ස්වදේශ කටයුතු අමාත්‍යංශ චක්‍රලේඛයට පොහොට්ටු මන්ත්‍රීන්ගේ විරෝධය හබරාදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අද (10) පැවති හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට කඩා වැදී පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කොට ඇති චක්‍ර ලේඛනයට විරෝධය පලකිරිම නිසා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව දින නියමයක් නැතිව කල් තබනු ලැබීය. 10 September 2018
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පෙන්නා සල්ලි ගරන්න හැදූ කතුන් 3ක් සැකපිට රජයේ ‘එන්ටප්‍රයිස් ශී‍්‍ර ලංකා‘ වැඩසටහනට සමගාමීව විශේෂ ව්‍යාපෘතියක් ලෙස මිනිස් බල හා රැකියා කටයුතු දෙපාර්මේන්තුව මගින් රැකියා ලබා දෙන බව පවසා හෝමාගම ප්‍රදේශයේ විහාරස්ථානයක දී රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් ලබා ගැනීමට කටයුතු කළ බව කියන කාන්තාවන් තිදෙනෙකු අද (10) සවස සැකපිට අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි. 10 September 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ විදෙස්ගතවීම ගැන ජනාධිපති පිළිතුරු දිය යුතුයි- සරත් විජේසූරිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කර බලයට පත්කර ගත් අනුප්‍රාප්තිකයා තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු වී ඇතැයි ද මාදුළුවාවේ සෝභිත හිමියන් සමග අස්සන් කළ ගිවිසුම සටකපට ලියැවිල්ලක් වී ඇතැයි ද සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 10 September 2018
කෝටි 90ක වංචාවක් ගැන ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියකු ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංචා කිරීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධියක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (10) පැමිණිළි කළේය. 10 September 2018
20 ට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කරන බව ජි.එල් පිරිස් කියයි 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිධූරය අහෝසි කිරීමට හා නියමිත පරිදි පළාත් සභා මැතිවරණ නොපැවැත්වීමට එරෙහිව මානව හිමිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (10) පැවැසීය. 10 September 2018
අමල් කරුණාසේකරට ඇප මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදී කෲර වදහිංසා කළැයි කියන සිද්ධියට අදාළව අධාර අනුබල දුන්නැයි මාස පහක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු යුධ හමුදා බුද්ධි අධ්යක්ෂ (විශ්‍රාමික) මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකර මහතා රුපියල් ලක්ෂ 300ක ශරීර ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. 10 September 2018
දුම්රිය දඩවලින් කෝටියක ආදායමක් දුම්රියෙහි ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීම ඇතුළු වැරදිවලට අය කෙරුණු දඩ මුදල් මගින් ගිය වසරේදී රුපියල් කෝටියකට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 10 September 2018
කොතලාවලට ගනිද්දී මුදල් අය කළැයි සයිටම් සිසුන්ගෙන් නිහඬ විරෝධතාවක් සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීමේදී මුදල් අය කර ගැනිම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පවසමින් සයිටම් සිසුහු පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපිට අද(10) නිහඬ විරෝධතාවයක නිරත වුහ. 10 September 2018
සංචාරකයින් මිලට ගන්නා භාණ්ඩවල බදු හෙට සිට යළි ගෙවයි විදේශ සංචාරකයින් මෙරට දී මිලදී ගන්නා භාණ්ඩ සඳහා අයකළ වැට්බදු ඔවුන්ට නැවත ගෙවීම හෙට (11) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 10 September 2018
මුහුදට තෙල් දැම්මාට තෙල් ගබඩා සංකීර්ණයෙන් වන්දි ඉල්ලා නඩු මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන නලයක් පුපුරා යාමෙන් සිදු වු තෙල් කාන්දුව පිළිබඳව ඛණිජ තෙල් තොග ගබඩා සංකීර්ණයෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට සමුද්‍රිය දුෂණ වැළක්වීමේ අධිකාරිය පියවර ගෙන ඇත. 10 September 2018
විස කිරිපැකට් දුන්නැයි කළ බොරු චෝදනාව ගැන පැමිණිලි කරන්න යයි ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන් පිරිසකට විෂ සහිත කිරිපැකට් ලබා දුන්නැයි එල්ලවී ඇති චෝදනාව සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට පැමිණිල්ලක් සිදු කරන බව එජාපයේ මන්ත්‍රීවරු පිරිසක් පවසති. 10 September 2018
පවුල් පසුබිම් වාර්තාව අහෝසි කරන්නැයි ඉල්ලයි විදේශ රැකියා සඳහා යන කාන්තාවන් වෙනුවෙන් අනිවාර්ය වූ පවුල් පසුබිම් වාර්තාව ප්‍රශ්න රැසකට මුල් වී ඇති බැවින් එය ඉක්මණින්ම අහෝසි කරන්නැයි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හිමියන්ගේ සංගමය (ඇල්ෆියා) රජයෙන් ඉල්ලීමක් කරයි. 10 September 2018
ජනපති දේශපාලන ලොක්කන්ට අනතුරු අඟවයි ගිං නිල්වලා යෝජනා ක්‍රමය සිදු නොකිරීම සම්බන්ධයෙන් පසුගිය රජයෙන් සිදුවූ දේවල් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙන ආකාරයටම මෙම රජයේ අය එම යෝජනා ක්‍රමය ප්‍රමාද කිරීම ගැන පරීක්ෂණ පැවැත්වීමට සිදුවනු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොටදී අද(10) පැවසීය. 10 September 2018
‘කීත් නොයාර්ගේ සිද්ධිය ගැන නැවත ප්‍රකාශ සටහන් කරගත යුතුයි‘ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා දීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් නැවත ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය සඳහන් කළාය. 10 September 2018
වව්නියා පුරාවිද්‍යා ස්ථානයේ කෝවිලකට අවසර දෙන්න බැරි බව පුරාවිද්‍යා නිලධාරින් කියයි ඉපැරණි බෞද්ධ වෙහෙර නටඹුන් පවතින වවුනියාව නෙඩුක්කේනි වෙඩුක්කුනාරි පුරාවිද්‍යා භූමිය පැරණි ශිලා ලිපි, පැරණි බෞද්ධ වෙහෙරක නටබුන්, පැරණි බෞද්ධ විහාරයක ලක්ෂණ පවතින හෙයින් එම ස්ථානයේ කෝවිලක් ඉදි කිරීමට ඉඩ නොදිය හැකි බව පුරා විද්‍යා නිලධාරීන් සඳහන් කළේය. 10 September 2018
ළිඳ සුද්ද කරද්දී කොටි කාලේ බෝම්බ හමුවෙයි මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් තුළ තිබී කොටි සංවිධානයට අයත් බෝම්බ , උණ්ඩ සහ තවත් පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බව මුරුන්ගන් පොලීසිය පවසයි. 10 September 2018
වතුර වළකට වැටී දරුවෙක් මරුට අම්පාර බක්කිඇල්ල පොලිස් බල ප්‍රදේශයේ බක්කිඇල්ල ගම්මානයේ අනාරක්ෂිත වළකට වැටි වයස අවුරුදු 07 ක දරුවකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 10 September 2018
පුත්තලම ප්‍රා.සභා සභාපති ගුවන් තොටේ දී අත්අඩංගුවට පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර තිබු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා අද (10) කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 10 September 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රට ගිහින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදේ විදේශ ගතවී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග කියයි. 10 September 2018
ගෝඨා විරෝධතා පෙත්සමක් ගොනු කරන්න යයි ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විභාග වන ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන නඩුව යළි කැඳවන ඔක්තෝබර් 09 වැනිදා නඩුවට එරෙහිව මූලික විරෝධතාවක් ගොනු කිරීමට නියමිතය. 10 September 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සීඅයිඩියට නොපැමිණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10) කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා රහස් පොලිසියට නොපැමිණි බව එහි ආරංචි මාර්ග කියයි. 10 September 2018
යාන් ඔය ජලාශයේ වැඩ අවසන් අදියරේ මෙරට වාරි සිහිනය සැබෑවක් කරමින් ඉදිවන තෙවැනි විශාලතම ජලාශය වන යාන් ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. 10 September 2018
ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 07 දෙනකුට අද (10) විශේෂ මහාධිකරණය විසින් අධි චෝදනාපත්‍ර ගොනු කරනු ලැබීය. 10 September 2018
අරුවක්කාළු දේපලවලට හානි කළැයි ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු අයෙක් අත්අඩංගුවට වනාතවිල්ලුව - අරුවක්කාළු ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කසල බැහැර කිරීමේ අංගනයට කඩා වැදී එහි දේපල වලට හානි සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන දෙදෙනෙකුව වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 September 2018
ගෝඨා විශේෂ මහාධිකරණයට පැමිණෙයි ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර විශේෂ මහාධිකරණයට පැමිණියේය. 10 September 2018
විෂ සහිත කිරිපැකට් දුන්නා නම් උපරිම දඬුවම් - පොලිස්පති ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන් පිරිසකට විෂ සහිත කිරිපැකට් දී ඇතැයි තහවුරු වුණොත් ඒ අයට උපරිම දඬුවම් දෙන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ලංකාදීපයට පැවැසීය. 09 September 2018
ගුවන් යානයක් කඩා වැටී 19ක් මරුට දකුණු සුඩානයේ අගනුවර ජුබා සිට යිරෝල් නගරය වෙත ගමන්ගත් කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 19දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 09 September 2018
අල්ලස් චෝදනා ලැබූ ලොක්කන් දෙදෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට අල්ලස් චෝදනාවකට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන අය වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි. 09 September 2018
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සීඅයිඩියට කැඳවයි කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවක වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හෙට (10) එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. 09 September 2018
රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් නිදහස් කරන්න යයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන් හත්දෙනා නිදහස් කරන්නැයි තමිල්නාඩු ආණ්ඩුකාර බන්වරිලාල් පුරෝහිත්ට නිර්දේශ කිරීමට එම ප්‍රාන්ත ආණ්ඩුව අද (9) තීරණය කළේය. 09 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026