බාලවයස්කාර දැරිය අපයෝජනය කළ බේකරි බාස්ට දඩ අවුරුදු 13ක ඥාතී දියණිය අපයොජනය කළ බේකරි බාස්ට ලක්ෂ හතරක වන්දියක් හා දසදහසක දඩයක් ගෙවන ලෙස කෑගල්ල මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කළේය. 14 September 2018
ඉරාන ජාතිකයකු ස්පාඤ්ඤ ගමන් බලපතක් සමඟ අත්අඩංගුවට ව්‍යාජ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව හරහා රෝමය වෙත ගුවන් ගත වීමට පැමිණි ඉරාන ජාතික ගුවන් මගියකු අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 September 2018
රවීට එරෙහිව සීඅයිඩිය නඩු පවරයි බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩු පැවැරීය. 14 September 2018
ත්‍රීරෝද රියේ හැපී කාන්තාවක් මරුට කතරගම සෙල්ලකතරගම පාරේ ගම්උදාව හන්දියේ දී ත්‍රී රෝද රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක මිය ගොස් ඇතැයි කතරගම පොලිසිය පවසයි. 14 September 2018
හොරණ කම්හලක ගෑස් කාන්දුවකින් 5 ක් රෝහලේ හොරණ වගවත්ත ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා ගෑස් සිලින්ඩර 17 ක් පැටවූ ලොරියකින් ඉවත් කිරිමට යාමේ දී සිදු වු ගෑස් කාන්දුවකින් ස්වසන අපහසුතා ඇතිවූ පස් දෙනකු හොරණ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 14 September 2018
මුලතිව්හි වෙඩිවැදුණු සරසවි සිසුවා මියයයි මුලතිව් පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් සිදු කළ වෙඩිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවා මිය ගොස් ඇති බව පුදුකුඩිඉරිප්පු පොලීසිය කියයි. 14 September 2018
බිරිඳ මරා සැමියා පොලිසියට බාරවෙයි තම බිරිඳට උදැල්ලකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු පොලිසියට පැමිණ බාරවූ බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි. 14 September 2018
දේශපාලන පළිගැනීම් වලට ජනතාව පාඩමක් උගන්වාවී විභාග කළ යුතු නඩු හාරලක්ෂ හැත්තෑ දහසක් තිබියදී දේශපාලන පළිගැනීම් සඳහා රජය විශේෂ අධිකරණයක් පිහිටුවා කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි. 14 September 2018
20 එජාපයේ කොන්ත්‍රාත්තුවක් - ලක්ෂ්මන් යාපා ජනතා විමුක්ති පෙරමුණ 20වැනි සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම සඳහා යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. 14 September 2018
බස්නාහිර පුටු ප්රශ්නය කෝප් කමිටුවට බස්නාහිර පළාත් සභාව මිල අධික පුටු මිලදී ගැනීමට ගෙන තිබූ තීරණය හා එහි මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා පළාත් සභාවේ ප්‍රධානීන් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇත. 13 September 2018
ලෝකය නැවත වරක් මූල්‍ය අර්බුදයකට - බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ලෝකය නැවත වරක් මූල්‍ය අර්බුදයකට යමින් සිටින බවට බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ගෝඞ්න් බ්‍රවුන් අනතුරු ඇඟවීය. 13 September 2018
ගාල්ල නගරයට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවයි වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ සිටි ගාල්ල බීක්ක ප්‍රධාන ජල තටාකයට ජලය පොම්ප කරන නළ මාර්ගයක් පුපුරා යෑම නිසා ගාල්ල නගර සභා බලප්‍රදේශයට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය පවසයි. 13 September 2018
හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කළැයි කියන චෝදනා අසත්‍යයක් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට විජයග්‍රාහී ශ්‍රී ලංකා හමුදාවට එල්ල වන චෝදනා සියල්ල අසත්‍ය යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරදී පැවැසීය. 13 September 2018
හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ අප්‍රසාදය ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 13 September 2018
සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්රචාරක වැඩපිළිවෙළක් අරඹනවා සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්රචාරක වැඩපිළිවෙළක් ලබන 17 වැනිදා සඳුදා අරඹන බව පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘‘ලංකාදීපයට‘‘ පැවැසීය. 13 September 2018
20ට එරෙහි වෙන්නැයි අභයතිස්ස හිමියෝ මන්ත්‍රීන්ගෙන් ඉල්ලති විසිවැනි සංශෝධනය සම්මත කරගන්නට උත්සාහ කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය නමැති පුහු සද්දය මැද්දේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ. 13 September 2018
ළමා ආරක්ෂක අධිකාරියේ වසර 4ක වාර්තා නෑ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 2014, 2015, 2016 හා 2017 යන වසර හතරේම වාර්ෂික වාර්තා සකසා නැති බව එහි අධ්යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මිය ‘ලංකාදීපයට‘ පැවසීය. 13 September 2018
ජනබලයේ කිරි පැකට් ගැන වෙන්නප්පුව ප්‍රා. සබේත් ගාලගෝට්ටියක් පාලක පක්ෂයේ පොදුජන පෙරමුණේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිසාන්ත මහතා අද (13) පැවති ප්‍රාදේශීය සභා රැස්වීමේදී සභාවට නොබෝදා කොළඹ පැවති ජනබල උද්ඝෝෂණයේදී ලබාදුන් කිරි පැකට්ටුවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. 13 September 2018
බෙලිඅත්ත - මුල්කිරිගලට නව ශ්‍රීලනිප ආසන සංවිධායකවරු දෙදෙනෙක් හම්බන්තොට දිස්තික්කයේ බෙලිඅත්ත හා මුල්කිරිගල යන ආසනවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරු දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (13) සිය පත්වීම් ලිපි බාර ගත්හ. 13 September 2018
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන පරීක්ෂණයක් කරන්න නියෝග ජනාධිපතිවරයාට අනතුරක් සිදුකිරීම ගැන හා පොලිසියේ උසස් නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ලංකාදීපයට පැවසීය. 13 September 2018
සැප පුටු මිලට ගන්න කිසිදු නීතිමය ගිවිසුමක් අත්සන් කර නෑ බස්නාහිර පළාත් සභාවේ සැප පුටු මිලදී ගැනීමට කිසිදු නීත්‍යානුකූල ගිවිසුමක් අත්සන් කර නැතැයි පවසන බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ගිවිසුමක් නැති ඇණවුමක් නැවැත්වූවැයි කියා සතයකවත් පාඩුවක් සභාවට සිදුවන්නේ නැතැයිද පැවසීය. 13 September 2018
පාර්ලිමේන්තුවත් ඩිජිටල් වෙයි පාර්ලිමේන්තුව සඳහා ඩිජිටල් ලේඛන කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු කර ඇත. 13 September 2018
ප්‍රකාශයක් දෙන්න රන්ජන් රාමනායක අල්ලස් කොමිසමට අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත අද (13) පැමිණියේය. 13 September 2018
ආසියාන් සංවිධානය හා ලංකාව අතර සහයෝගීතාව පුළුල් කිරිමේ වැඩපිළිවෙළක් ආසියාන් සංවිධානය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පුළුල් කරලීමේ ඉදිරි වැඩ පිළිවෙළක් සම්බන්ධව මූළික පියවර ගැනීම සුදුසු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආසියාන් සංවිධානයේ මහලේකම් ජොක් හොයි ලිම් මහතා අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි. 13 September 2018
චෙක්පත් 102 කට අදාළ වවුචර විනාශ කරලා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් තුන්වැනි පාර්ශව වෙත මුදල් ගෙවු බව කියන චෙක්පත් 102 කට අදාළ වවුචර් පත් එම සමාගම විනාශ කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් 13 September 2018
මන්නාරම සමූහ මිනීවළ ගැන තොරතුරු විමසීම බදාදා දිනට සීමා කරයි මන්නාරම සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනී වළ සම්බන්ධයෙන් මාධ්‍යට තොරතුරු ඉදිරිපත් කිරීම බදාදා දිනට පමණක් සීමා කරන ලෙසට මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා නියෝග කර ඇති බව මන්නාරම සමූහ මිනිවළ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මන්නාරම රෝහල් විශේෂ අධිකරණ වෛද්‍ය නිළධාරීන් සමින්ද රාජපක්ෂ මහතා අද (13) දින පැවසීය. 13 September 2018
‘දකුණූ කොරියාවේ තාක්ෂණය ආසියානු රටවල් සමඟ බෙදා ගන්නවා’ දකුණු කොරියාව කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ යෝධ පියවර ඉදිරියට තබා ඇති බැවින්, ඒ තාක්ෂණය හා අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමඟ බෙදා හදා ගැනීමට කැමැත්තෙන් සිටින බව දකුණු කොරියානු විදේශ ඇමැතිනී කං ක්යුං මහත්මිය පැවසුවා ය. 13 September 2018
ඌව පළාත් සභාවේ උප සභාපතිට එජාපයෙන් විශ්වාසභංග යෝජනාවක් ඌව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජී. ආර්. විමලදාස මහතා (එ.ජ.නි.ස) මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය කඩවන පරිදි කටයුතු කිරීම හේතුවෙන් පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් නියෝජ්‍ය සභාපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් මාසික සභා රැස්වීමේදී අද (13) සභාපතිවරයාට භාර දුන්හ. 13 September 2018
‘සැප පුටු ගනුදෙනුවට පත්කළ කමිටුවත් වැරදි තොරතුරු සැපයුවා’ බස්නාහිර පළාත් සභාවේ සැප පුටු ගනුදෙනුව සෙවීමට තමන්ගේ නියෝගයෙන් ප්‍රධාන ලේකම්වරයා පත් කළ කමිටුවත් වැරදි තොරතුරු සපයා තමන් නොමග යැවීමට කටයුතු කර ඇතැයිද එය තේරුම් ගත් පසු තමා වෙනම ස්වාධීන නිලධාරී කණ්ඩායමක් සමඟ කළ පරීක්ෂාවේදි නියම තොරතුරු හෙළි වූ බවද බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද (13) පැවසීය. 13 September 2018
‘ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරිමේ කුමන්ත්‍රණයක් පවතිනවා’ රටේ ආරක්ෂක ප්‍රධානීන් දුර්වල කිරීමේ රජයේ කුමන්ත්‍රණයක් පවතින බවත් මෙය ජාතික ආරක්ෂවට බරපතල තර්ජනයක් බවත් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. 13 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026