ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 22 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ජලලබාද් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 22දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 11 September 2018
පහළ මල්වතු ඔයට පරිසරවේදීහු විරුද්ධ වෙති පහළ මල්වතු ඔය ව්‍යාපෘතියේ දී සිදුවන මහා පරිමාණ වනාන්තර විනාශයත් එම ව්‍යාපෘතිය පිළිබඳ සිදුකළ පරිසර බලපෑම් අධ්‍යයන වාර්තාවේ ප්‍රමාණවත් තරම් විකල්ප හඳුනාගෙන නොතිබීමත් හේතුවෙන් එකී ව්‍යාපෘතියට විරෝධය පළ කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 11 September 2018
දුම්රිය ගාස්තුත් 1 වැනි දා සිට ඉහළට දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ලබන 1 වැනි දා සිට වැඩිකිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 11 September 2018
බස් ගාස්තුව සියයට 10 කින් වැඩිකරන්න’යි ඉල්ලයි ඩීසල් මිල නැවතත් වැඩි කිරීම නිසා බස් ගාස්තුව ද සියයට 10කින් පමණ වැඩිවිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පැවැසීය. 11 September 2018
රජය රුපියල් කෝටි 350 ක් ඉදිකිරීම්කරුවන්ට ණය වෙයි ආපදා කළමනාකරණ ව්‍යාපෘතියක් යටතේ අබලන් වූ මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේහි නිරත වූ ඉදිකිරීම්කරුවන්ට මාස අටක් තිස්සේ ගෙවීම් පමා කළ රුපියල් කෝටි 350 ක පමණ මුදලක් කැබිනට් අනුමැතිය හිමි වී තිබියදීත් ඔවුන්ට ලබාදී නැතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 11 September 2018
සිංහරාජයේ ‘සුදු ගෝනා‘ වෙඩි වැදී මරුට ඉතා දුර්ලභ සතෙකු වන සිංහරාජයේ ජීවත් වු සුදු ගෝනා කිසිවකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි සිංහ රාජ අඩවි ආරක්ෂක ආර් ඒ එස් රනුක්කන්ද මහතා පවසයි. 11 September 2018
ජොන්ස්ටන්ගේ ප්රතිශෝධන පෙත්සම සළකා බැලීම හෙට නඩුව අවසන් වනතුරු කුරුණෑගල මහාධිකරණය තමන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගත් තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම හෙට ( 12) සලකා බැලීමට අභියාචනාධිකරණය අද (11) තීන්දු කළේය. 11 September 2018
කතානායක ඇතුළු පිරිස ඉන්දීය අගමැති-ජනපති හමුවෙති මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වන කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය ජනාධිපතිවරයා හමුවී ඇතැයි ඉන්දීය ඒ.එන්.අයි.එන් පුවත් සේවය වාර්තා කර සිටී. 11 September 2018
අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබරයේ පාර්ලිමේන්තුවට ලබන වසරේ (2019) අයවැය යෝජනාවට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැතිවරයා විසින් ලබන මස මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය. 11 September 2018
වියට්නාම් අගමැතිගෙන් සබඳතා ශක්තිමත් කිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය සබඳතා පමණක් නොව, පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ හා ජනතාව අතර සබඳතාත් ශක්තිමත් කරලීම සඳහා පියවර ගත යුතු බව වියට්නාම් අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය. 11 September 2018
නීතීවිරෝධිව පනින්න හැදු අනවසර සංක්‍රමණිකයින් 90 ක් අත්අඩංගුවට නීතිවිරෝධීව බහුදින යාත්‍රාවකින් ශ්‍රී ලංකාවෙන් පලායමින් සිටි අනවසර සංක්‍රමණිකයින් 90 දෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 11 September 2018
මූල්‍ය වංචාවක් කළැයි සුපිරි වෙළඳජාලයක ගිණුම් සහකාරවරයෙක් මාස 18 ක් හිරේට දිවයිනපුරා විහිද ඇති සුපිරි වෙළඳ ජාලයක සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට වරදකරු වු එම සුපිරි වෙළඳ ජාලයේ ගිණුම් සහකාරවරයකුට මාස 18ක බරපලත වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (11) නියම කළේය. 11 September 2018
බිලිපූජා තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතැම් ආගමික ස්ථාන තුළ හෝ එහි සිමාව තුළ සිදුකරන සත්ව බිලිපුජා තහනම් කිරීමට රජය තීරණය කර ඇතැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. 11 September 2018
චෝදනා ලාභී මූල්‍ය නිලධාරියාගේ කාමරයට මුද්‍රා තබයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදේශ රූපවාහිනී නිෂ්පාදන සමාගමකින් ලැබීමට නියමිත රුපියල් මිලියන 900 කට අධික මුදලක් වංචා කිරීමට සැළසුම් කළේ යැයි කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ නිලධාරියා පසුගිය දින දෙකේ සේවයට වාර්තා කරනොමැති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 September 2018
දකුණු පළාත් සභාවේ ගාල ගෝට්ටියක් කොළඹදී පැවති ජනබල මෙහෙයුමට යාමට පෞද්ගලික බස්රථ ලබා නොදීමත් ජනබලයට සහභාගී වු අයට වස සහිත කිරි පැකට් ලබාදුන් බවටත් චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අදහස් ප්‍රකාශ කරන්නට වීමත් සමඟ අද (11) පැවති දකුණු පළාත් සභා රැස්විම ගාල ගොට්ටියක් බවට පත්විය. 11 September 2018
නීතීවිරෝධිව ඕස්ට්‍රේලියා ගිය නව දෙනෙක් යළි ලංකාවට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටි ශ්‍රී ලාංකිකයන් 09 දෙනෙකු , එරටින් පිටුවහල් කර අද(11) උදෑසන යළිත් ශ්‍රී ලංකාව වෙත එවා තිබුණි . 11 September 2018
සිරකරු දිනයදා පිටතින් ගෙනෙන කෑම බීම සීමා කෙරේ ජාත්‍යන්තර සිරකරු දිනය නිමිත්තෙන් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් හා පවුල් අතර හමුවේදී ඥාතීන් විසින් ඔවුන්ට ගෙන එනු ලබන කෑම බීම සීමා කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය ගෙන ඇති තීරණය නිසා රැඳවියන් මහත් අපහසුතාවට පත්ව ඇතැයි සිරකරුවන් සුරැකීමේ කමිටුවේ ලේකම් සුරේෂ් නන්දිමාල් මහතා පවසයි. 11 September 2018
මරණීය දණ්ඩනය සැළසුම් කිරීම ගැන එක්සත් ජාතීන්ගේ කණගාටුව ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත් වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පැවසුවාය. 11 September 2018
ඩීසල් මිල වැඩි කිරීමෙන් පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට ඔටෝඩීසල් මිල වැඩි කිරීම හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හා වෑන් රථ රියදුරන් ඔවුන්ගේ ගාස්තු 5%කින් ඉහළ දැමීමට අද(11) තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්. එල්. ශ්‍රී ද සිල්වා මහතා පැවසීය. 11 September 2018
ජොන්ස්ටන්ගේ නඩුව වාර්තා කිරීම තහනම් කරයි හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුව වාර්තා කිරිම සඳහා කිසිදු මාධ්‍යවේදීයකුට මහාධිකරණයට ඇතුළු වීම තහනම් කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (11) නියෝගයක් නිකුත් කළාය. 11 September 2018
ඉණේ ගසා ගිය මත්පැන් බෝතලය කුඩුවී බඩ කැපී මරුට මාමඩල හංගන්වගුර මාර්ගයේ දී තරුණයකු සිය යතුරුපැදිය නතර කිරීමට ගිය විට යතුරුපැදියත් සමඟ වැටී ඔහුගේ ඉණේ ගසාගෙන සිටි මත්පැන් බෝතලය කුඩුවී උදර ප්‍රදේශයට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මිය ගිය බව අම්බලන්තොට පොලිසිය පවසයි. 11 September 2018
මන්ත්‍රී සනත් ඇමැති පාඨලීට අභියෝග කරයි රටේම තියන කුණු පුත්තලමට ගෙනවිත් දමන්නට කුමන හෝ පාලකයකු සුදානම් වන විට ජනතාව ඊට එරෙහිව නැගී සිටින අවස්ථාවේදී පටු අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් කිසියම් දේශපාලකයකු හෝ නිලධාරියකු කටයුතු කරන්නේ නම් ඊට 11 September 2018
අගෝස්තුවේදී විල්පත්තුවෙන් වාර්තාගත ආදායමක් විල්පත්තුව ජාතික වන උද්‍යානය ඉතිහාසයේ වාර්තාගතම ආදායම වු එක්කෝටි හැට නව ලක්ෂයක මුදලක් අගෝස්තු මාසයේ සංචාරකයින් පැමිණීමෙන් උපයා ඇති බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා පවසයි. 11 September 2018
ජිනිවා සමුළුවට මහාචාර්ය චන්න ජයසුමනත් යයි ජිනිවාහිදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා 13 වැනි දින ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය. 10 September 2018
පැරිස් නුවර පිහි ඇණුමකින් හතකට තුවාල ප්‍රංශයේ පැරිස් නුවර මාර්ගයක ගමන්ගනිමින් සිටි පිරිසකට පුද්ගයෙකු විසින් පිහි පහර එල්ල කිරීම හේතුවෙන් හත් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ඉන් හතර දෙනකුගේ තත්ත්වය බරපතල බවද පොලිසිය පවසයි. 10 September 2018
ෆෙයාර්වේ සාහිත්‍ය සම්මාන වලට නිර්දේශිත නවකතා ප්‍රකාශයට පත් කෙරේ ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන 2018 වෙනුවෙන් නිර්දේශිත නවකතා මේ වනවිට ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. 10 September 2018
වියට්නාමයේදී අගමැති හරසරින් පිළිගැනේ වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් වියට්නාමයේ, හැනොයි නුවරට ළඟා විය. 10 September 2018
වකුගඩු රෝගීන් වෙනුවෙන් වන්දි ඉල්ලන්න යයි වකුගඩු රෝගය වැළඳුණු සෑම රෝගියෙක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂ සියයක වන්දි ඉල්ලා වහා නඩු පැරීමට තමා කටයුතු කරගෙන යන බව රජරට විශ්ව විද්‍යාලයේ මහචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා කියයි. 10 September 2018
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද රෑ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2017 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (10) රාත්‍රීයේ නිකුත් කෙරේ. 10 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026