විදුලි ඉංජිනේරුවෝ අනතුරක් ගැන කියති ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ සැලසුම් ප්රතික්ෂේපකරමින් බලධාරීන් කටයුතු කිරීම නිසා අනාගතයේ රට අඳුරු අගාධයකට වැටීමේ අවදානමක් මතුව ඇතැයි ලංවීම ඉංජිනේරු සංගමය චෝදනා කරයි. 23 July 2021
උත්සවයේදී දුන් පරිඝනක 10යෙන් 5ක් අරන්යයි අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් එක්ව වලල්ලාවිට, දොඩම්පාපිටිය කනිෂ්ට විද්‍යාලයේ දරුවන්ට ඉකුත් දා ලබාදුන් ලැප්ටොප් පරිගණක 10කින් පහක් නැවත රැගෙන ගොස් ඇති බවට එම දරුවන්ගේ දෙමාපියෝ චෝදනා කරති. 23 July 2021
කොවිඩ් මරණ 4,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 July 2021
පොලිසියේ හොරා පොලිස් සෙල්ලමක් අහුවෙයි පොලිස් සංස්කෘතික අංශයේ නර්තන ශිල්පී කණ්ඩායම බවට පවසා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ පිරිසකගෙන් එක් අයකුට කොරෝනා වයිරසයට ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ තොරතුරු රැස්කිරීමේදී එම ආසාදිතයා නර්තන කණ්ඩායමට අයත් නොවන පිටස්තර පුද්ගලයකු බවට අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 23 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,310ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,310 දෙනෙක් අද (23) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 23 July 2021
සංචාරක වෘත්තිකයින්ගේ ණය සහනය දීර්ඝ කරයි කොරෝනා හමුවේ පීඩාවට පත් සංචාරක ක්ෂේත්රයේ පුද්ගලයින්ගේ ණය සහනය කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීම රජය පියවර ගෙන ඇත. 23 July 2021
ඩෙල්ටා රෝගීන් 61 ක් දක්වා ඉහළට වේගවත් ව්‍යාප්තියක් ඇති ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ තවත් 30 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ 14කින් හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 23 July 2021
බෝනොවන රෝගීන්ට කොවිඩ් එන්නතෙන් ප්‍රශ්නයක් නෑ බෝනොවන රෝගවලින් පීඩා විඳින හෝ ආසාත්මිකතා ඇති රෝගීන්ට කොවිඩ් එන්නත ලබාගැනීමෙන් කිසිදු ප්‍රශ්නයක් නොවන්නේයැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 23 July 2021
යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් එන්නත්කරණය කඩිනමින් අවසන් කළ යුතු හෙයින් වහා ළඟම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් කොරෝනා මර්දන එන්නත ලබාගන්නැයි සියලු ජනතාවගෙන් තමා විශේෂ ඉල්ලීමක් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 23 July 2021
රබර් කිරි කැපීමට ගිය කත අලියාට බිළි ඇසළ පෝයදා අද (23)දා උදෑසන කුලියට රබර් කිරි කැපිමට ගිය සිව්දරුමවකට වන අලියකු පහරදීමෙන් ඇය එම ස්ථානයේදිම මියගොස් ඇතැයි පොලිසිය කියයි. 23 July 2021
ගතවූ සති දෙකේදී කොවිඩ් මරණ 568ක් ශ්‍රී ලංකාවේ පෙරේදා (22)දිනෙන් අවසන් වූ සති දෙකක කාලයේදී කොරෝනා මරණ 568ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 23 July 2021
කොරෝනා එන්නත් 65න් ලක්ෂයකට විදලා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන යටතේ ඊයේ (22) වනවිට එක් මාත්‍රාවක් හෝ ලබාගත් සංඛ්‍යාව හැටපන් ලක්ෂය ඉක්මවා ගොස් තිබිණ. 23 July 2021
ශ්‍රී ලංකාවට නවසීලන්ත මහ කොමසාරිස්වරයෙක් පළමු වරට ශ්‍රී ලංකාව සඳහා නවසීලන්ත මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 23 July 2021
එන්නත් මාත්‍රා දෙකම එකවර ලබා දීමේ සිද්ධියේ පරීක්ෂණ වාර්තාව හෙට උඩපේරාදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට එන්නත් මාත්‍රා දෙක එකවර ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේ වාර්තාව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට හෙට (24) බාරදීමට නියමිතය . 23 July 2021
හබරාදුවේ හිමිවරුන් 17 කට කොරෝනා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තල්පේ විහාරස්ථානයක වැඩවසන හිමිවරුන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවි ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි. 23 July 2021
පළාත් අතර බස්-දුම්රිය ධාවනයට සහනයක් පළාත් අතර බස් හා දුම්රිය සේවා ලබන අගෝස්තු මස 01වැනිදා සිට සීමා සහිතව ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය 23 July 2021
හල්පේ ගින්න නිවන්න යුද හමුදාව කැඳවයි ඉඹුල්පේ හල්පෙ ප්‍රදේශීය රජයේ ෆයිනස් වගාවක පැතිරයන ගින්නකින් මේ වනවිට අක්කර 50 කට අධික ප්‍රදේශයක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 23 July 2021
අනතුරට පත් කැබ්රියේ ගංජා යාපනය ප්‍රදේශයේ සිට ගංජා ප්‍රවාහනය කළ බව කියන කැබ්රියකා හා නෙළුම්මල් කැඩීමට යමින් සිටි පිරිසක් රැගත් ලොරි රථයක් කරුවලගස්වැව එකොළහ කණුව ප්‍රදේශයේදී අද දින උදෑසන 6ට අනතුරක ලක්වීමෙන් තුවා ලැබූ රියැදුරන් දෙදෙනා පුත්තලම මූලික රෝහලට ඇතළත් කළ බව කරුවලගස්වැව පොලීසිය කියයි. 23 July 2021
පෝයට පන්සල් ආවත් සෞඛ්‍ය නීති නෑ ඇසළ පුර පසළොස්වක පෝය දිනය වන අද (23) පෙවරුවේ කැලණි රජමහා විහාරස්ථා භූමිය තුළ බැතිමතුන් විශාල පිරිසක් කිසිඳු සෞඛ්‍ය ආරක්ෂණ ක්රවේදයක් අනුගමනය නොකරමින් වන්දනා කරන ආකාරය දැකගත හැකිවිය. 23 July 2021
තැන් දෙකකින් කෝටියකට අධික කුඩු අල්ලයි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්තිඩිය සහ නාරම්මල යන ප්‍රදේශවල දී සිදුකළ සුවිශේෂ වැටලීම් දෙකකින් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 23 July 2021
“දෙවැනි මාත්‍රාවට ඇස්ට්‍රාසෙනිකා සොයාගෙන අවසන් දෙවෙනි මාත්‍රාව සඳහා හිඟ පාඩුවී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය සොයාගෙන අවසන් යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය . 23 July 2021
ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව චෝදනාපත්‍ර බාරදෙයි එංගලන්තයේ තරග සංචාරයකට සහභාගි වී සිටියදී ‘ජෛව ආරක්ෂක බුබුල’ බිඳ දමමින් රාත්‍රී වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට චෝදනා පත්‍ර බාරදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 23 July 2021
කෝටි තුනක කේරළ ගංජා සමඟ අයෙක් මාට්ටු රුපියල් කෝටි 3 ට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 107 ප්‍රමාණයක් සමග සැකරුවෙක් වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත. 23 July 2021
ලිට්රෝ ගෑස් හිඟයක් ලිට්රෝ ගෑස් හිඟයක් රට පුරා පවතින බව ගෑස් අළෙවිකරුවෝ සහ පාරිභෝගිකයෝ පවසති. 23 July 2021
එස්.ටී.එෆ් ලාංඡනය යොදා පිගන් භාණ්ඩ අලෙවි කළ අයෙක් අත්අඩංගුවට විශේෂ කාර්ය බලකායේ නිල ලාංඡනය නීති විරෝධී ලෙස යොදා ගනිමින් සැකසූ පිඟන් භාණ්ඩ අලෙවි කරමින් සිටි පුද්ගලයෙක් කොට්ටාව ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකායේ බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 23 July 2021
පැය 24 කදී නිරෝධායන නීති කැඩු 152 ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 152 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 July 2021
ප්‍රදේශ රැසකට අද තද වැසි නිරිත දිග මෝසම සක්‍රීයව පවතින බැවින් ප්‍රදේශ රැසකට අද (23) දිනයේදී තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 July 2021
තරුණියක දූෂණය කළැයි රිෂාඩ්ගේ මස්සිනා අත්අඩංගුවට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 22 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳගේ සහෝදරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 23 July 2021
ඩෙල්ටා ආසාදිතයෝ දෙදෙනෙක් බද්දේගමින් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ නයාපාමුල හා තිලකඋදාගම යන ගම්මානවලින් ඩෙල්ටා වයිරස් ප්‍රභේදය ආසාදිතයින් දෙදෙනකු සොයගත් බැව සෞඛ්‍ය නිලධාරීහු පවසති. 23 July 2021
වැරැදි ආකාරයට මඟුල් කන්න දුන්නොත් වැඩ වරදි සෞඛ්‍ය නීති කඩකරමින් මංගල උත්සව පවත්වන පුද්ගලයන් සහ මංගල උත්සව ශාලා හිමිකරුවන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 23 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026