ජොන්ස්ටන්ට ඇප දෙන තීන්දුව 17 දා හිටපු අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රිමාන්ඩ් බාරයෙන් මුදා හරිනවාද නැද්ද තීන්දුව ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (12) තීන්දු කළේය. 12 September 2018
‘ඉන්ධන මිල සුත්‍රය මෙන් සේවක වැටුප් වැඩි කරවීමටද වැටුප් සූත්‍රයක් තිබිය යුතුයි‘ මිළ සූත්‍රය අනුව මසකට වරක් ඉන්ධන මිළ ඉහළ දමන්නේනම් එයට සරිලන ලෙස සියළුම සේවක සේවිකාවන්ගේ වැටුප් ඉහළ දැමීම සඳහාද වැටුප් සූත්‍රයක් හඳුන්වා දිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවසීය. 12 September 2018
විදේශ රැකියා මුවාවෙන් මිනිස් ජාවාරමක් - ඇමැති හරීන් විදේශ රැකියා මුවාවෙන් මැදපෙරදිග රටවල විශාල මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 12 September 2018
ජන බලයේ බෙදූ කිරි පැකට් බී මන්ත්‍රී ඩලසුත් අසනීප වෙලා ඒකාබද්ධ විපක්ෂය පසුගිය පස් වැනිදා පවත්වන ලද ජනබලය - කොළඹට විරෝධතා ව්‍යාපාරය අතරතුරදී කිසියම් පිරිසක් විසින් බෙදාහරින ලද කිරිපැකට් පානය කිරීමෙන් තමන්ද දින තුනක් පමණ රෝගාතුරව සිටි බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (12) පැවසීය. 12 September 2018
2019 ජනපතිවරණයට මගේ සහෝදරයා එනවා - මහින්ද ඉන්දියාව සමඟ ඇති වූ වැරදි වැටහීම් අමතක කර ඉදිරියට යෑමට කාලය එළැඹ ඇතැයි ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන්නේ යැයි ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත. 12 September 2018
‘ඇතැම් පනත් ගැන පාර්ලිමේන්තුව ප්රජාතන්තවාදී රාමුවෙන් පිට කටයුතු කරනවා‘ පසුගිය සමයේ සමහර පනත් ඉදිරිපත් කළ ආකාරයෙන් පාර්ලිමේන්තුව ප්රජාතන්ත්රවාදී රාමුවෙන් පිට කටයුතු කරන බව පෙනී යන්නේ යැයි මාර්තු 12 ව්‍යාපාරය කියයි. 12 September 2018
තෙවැනි විවාහය කරගන්න යද්දී කලබගෑනියක් දෙවරක් විවාහ වී සිටි බව කියන කිලිනොච්චිය ප්‍රදේශයේ ගුරුවරයකු නැවත වරක් තරුණියක් සමඟ තෙවැනි වරට විවාහ වීම සඳහා අද(12) වවුනියාව කන්දසාමි කෝවිල තුළ විවාහ චාරිත්‍ර ඉටුකරමින් සිටින අවස්ථාවේ පෙර විවාහයේ බිරිඳ පැමිණීමත් සමඟ එම කෝවිල තුළ උණුසුම් තත්වයක් හට ගැනිනි. 12 September 2018
ඇවන්ට්ගාඩ් අල්ලස් නඩුව විභාග කිරීමට තීරණය කරයි ගාලු වරායට එපිට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලස් මුදලක් ලබාදීම හා ලබා ගැනීම යන චෝදනාව මත තමන් නිවැරදිකරුවන් බව ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ 12 September 2018
ඉන්දුනීසියා ජනපති සමඟ අගමැති ද්විපාර්ශික සාකච්ඡාවක් ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර මිත්‍ර සබඳතා තව තවත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය හා සාමය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළ සඳහා එක්ව කටයුතු කළ යුතු බව 12 September 2018
මහ ඇමැති අසුන් ගන්නා විට උතුරු පළාත් සභාව නොසන්සුන් වෙයි උතුරු පළාත් සභාවේ 131 වැනි සැසිවාරය ආරම්භ වී උතුරු මහඇමැති අසුන් ගන්නා විට සභාවේ සිටිය යුතු අමාත්‍යවරු පිළිබඳ විමසා සිටීමත් සමඟම සභා ගර්භය තුළ නොසන්සුන් තත්වයක් ඇති විය. 12 September 2018
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් මිනිත්තු 10 කට වරක් දුම්රියක් කොළඹ වාහන තදබදයට විසඳුමක් වශයෙන් යෝජිත කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාවත කිලෝ මීටර 16 ක දිගින් හා නැවතුම් පොළ 16 කින් සමන්විත වන සේ ඉදි කෙරෙන බව එහි පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව පවසයි. 12 September 2018
‘රවීන්ද්‍ර විජේගුණරත්න පැමිණි විගස ප්‍රශ්න කරන්න සූදානම්’ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ විදෙස් සංචාරය නිම කර මෙරටට පැමිණි පසු ඔහුගෙන් ප්‍රශ්න කිරිමට සූදානම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ප්‍රකාශ කළේය. 12 September 2018
සූර්ය පැනල ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 50 ක ණයක් පාරිභෝගික ජනතාවට සූර්ය පැනල ලබාදීමේ ව්‍යාපෘතියක් සදහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 50 ක ණයක් ලබාගැනීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 12 September 2018
සිසුවිය මැරූ පුතා පෝරකයට යවනවාට උසාවියට කැමැත්ත දන්වා අම්මා සසුන්ගත වෙයි ගිරිබාව පොලිස් වසමේ සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි මධුෂාණි නමැති පාසල් සිසුවිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ තම පුතා එල්ලා මැරුවාට විරුද්ධත්වයක් නොමැති බව අධිකරණයට ප්‍රකාශ කරන බව කියා ලියුමක් ලියූ එම සැකකරුගේ මව වන ආර්.කේ. කුසුමාවතී මහත්මිය හිරියාල, පළුගොල්ල කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයේදී රාජාංගණයේ ධම්මදින්නා ලෙස ඊයේ (11) මෙහෙණි සසුනට පිවිසුණාය. 12 September 2018
යාපනයේ පොලිස් ජිප් රථයක් පැහැර ගත් සිව් දෙනකු අත්අඩංගුවට යාපනය කෝපායි චෙට්වේලී ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක් වූ පොලිස් ජිප් රථය සොයගත් බවටත් සැකකරුවන් සිව් දෙනෙකු අද (12) අළුයම වන විට අත්අඩංගුවට ගත් බවටත් කෝපායි පොලීසිය පවසයි. 12 September 2018
ගෝඨා රහස් පොලිසියට පැමිණෙයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 12 September 2018
රාජ්‍ය සම්මාන ලත් නවකතාව - යකඩ සිල්පර උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය සංවිධානය කළ 61 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 11 September 2018
රුසියාව දැවැන්ත යුද අභ්‍යාසයක රුසියාව අද (11) චීනය සමඟ එක්ව දැවැන්ත යුද අභ්‍යාසයක් ඇරඹීය. චීන සොල්දාදුවන්ගේද සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම යුද අභ්‍යාසයට රුසියානු සොල්දාදුවන් දහස් ගණනකට වැඩි පිරිසක් සහභාගී වූහ. 11 September 2018
විජයදාසගේ කැබිනට් පත්‍රිකාවට ඇමැතිවරු දෙදෙනෙක් එරෙහි වෙති මාලබේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ (SLIIT) පාලනය මහපොළ භාරකාර අරමුදල යටතට ගැනීම සඳහා උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අද (11) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් දෙදෙනකු විරෝධය පළකර ඇතැයි වාර්තාවේ. 11 September 2018
ත්‍රස්තවාදය වැළැක්වීමට අලුතෙන් පනතක් දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතක් ගෙන ඒමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 11 September 2018
දුම්වැටි අලෙවිය අඩුවී රජයේ බදු ආදායම බසී දුම්වැටි අලෙවිය අඩුවීමෙන් බදු ආදායමද රුපියල් කෝටි 1800කින් (රුපියල් බිලියන 18) පමණ අඩුවී ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (11) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. 11 September 2018
‘‘ලංකාව ආරක්ෂාව වෙනුවෙන් කරන වියදම් ගැන නැවත සිතා බැලිය යුතුයි‘‘ ශ්‍රී ලංකාව ආරක්ෂාව වෙනුවෙන් කරන වියදම් පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුතු යැයි ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත වාන් පැබ්ලෝ බොහොස්ලැව්ස්කි අද (11) පැවැසීය. 11 September 2018
නොනවත්වා ගිය වෑන් රියට වෙඩි - සැකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට පොලිස් අන නොතකා ගමන් ගත් වෑන් රථයක් කුරුණෑගල පිලීකඩ මිල්ලව ප්‍රදේශයේදී වෙඩි තබා නතර කර සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 11 September 2018
‘ජනබලය නිදහස් සංවාදශිලි විරෝධතා ව්‍යාපාරයක්’ ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ ජනබල මෙහෙයුම නිදහස් සංවාදශීලී විරෝධතා ව්‍යාපාරයක් ලෙස තමා දකින බවත්, ඔවුන්ට විපක්ෂය නියෝජනය කිරීමේ අනුමැතිය ලබාදුන්නේ ජනාධිපතිතුමා බැවින් එම පිරිසට විරුද්ධව හදිසි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. 11 September 2018
තෙල් මිල සමඟ වෙනත් භාණ්ඩ හා සේවා මිල වැඩිවීම වැළැක්වීමට රජයෙන් පියවර තෙල් මිල වැඩිවන විට වෙනත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඊටත් වඩා ඉහළ නැංවීම වැළැක්වීමේ වගකීම මුදල් අමාත්‍යාංශය විසින් භාරගෙන ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 11 September 2018
කෝටි 90 වංචාව ගැන ක්‍රිකට් ආයතනයේ පැමිණිල්ල රහස් පොලිසියට යොමු කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියකු ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංචා කිරීමට සූදානම් වූයේ යැයි කියමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (10) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනය කරවීමට පොලිස්පතිවරයා අද සවස තීරණය කර තිබේ. 11 September 2018
ඉන්ධන කාන්දුවීමේ වගකීම තෙල් සැපයුම් අංශයේ කළමණාකරු බාර ගත යුතුයි මුතුරාජවෙල පර්යන්තයට ඉන්ධන ගෙනයන නළයකින් ඉන්ධන කාන්දුවීම සම්බන්ධ වගකීම සම්පූර්ණයෙන්ම ලංකා ඛණිජතෙල් සංස්ථාවේ තෙල් පහසුකම් සපයන අංශයේ කළමණාකාරවරයා විසින් බාරගත යුතු යැයි එහි නිදහස් සේවක සංගමය චෝදනා කරයි. 11 September 2018
සිංහරාජ අලි හොරොව්පොතානට මාරු කිරිමට එරෙහිව පෙත්සමක් සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ වෙසෙන අලි ඇතුන් දෙදෙනෙකු එම සතුන්ට නොගැලපෙන හොරොව්පොතාන ප්‍රදේශයේ අලි අනාථාගාරයක් වෙත මාරුකර යැවීමට වනජීවී, තිරසර සංවර්ධන හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා ගත් තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර විද්‍යාඥවරයකු සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අද (11) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන ලදී . 11 September 2018
ඒකාබද්ධයේ උද්ඝෝෂණයේ දුන් කිරි පැකට්ටුවක් රස පරීක්ෂකට ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයේ දී බෙදා දුන් කිරිවල විස අඩංගු කරන ලද්දක් බව පවසමින් පොලිසියට බාරදී ඇති කිරි පැකට්ටුවක් පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන බව කොළඹ මධ්‍යම ප්‍රදේශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. 11 September 2018
බස්නාහිර ලක්ෂ හයේ පුටු ගනුදෙනුව සම්පූර්ණයෙන් නවත්වන්න යයි බස්නාහිර පළාත් සභාවේ නව සභාගර්භයට ඇණවුම් කර තිබෙන රුපියල් 644,000 සේ පුටු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදි අක්‍රමිකතාවයක් සිදුව ඇති බැවින් එම පුටු ගෙන්විම සම්පුර්ණයෙන්ම නැවැත්වීමට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ආරංචිමාර්ග වලින් පැවසේ. 11 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026