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඔටිසම් දරුවන් වෙනුවෙන් රට පුරා ව්‍යාපෘති තුනක්