IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජලාශ උතුරයි : වාරිමාර්ගයෙන් රතු එළියක්

(සුජිත් හේවාජුලිගේ)

අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කැලණි, අත්තනගලු, ගිං, බෙන්තර ආශ්‍රිතව  මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවත්  වර්ෂාපතනය හමුවේ වැඩිම බලපෑම සිදුව ඇත්තේ කළු ඟග ආශ්‍රිතව බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි

ඒ අනුව කළු ගඟේ   ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද   වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, මිල්ලකන්ද, ඇල්ලගාව, ප්‍රදේශයන් හී ජල මට්ටම් වැඩි වීමක් නිරීක්ෂණය වී ඇති නමුත්  එය ගංවතුර තත්ත්වයක් දක්වා පැමිණේ යැයි අපේක්ෂා නොකරන බවද  දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විශේෂයෙන්ම ජලාශ ආශ්‍රිතව ජීවත්වන ජනතාව පරිස්සම් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

ගාල්ල, මාතර, කළුතර‍‍, කොළඹ, නුවර, සහ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයන්ටඅධික වර්ෂාපතනයක් ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (2)

ජලාශ උතුරයි : වාරිමාර්ගයෙන් රතු එළියක්

de silva Saturday, 25 October 2025 01:55 PM

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැසි සමය ආරම්භ වෙන්න කලින් ප්‍රධාන ගංගාවල මෝය කටවල් එහෙම සුද්ද කරගෙන අවශ්‍ය පියවර ගන්න ඕනේ... නමුත් හැමදාම මේ නිලධාරීන්ට මෙවැනි කටයුතු සිදු කරන්න මතක් වෙන්නේ වැහැලා ගංවතුර ගලලා මිනිසුත් අවතැන්වෙලා ජීවිත සහ දේපල විනාශ වුණාට පස්සේ..., පායන කාලේ ගඟ වල තිබෙන පොලිතීන්, ලීකොට සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් කරගන්න ඕනේ, සමහර බක පණ්ඩිතයෝ කියාවි පායන කාලෙට මෝය කට කැපුවාම ගංගාවල වතුර අඩු නිසා මුහුදෙන් ලුණු වතුර ගගට එනවා කියලා, එහෙම නම් අවසාන කොටස පමණක් ඉතුරු කරලා තබන්න... එහෙම කරහම වහිනකොට පැය කිහිපයක් ඇතුළත බැකෝ එකෙන් මෝයකට පාදගන්න පුළුවන්...

:       0       4

R.T.sartah Saturday, 25 October 2025 07:36 PM

සිල්වාගේ අදහස මමත් අනුමත කරනවා. අවශ්‍ය ප්‍රමණයට වැඩිය 3 ගුණයක් රජයේ නිලධාරියෝ හිටියට මේවගේ වැඩ වලදී ඒ ගොල්ල ෆේල් , මේ රජයේ නිලධාරීන්ගේ කිසිම සූදානමක් නැහැ. සමහරු කැමැති මෙවැනි ගන් වතුර අපදා ඇති වෙනවට, ඔවුන්ට හදිසි මිලදී ගැනීම් වලදී කොමිස් ගහන්න පුලවන් නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site