මිද්දෙණියේ පියා, දියණිය සහ පුතු ඝාතනයට තුනක් සැකපිට මිද්දෙනිය කඩේවත්ත හන්දියේදි සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි. 21 February 2025
අර්චුනා ගැන කමිටු වාර්තාව ආචාර කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 February 2025
වත්තලට ගෙනත් වෙඩි තබා මරලා උස්වැටකෙයියාව මෝගන් වත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 21 February 2025
‘‘ලෙජර් බ්ලොක්‘‘ මෙරට නියෝජිතයාට රටින් පිටවීම තහනම් ශ්‍රී ලාංකිකයන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළේ යැයි කියන මැලේසියාවේ සිට මෙහෙය වූ ලෙජර් බ්ලොක් (Ledger Block) මහා පරිමාණ පිරමීඩාකාර ජාවාරමේ දේශීය නියෝජිත කුරුණෑගල සමන්ත ගුණතිලකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (20) නිකුත් කළාය. 21 February 2025
මන්ත්‍රී ආරක්ෂාව ගැන කතානායක පොලිස්පතිට දන්වයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම වැඩ බලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 February 2025
මාලදිවයින ගොඩ ගන්න ලංකාවෙන් පාඩම් ඉගෙන ගන්නවා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් (Abdulla Khaleel) මහත්වරුන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණි. 21 February 2025
නිට්ටඹුවේ නිවසක යුවළක් කපා කොටා දමා ගිහින් නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක පිරිමියකු සහ කාන්තාවකට තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නිට්ටුඹුව පොලිසිය කියයි. 21 February 2025
කොළඹ- මඩකලපුව දුම්රිය ධාවනය යථාතත්වයට මීනගයා සීග්‍රගාමී දුම්රියේ වන අලි ගැටීම හේතුවෙන් පීලි පැන තිබූ එම දුම්රිය එන්ජිම පීලිගත කොට අද (21) උදේ සිට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 21 February 2025
පිරමිඩ ජාවාරමේ මෘදුකාංග ඉංජිනේරුවා රැගෙන එයි ඔන්මැක්ස් ඩී.ටී. තහනම් පිරමීඩ යෝජනා ක්‍රමය ආරම්භ කිරීම, එහි වෙබ් අඩවිය නිර්මාණය කිරීම සහ එම යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සිදු කළ , ප්‍රධාන සැකකරු ගයාන් චාමර වික්‍රමතිලක නැමැති අද අලුයම දිවයිනට රැගෙන ආවේ. 21 February 2025
ඊශ්‍රායලයේ බස් රථ තුනක බෝම්බ පිපිරේ ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට දකුණු දෙසින් බාට් යාම් නගරයේ බස් රථ තුනක් පුපුරා ගියේය. 21 February 2025
එෆ්.බී.අයි. ලොක්කා ඉන්දීය සම්භවයක් ඇති කාෂ් කටෙල් ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවකු වන කාෂ්‍යප් (කාෂ්) පටෙල් ඇමෙරිකන් එෆ්.බී.අයි. ෆෙඩරල් විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණි. 21 February 2025
බූස්ස බන්ධනාගාර සිරකුටියකින් දුරකතන ඇතුළු උපාංග රැසක් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවන් රඳවා සිටින සිරකුටියක තිබී ජංගම දුරකථනයක් ඇතුළු උපාංග රැසක් සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 21 February 2025
අද කාලගුණය ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 February 2025
පැය 24 පාස්පෝට් සේවය ගැන නිවේදනයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැය 24 එක් දින සේවා විදේශ ගමන් බලපත් සැපයීම පිළිබඳව ආගමන විගමන පාලක ජනරාල්(වැඩ බලන) බී.එම්.ඩී නිලූෂා බාලසූරිය මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබේ. 21 February 2025
වනඅලි දුම්රියේ ගැටීම වළක්වන්න රජයෙන් ක්‍රියාමාර්ග ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසල දී දුම්රියේ ගැටී වන අලීන් 6ක් මේ එයා මේ සිද්ධියත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර කීපයක් ගැනීමට බලධාරීහූ අද (20) පස්වරුවේ තීරණය කළහ. 20 February 2025
ඇමරිකානු තානාපතිනිය සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක් ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද(20) වන දා පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය. 20 February 2025
ලලිත් ජයසිංහට වසර හතරක සිරදඬුවම් ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් ’’ ස්විස් කුමාර්’’ නැමැත්තාට පැනයාමට උපකිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරුවූ හිටපු උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ නැමැත්තාට වසර හතරක බරපතල වැඩසහිත සිරදඬුවම් සහ මුදලින් රුපියල් 50000ක දඩමුදලක් ගෙවන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. එම් මිහාර් මහතා නියම කළේය. 20 February 2025
සංජීව ඝාතකයන් සමග සබඳතා පැවැත් වූවැයි පී.සී අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තබා ඝාතනයට අදාළව මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 20 February 2025
පාතාලය අවසන් කරනවා ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශන වලින් හෙලිවන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. 20 February 2025
පොලිතීන් - ප්ලාස්ටික් හානි වළක්වන්න අලුත් වැඩක් පොලිතීන් සහ ප්ලාස්ටික්වලින් වන පරිසර හානිය වැලැක්වීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සමඟ එක්ව මධ්‍යම පරිසර අධිකාරිය වැටලීම් තිව්ර කිරීමට පියවර ගෙන තිබේ. 20 February 2025
සංජීව ඝාතකයා,රියැදුරා පැය 72 රඳවා ප්‍රශ්න කරයි අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබූ හිටපු කොමන්ඩො සෙබළ සැකකරු සහ ඔහුට පලායාමට සහය දුන් රියදුරු ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය. 20 February 2025
වල් අලි ප්‍රහාරයකින් එජාප සංවිධායක මරුට එක්සත් ජාතික පක්ෂයේ සේරැවිල ආසනයේ සම සංවිධායක ආර්.එම්. සාලිය රත්නායක මහතාට මොරවැව, නාමල්වත්ත පාරේ නිවස අසලදී එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව මොරවැව පොලිසිය කියයි. 20 February 2025
ගාල්ලට වතුර දෙන්න ආසියා සංවර්ධන බැංකුවේ කැමැත්ත ගාල්ල නගරයේ ජල සම්පාදන යෝජනා ක්රමයෙහි ආදායම් නොලබන ජල පරිභෝජනය අඩු කිරීම සහ කළමනාකරණය කිරීම පිණිස පුද්ගලික අංශයේ සහභාගීත්වයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2025
අවුරුදු හතරක් නොගෙවූ සාමාජික මුදලක් ගෙවන්න යයි ආසියානු හා ශාන්තිකර කලාපයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ (CIRDAP) සාමාජිකත්වය අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2025
මෙහෙකාර කත රැවටූ අයෙක් අත්අඩංගුවට නිවසේ මෙහෙකාර සේවය කළ 63 හැවිරිදි කාන්තාවක රවටා හෝටල් කාමරයකට කැටුව ගොස් රන්මාලය සහ ජංගම දුරකථනය සහිත අත්බෑගය සොරකම් කළ 42 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි. 20 February 2025
අඩන්තේට්ටම් වන කතුන්ට රට පුරා රැකවරණ ගෙවල් හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන් සඳහා ආරක්ෂාව සැලසීම සඳහා වූ තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය සම්බන්ධයෙන් පියවර ගැනීමට කැබිනට අනුමැතිය ලැබී ඇත. 20 February 2025
ලංකා-කොරියා සරසවි ගිවිසුමක් අධ්‍යාපන සහයෝගීතාව සඳහා කොළඹ විශ්ව විද්‍යාලය සහ කොරියා ජන රජයේ ජාතික කොරියා සමුද්‍රීය හා සාගර විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය නෙමී ඇත. 20 February 2025
ජාතික ගමනාගමන පනත සංශෝධනයට ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 February 2025
ත්‍රස්තවාදය මඩින්න තද නීතියක් හදන්න කමිටුවක් ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමිතිය ලැබී ඇත. 20 February 2025
මන්ත්‍රීවරියන්ගෙන් කතානායකට පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදුවී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස සියලුම මන්ත්‍රීවරියන්ගේ අත්සනින් යුතු පැමිණිල්ලක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ඊයේ( 19) බාරදී ඇත. 20 February 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025