
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ සුළු සුළු අඩුපාඩු පවා සෙවූ පක්ෂය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට අපරාධ නඩු හයක් තිබියදීත් එම අපේක්ෂක ධුරය දුන්නේ කෙසේ දැයි පළාත් පාලන නියෝජිතයන් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.
මීට වගකිව යුතු බව කියන පක්ෂ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවද එම පිරිස දැනුම්දී ඇත.
ලස්සන්ත වික්‍රමතුංග මහතාට එරෙහිව නඩු හයක් තිබූ බවත් මත්කුඩු සම්බන්ධ නඩුවකට ඔහුට අත්හිටවූ සිර දඬුවම් පවා නියමව සිටි බවත් ඔවුහු පෙන්වා දෙති.
වික්‍රමසේකර මහතාට පළාත් පාලන අපේක්ෂකත්වය දීමේදී මෙම නඩු සම්බන්ධයෙන් දැන නොසිටියේ යැයි පිළිගත නොහැකි බව පවසන එම පළාත් පාලන නියෝජිතයෝ මේ සම්බන්ධයෙන් පක්ෂය විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද අවධාරණය කරති.
එසේම මෙම කාරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායකයා හමුවී සාකච්ඡා කිරීමටද එම නියෝජිතයෝ බලාපොරොත්තු වෙති.
මේ සම්බන්ධයෙන් අප පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් දුරකථනය ඔස්සේ කරුණු විමසීමට උත්සාහ දැරුවද ඔහු ඊට ප්‍රතිචාර නොදැක්විය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැලිගම සභාපතිට ’’කාඩ්’’ එක දුන්නාට සජබ ඇතුළේ නොසතුටින්
Nimal 1 Saturday, 25 October 2025 10:29 AM
මේ අය ඔක්කොම පාතාලයේ දාමරිකයෝ
මාලිමා ලොජික් Saturday, 25 October 2025 11:02 AM
සජියට හිතෙන්න ඇති මාලිමාවේ 60000ක් මරලා පූස් පැටව් වගේ හිටපු එකේ ඔය පොඩි නඩු තියෙන එකෙක්ට ප්‍රාදේශීය සභා දුන්නාම මොකද කියලා...
මෙත්-මල්Saturday, 25 October 2025 08:19 PM
මාලිමාවේ නෙවේ වැරදිලා. වැඩේ දුන්නේ ජේවීපී 60,000කට විතර. ටපලගන්න එපා.
C.K.Lankaputhra Saturday, 25 October 2025 11:03 AM
ඒකට මැද්දුම බණ්ඩාගේ පූට්ටු වෙලා ඇති, ඒකයි උත්තර නොදෙන්නේ.
ගෝනවල වලව්වේ සුනිමල් Saturday, 25 October 2025 11:10 AM
මීට වඩා වෙනස් ක්‍රමේකට මේ අය වැඩ කරන්න දන්නේ නැහැ. උපන්ගෙයි වැරැද්ද. ලොකුම වැරැද්ද තියෙන්නේ තාමත් මුං ඇවිල්ලා රට හදයි කියන මෝඩ ඡන්ද දායකයින්ගේ...
ලයන් Saturday, 25 October 2025 12:33 PM
මෙහෙම මිනිසුන් සජබේ ඉන්නවා දැකීමත් සතුටක්...
ලක් අම්මා Saturday, 25 October 2025 01:47 PM
හොන්ද වැඩේ ස.ජ.බ.ට වුනේ...? ළාමක ටින් ටින්ගේ දැනුමේ තරම පේනවා.
tissa Saturday, 25 October 2025 03:57 PM
දැන් පක්ෂ ලේකම්ගේ යම් ස්ථානයක් පූට්ටු වී ඇති බවක් පෙනේ...
රනේ Saturday, 25 October 2025 04:50 PM
නායක තුමාගේ කේස් එක්ක බලනකොට ලැසීට තිබුනෙ සුළු සුළු ප්‍රශ්න වෙන්ටැ ?