තරුණියක දූෂණය කළැයි රිෂාඩ්ගේ මස්සිනා අත්අඩංගුවට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 22 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳගේ සහෝදරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 23 July 2021
ඩෙල්ටා ආසාදිතයෝ දෙදෙනෙක් බද්දේගමින් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ නයාපාමුල හා තිලකඋදාගම යන ගම්මානවලින් ඩෙල්ටා වයිරස් ප්‍රභේදය ආසාදිතයින් දෙදෙනකු සොයගත් බැව සෞඛ්‍ය නිලධාරීහු පවසති. 23 July 2021
වැරැදි ආකාරයට මඟුල් කන්න දුන්නොත් වැඩ වරදි සෞඛ්‍ය නීති කඩකරමින් මංගල උත්සව පවත්වන පුද්ගලයන් සහ මංගල උත්සව ශාලා හිමිකරුවන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 23 July 2021
මන්ත්‍රී රිෂාඩ්ගේ බිරිය ඇතුළු තුනක් අත්අඩංගුවට බාලවයස්කාර දැරියක මෙහෙකාර වෘත්තියේ යෙදවීම හා කෘරත්වයට පත් කළැයි කියන මන්ත්‍රී රිෂ්ඩ් බදියුඩීන්ගේ බිරිය ඇතුළු 3ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා පවසයි. 23 July 2021
අමාත්‍යංශ කැබ් එකෙන් දඩයමේ ගිය තුනක් මාට්ටු දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින් ගිනි අවි හා තියුණු ආයුද රැගෙන තම්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දඩයමේ යමින් සිටි තිදෙනකු අද අලුයම අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය කියයි. 22 July 2021
ඌරගහ වෙඩි තැබීමක් ඌරගස්මංහන්දිය තේවත්ත ප්‍රදේශයේ මීට ස්වල්ප වේලාවකට උඩදී සිදු වූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ තරුණයකු රෝහල් ගත කළ බව ඌරගස්මංහන්දිය කියයි. 22 July 2021
දැරියගේ මරණය ගැන රිෂාඩ්ගේ බිරියගෙන් ප්‍රකාශයක් ගනී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි තරුණියක පිළිස්සී මිය යාමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදුයුදීන් මහතාගේ බිරිඳ ඇතුළු තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව බොරැල්ල පොලිසිය පවසයි. 22 July 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,128ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,128 දෙනෙක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 22 July 2021
කොවිඩ් මරණ 42ක් කොවිඩ් ආසාදිතවූ තවත් 42 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 July 2021
වසර 10කට පෙර පාවි ආ බටෙන් එළියට අපු දේවල් සින්නපාඩුව වෙරළට වසර 10 කට පෙර ගොඩ ගසා තිබු දැවැන්ත යකඩ බටයක් තුළ වායුසමිකරණ යන්ත්‍ර හා ආහාර ද්‍රව්‍ය රැසක් තිබි සොයාගත් බව උඩප්පුව පොලිසිය කියයි. 22 July 2021
මෙහෙකාර දැරිය මියයෑම ගැන ඇමැති නිශාන්ත වාර්තාවත් කැඳවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගේ නිවසේදී පිළිස්සී මියගිය දාසය හැවිරිදි දැරිය පාසල් නොයවා මෙහෙකාර සේවයට යැවීම පිළිබඳව ඇගේ මව්පියන්ගෙන් හා ඇය ජීවත්වූ අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරියාගෙන් කරුණු විමසන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි. 22 July 2021
වසර 21කට පසු මුණගැසී දින දෙකකට පසු අවසන් ගමන් යයි වසර විසි එකක් අතුරුදහන්ව සිට පසුව මුහුණු පොතේ පළ වු ජායාරූපයක් ඔස්සේ පවුලේ සමාජිකයනට මුණගැසුණු තම පියා දින දෙකකට පසු මියගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති. 22 July 2021
සැෂේ පැකට් ගැසූ කර්මාන්ත ශාලාවක් වටලයි කැස්බෑව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ, මඩපාත, ජබුරලිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක නීතියෙන් තහනම් කරන ලද සැෂේ පැකට් නිෂ්පාදනය කරද්දී මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද(22) වටලනු ලැබීය. 22 July 2021
දයාසිරි අනතුරකට ලක්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රිය අනතුරකට ලක්ව තුවාල ලබා ඇත. 22 July 2021
‘ඉදිරි මැතිවරණයට සියලු පක්ෂ සමඟ සන්ධානගතවී තරග කරනවා‘ ඉදිරි මැතිවරණ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ සමග සන්ධානගතවී තරඟ කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය. 22 July 2021
සුනිල් හදුන්නෙත්තිගෙන් පෙත්සමක් මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති ’’මුදල් සංශෝධන පනත් කෙටුම්පත’’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. 22 July 2021
අලි- මිනිස් මරණ ගැන කෝපා කමිටුවෙන් හෙළිදරව්වක් අලි මිනිස් ගැටුම නිසා 2019 වර්ෂයේදී අලි ඇතුන් 407 දෙනකු මියගොස් ඇතැයි තොරතුරු හෙළිවී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ( කෝපා)පවසයි. 22 July 2021
ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය අසළ උද්ඝෝෂණයක් සමාජවාදී තරුණ සංගමය සහ අයිතිය උදෙසා කාන්තාවෝ යන සංගම් විසින් සංවිධානය කල විරෝධතා ව්‍යාපාරයක් ශ්‍රී ජයවර්ධනපුර, මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී අද (22) සවස පැවැත්විණ. 22 July 2021
බදියුදීන්ගේ නිවසේදී මිය ගිය දැරියගේ විමර්ශනවල සහයට නීතිඥ කණ්ඩායමක් හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සී මියගිය 16 හැවිරිදි බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශන කටයුතු වලට සහාය වීම සඳහා නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයෙකුගෙන් සමන්විත රජයේ නීතිඥ කණ්ඩායමක් නීතිපතිවරයා විසින් පත් කරන ලදී 22 July 2021
වසර 3 ක සිර දඩුවම් නියමව සිටි නීතිඥවරයකුට ඇප ඔස්ට්‍රේලියානු ඩොලර් එක් ලක්ෂ අසූ දහස් පන්සියක මුදලක් සාවද්‍ය සාපරාධී අපහරණය කිරීමේ චෝදනාවට වරදකරු වී කොළඹ මහාධිකරණයෙන් වසර 3ක සිර දඩුවම් නියමව සිටින නීතීඥවරයෙකු වූ බිම්සර දිසානායක නැමැත්තා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත. 22 July 2021
ගුරුවරුන්ට දැනුම් දීමක් කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් ගුරුවරුන්ට තමා සේවය කරන පාසල පිහිටි කළාප කාර්යාලය දැනුවත්කර එන්නත් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 22 July 2021
එජාපෙන් අලුත් විදියක නායක පුහුණුවක් පශ්චාත් කොරෝනා සමාජය තුළ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන ආකාරය ගැන එක්සත් ජාතික පක්ෂය ග්‍රාමීය මට්ටමේ දේශපාලන නායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. 22 July 2021
පලාබද්දල වනජීවී නිලධාරීන් 4 කට කෙරෝනා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රත්නපුර, ශ්‍රී පලාබද්දල පිහිටි සමනළ ස්වභාව රක්ෂිත කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු කෝවිඞ් ආසාදිත බව තහවුරුවීමෙන් පසු එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් ලබන මස 02දා තෙක් කාර්යාල පරිශ්‍රය තුල නිරෝධායනයට ලක් කල බව සෞඛ්‍ය අංශ කියයි. 22 July 2021
“මඟුල් පොකුරු ඇතිවීමේ අවදානමක්’’ මංගල උත්සව සඳහා ලබාදී ඇති අවසරය අවභාවිතා කරන තත්වයක් පෙනෙන්නට තිබෙන බවත් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළහොත් ’’මගුල් පොකුරු’’ ඇතිවීමේ අවදානමක් මතුවිය හැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 22 July 2021
වලල්ලාවිට මන්ත්‍රී කණ්ඩායමත් නැවත එජාපයට සමගි ජන බලවේගයට සහය දැක්වූ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු පස් දෙනෙක් අද (22) නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වූහ. 22 July 2021
එන්නත් දෙකක් එකවර දීම ගැන විශේෂ පරීක්ෂණයක් පේරාදෙණියේ කාන්තාවකට මොඩර්නා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම එකවර ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ලංකාදීපයට පැවැසීය . 22 July 2021
මොඩර්නා ගැන බොරු ගොතන අය අල්ලන්න විමර්ශනයක් මොඩර්නා එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය. 22 July 2021
’’සමාජයේ ඩෙල්ටා රෝගීන් කොපමණ සිටිනවා දැයි කියන්න බෑ’’ සමාජයේ කෙතරම් ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූවන් සිටින්නේ දැයි කිව නොහැකි බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය . 22 July 2021
‘එන්නත් දෙකම ගැනීමෙන් අවදානමක් නෑ‘ කොරෝනා මාත්‍රා දෙකම එකවර ලබාගැනීමෙන් සෞඛ්‍යමය වශයෙන් අවදානමක් ඇති නොවන බව ඖෂධ නිෂ්පාදන සැපයූම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 22 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026