බත් පතේ හෙරොයින් සඟවාගෙන බන්ධනාගාරයට ගිය අයෙක් අත්අඩංගුවට හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සිය බිරිඳ බැලීමට බත් පාර්සලේ සඟවා හොරොයින් මිලිග්‍රෑම් 4220 ට අධික ප්‍රමාණයක් බන්ධනාගාරය තුළට යැවීමට උත්සහ කළ පුද්ගලයෙක් බන්ධනාගාරය අසලදී අත්අඩංගුවට ගත්බව කෙසෙල්වත්ත පොලිසිය කියයි. 13 September 2018
භික්ෂුන් වහන්සේලාට රක්ෂණ ක්‍රමයක් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය. 13 September 2018
වෙල්ලස්සේ ඉඩම් අයිතිය ඉල්ලා ලෙයින් පෙත්සමක් සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් සමාගමට වෙල්ලස්ස ප්‍රදේශයේ ඉඩම් අක්කර 62 500 ක් උක් වගා කිරීමට බදු දීමේ සූදානමක් ඇතැයි ද රජය එමගින් ගොවි ජනතාවගේ ගොවි බිම් කොල්ලකෑමට උත්සාහ කරන්නේ යැයි ද ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ චෝදනා කරයි. 13 September 2018
මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනා නිදොස් කොට නිදහස් කරයි ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනකුට එරෙහිව හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පවරා තිබු නඩවුක් විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුවෙන් විත්තිකරුවන් පස් දෙනා නිදොස් කොට නිදහස් කරන ලදී. 13 September 2018
රක්වානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට රක්වාන උතුරු පනාපිටිය කහවත්ත ප්‍රෙදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගිය බව පොලිසිය පවසයි. 13 September 2018
ඌව සබේ ස්වාධීන මන්ත්‍රීවරයකු මේසය මත නැගී විරෝධයක ඌව පළාත් සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන අතරතුර අද (13) පළාත් සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වන චමින්ද ජානක තිස්සකුට්ටිආරචිචි මහතා සභාවේ කතා කිරීමට තමන්ට මයික්රෆෝනයක් නැතැයි කියා සභා ශාලාව තුළ මේසයක් මත නැගී විරෝධය පල කළේය. 13 September 2018
රට රැකියා දෙනවැයි කියා මුදල් වංචා කළ පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි අනුව පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 13 September 2018
කර්නල්වරයකුගේ මෝටර් රියකින් භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට වැලිකන්ද යුද හමුදා කඳවුරේ ලුතිනන් කර්නල්වරයකුට අයත් නිල මෝටර් රථයකින් සොරකම් කරන ලද නාන කාමර කට්ටලයක් රැගෙන ගිය යුද සෙබළ රියදුරු හා පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසයි. 13 September 2018
සබරගමු මහ සමන් දේවාලයේ පෙරහර 16 වැනි දා ඇරැඹෙයි ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ මහ පෙරහරේ දේවේලේ පෙරහර මේ මස 16 වැනි දා වීදි සංචාරය අරඹන බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසීය. 13 September 2018
දෙසැම්බරයේ සිට වැලි තොටුපොළ නම් කෙරේ ලබන දෙසැම්බරයේ සිට ගංඟාවන්හි වැලිගොඩ දමන ස්ථානයන් නම් කිරීමට වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. 12 September 2018
බේරුණු ධීවරයා බිහිසුණු මොහොත ගැන විස්තර කරයි ‘‘බෝට්ටුව නැවේ හැප්පුණු ගමන් මං විසිවෙලා මුහුදට වැටුණා. උදේ 10.00 වෙනකම් බොට්ටුවේ එල්ලිලා හිටියා‘‘ යැයි මලිදුපුතා බහුදින යාත්‍රාව නැවක හැපීමෙන් සිදු වූ අනතුරෙන් දිවි බේරාගත් එකම ධීවර කාර්මිකයා වන (26) හැවිරදි එරන්ද පුෂ්පකුමාර සිද්ධිය පිළිබඳ කීවේය. 12 September 2018
කැබිනට් මණ්ඩලයේ හදිසි හමුවක් හෙට කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. 12 September 2018
‘‘මීතොටමුල්ල ඛේදවාචකයට වගකිවයුතු අයට තවම දඬුවම් දීල නෑ‘‘ - පාඨලී මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයට වගකිවයුතු කිසිවකුටත් දඬුවම් දී නැතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. 12 September 2018
ඇපල්වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් තරුණයකුට තුවාල මාලිගාවත්ත පොලිස් වසමේ ‘‘ලක්සෙත සෙවන‘‘ මහල් නිවාස ආසන්නයේ ඇපල්වත්ත ප්‍රදේශයේදී නාඳුනන යතුරුපැදිකරුවන් දෙදෙනකු විසින් තැබූ වෙඩි තැබීමකින් 23 හැවිරිදි තරුණයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය. 12 September 2018
අපි කුණු කඳු තුනකින් ගොඩ ආවා - ජනපති ගිය ආණ්ඩුව හදපු කුණු කඳු තුනක් අපේ ඇඟට කඩා වැටුණා.අපි ඒ කුණු කඳු තුනෙන්ම ගොඩට ආවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 12 September 2018
අඟුලානේදී දුම්රියක ගැටී කුඩා දරුවකු මරුට අඟුලාන - සයුරපුර මහල් නිවාස සංකීර්ණය අසල ඇති අනාරක්ෂිත දුම්රිය මාර්ගය අසලදී අද (12) දුම්රියක ගැටී කුඩා දරුවකු මියගිය බව අගුලාන පොලිසිය කියයි. 12 September 2018
20 ට එරෙහි ගම්මන්පිලගේ පෙත්සම් විභාගය කල් යයි ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතීයට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ගොනු කළ විශේෂ පෙත්සම වැඩිදුර විභාගය හෙටට (13) කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12 ) තීන්දු කළේය. 12 September 2018
ධීවර යාත්‍රාවකින් මෙරටින් පිටවීමට තැත්කළ 90 දෙනා රිමාන්ඩ් ප්‍රංශයේ රියුනියන් දුපත බලා බහුදින ධීවර යාත්‍රාවක නැගී මෙරටින් පිටවීමට තැත්කළැයි නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත් මීගමුව ප්‍රදේශයේ පුද්ගලයින් 90 දෙනා ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය නියෝග කළාය. 12 September 2018
තේ වලට සීනි මිශ්‍ර කිරීම ගැන කළ විමර්ශන අතරමග තේ නිෂ්පාදනයේදී සීනි හා ග්ලූකෝස් මිශ්‍ර කරන බවට චෝදනා එල්ල වූ තේ කම්හල් සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින් ආරම්භ කළ විමර්ශනය අතරමග නතර වී ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 12 September 2018
ශ්‍රී ලංකා ගුවන් සමාගම කජු භාවිතය වහාම නවත්වයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බරපතල චෝදනාවකට ලක්වු ශ්‍රී ලංකා ගුවන් සමාගම මගින් ලබා දුන් ‘කජු‘ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට එම සමාගම තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් ලංකාදිපයට පැවැසීය. 12 September 2018
71 වැනි නිදහස් සැමරුම සංවිධානයට අගමැති ප්‍රධානත්වයෙන් කමිටුවක් මෙරට 71 වැනි නිදහස් දින උළෙලෙහි කටයුතු සංවිධානය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුත් අනුකමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 12 September 2018
බහුදින යාත්‍රාවක් නැවක හැපී ධීවරයින් සිව්දෙනෙක් මරුට බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් නැවක හැපී අනතුරට පත්වීමෙන් එහි සිටි ධීවරයින් හතර දෙනෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්වී ඇතැයි වරාය පොලිසිය පවසයි. 12 September 2018
අග්නිදිග ආසියානු ජාතින් සඳහා වන ලෝක ආර්ථික සමුළුව ඇරැඹෙයි අග්නිදිග ආසියානු ජාතින් සඳහා වන ලෝක ආර්ථික සමුළුව වියට්නාමයේ හැනොයි නුවර දී වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 12 September 2018
අගුණකොළපැලැස්ස ප්‍රා.සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට පුද්ගලයෙකුට පහරදී ඔහු සන්තකයේ තිබූ මුදල් හා ස්වර්ණාභරණ පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ යැයි සැකපිට අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අද (12) අත්අඩංගුවට ගත් බව මිද්දෙණිය පොලිසිය කියයි. 12 September 2018
මැදි ආදායම්ලාභීන්ට සහන නිවාස ණයක් මැදි ආදායම් නිවාස සංවර්ධන ව්‍යාපෘති වලින් පළමු වරට නිවසල් මිලදී ගන්නා රාජ්‍ය හා පෞද්ගලික අංශ මැදි ආදායම්ලාභීන්ට සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 12 September 2018
එජාපයේ 72 වැනි සංවත්සරයේ විශේෂ සැමරුමක් ඕස්ට්‍රේලියාවේදී එක්සත් ජාතික පක්ෂයේ 72වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඕස්ටේ්රලියාවේ මෙල්බෝන් හිදී පසුගිය දා පැවැත්විණි. 12 September 2018
ලංකා ගමනා ගමන මණ්ඩල පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයට ලැබිය යුතු දෛනික ආදායමෙන් සැලකිය යුතු කොටසක් විවිධ අයථා ක්‍රියා නිසා අහිමිවීම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 12 September 2018
සබරගමු සරසවි සිසුහු විසඳුම් ඉල්ලා පාරට බසිති සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයට දේශන ශාලා පහසුකම් නොමැතිවිම ඇතුලූ ගැටලූ රැසක් මූලික කරගනිමින් සබරගමු විශ්ව විද්‍යලයීය මහා ශිෂ්‍ය සංගමය අද (12) කොළඹ කොටුවේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා උද්ඝෝෂණ පෙළපාලියක් පැවැත්වූහ. 12 September 2018
නොරොච්චෝලේ අළුවලින් ගඩොල් හදන්න කැබිනට් අනුමැතිය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එකතු වන අළුවලින් ගඩොල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 12 September 2018
මුලතිව්හි ගැටුමකින් පහක් රෝහලේ මුලතිව් පුදුකුඩිඉරුප්පු , කයිවේලි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් වෙඩි වැදීමෙන් හා කැපුම් තුවාල ලැබු පුද්ගලයන් සිව්දෙනෙක් මුලතිව් හා අනුරාධපුර රෝහල් වල ප්‍රතිකාර ලබන බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි. 12 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026