දැරිය මිය යෑම ගැන බදියුදීන්ගෙන් ප්‍රශ්න කරන්න යයි මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරන බව බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. 25 July 2021
රට රටවල කොරෝනා ජුලි 25 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 25 July 2021
කොරෝනා මරණ 45ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 45 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 July 2021
‘‘වතු දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයට දෙන්නේ නෑ‘‘ වතු කම්කරුවන්ගේ දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයේ යෙදවිමට කිසිවකුට නොහැකි වනසේ කම්කරු අඥා පනත ශක්තිමත් කිරිමට අපි මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. 25 July 2021
ජනපති - ශ්‍රීලනිප සාකච්ඡාවක් හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (26) පෙරවරුවේ පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 25 July 2021
දියණියගේ දරුගැබ නැතී කරන්න ගිය මවට වැඩ වරදි බෑනාට හොර රහසේ සිය 24 හැවිරිදි ගැබිණි දියණිය කෑගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් වලව්වක සඟවාගෙන දරුගැබ විනාශ කිරීමට කටයුතු කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය කියයි. 25 July 2021
කොරෝනා ආසාදිතයන් 1190ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,190 දෙනකු අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 25 July 2021
ගුරුවරු සාපෙළ සිසුන්ගේ ප්‍රායෝගික පරික්ෂණවලින් ඉවත් වෙති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ - 2021 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විමට කිසිදු සහායක් ලබා නොදෙන බව ගුරු සම්ගම් නායකයෝ පවසති. 25 July 2021
‘‘හෝටල් කර්මාන්තයේ ලක්ෂ එකහමාරකට යන එනමන් නෑ‘‘ කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටීම නිසා හෝටල් සේවකයන් 150,000ක පමණ පිරිසක් දැඩි පීඩනයකට පත්ව සිටින බව අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතිඥ ජානක අධිකාරී මහතා පවසයි. 25 July 2021
ලංකාව සතු ඩොලර් සංචිතය පතුලටම වැටෙයි ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතය නිදහසෙන් පසුව වැටෙන අඩුම ප්‍රමාණයට අනිද්දා පත්වන බවත් ශ්‍රී ලංකාව නොපෙණෙන අගාදයකට වැටෙමින් තිබෙන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවසීය. 25 July 2021
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කොතලාවල පනතට විරුද්ධ වන හැඩ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනය නොකර ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මාතරදී අද පැවසීය. 25 July 2021
රජය අත්‍යවශ්‍ය ආහාර ආනයනයට සැරසෙයි පෞද්ගලික අංශය ඒකාධිකාරයක් නිර්මාණය කරගෙන ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට ලබාදීමේ අරමුණින් ඉහළ පරිභෝජනයක් ඇති ආහාර ද්‍රව්‍ය කීපයක් රජය මගින් ආනයන කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 July 2021
දියණියට දසවද දුන් නැන්දා රිමාන්ඩ්:පියාට ඇප නොරෝච්චෝලේ ආලංකුඩාව ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක වසර දෙකක් දම්වැල් දමා කුකුල් කොටුවක බැඳ දසවද දුන් ඇගේ නැන්දනිය අගොස්තු 2 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් දැරියගේ පියා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසත් පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් එම්.එම්.ඉක්බාල් මහතා නියෝග කළේය. 25 July 2021
දරුවන් වෙනුවෙන් පනත් ළඟදීම මැති සබයට බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යොදවා ගැනීම වැළැක්වීම සඳහා අණ පනත් කිහිපයක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. 25 July 2021
ජබුරලියේ ඇඟලුම් හලක් දින 10කට වහයි ඩෙල්ටා වයිරස් ප්‍රභේද ආසාදිතයන් හයදෙනකු හඳුනාගත් කැස්බෑව ජබුරලිය ,ලුල්ලවල පාරේ ඇඟලුම් කර්මාන්ත ශාලාව දින 10ක කාලයක් තාවකාලිකව වසා තබන ලෙස පාලනාධිකාරියට දැනුම් දුන් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය. 25 July 2021
බුද්ධ ප්‍රතිමාවට සහ රණවිරු ස්මාරකයට හානි කරලා රක්වාන දෙමුවාත ස්ටෝරු කඩේ ප්‍රදේශයේ ඉදිකර තිබූ රණවිරු ස්මාරකය සහ ආසන්නයේ තිබූ කුඩා බුද්ධ ප්‍රතිමාව කඩා බිඳ දමා විනාශ කර ඇතැයි රක්වාන පොලීසිය පවසයි. 25 July 2021
හම්බන්තොට වරාය ආශ්රිත කර්මාන්ත වේගවත් කරන්න සාකච්ඡා හම්බන්තොට වරාය ආශ්රිත කර්මාන්ත වේගවත් කිරීම සඳහා ඒකාබද්ධ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා සහ හම්බන්තොට වරාය සමූහයේ ආයෝජන සේවා සාමාන්‍යාධිකාරී ජස්ටින් ෂැංගේ මහතා ඇතුළු කණ්ඩායමක් බීජිං නුවරදී පැවැත්වූහ. 25 July 2021
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට ළඟදීම නඩු පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට නඩු පැවරීම අවසාන අදියරේ පවතින බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. 25 July 2021
මහනුවර රෝහලෙන් දෙදිනකදී කොරෝනා මරණ 12ක් කොරෝනා වයිරසය ආසාදිත වී මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ පිරිසෙන් 12 දෙනකු පසුගිය දින දෙකක් තුළ මරණයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 25 July 2021
කොරෝනා දරුවෝ 51 ක් පසුගිය සතියේදී ළමා රෝහලට කොරෝනා ආසාදනයවූ දරුවන් 51 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පසුගිය සතියේදී ඇතුළත් කර ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය . 25 July 2021
ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ රංජන් යළි බන්ධනාගාරයට බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ප්‍රතිකාර සදහා අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිට තංගල්ල මූලික රෝහලට රැගෙන ආවේය. 25 July 2021
කඩු පහරින් එක්දරු පියා මරුට යම් පිරිසක් නිවසට පැමිණ කඩුවකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ 23 හැවිරිදි පුද්ගලයෙක් අද අලුයම ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය බව වඳුරඹ පොලීසිය කියයි. 25 July 2021
‘ඩෙල්ටා‘ ආසාදිත 11 හැවිරිදි සිසුවෙක් හඳුනා ගනී බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ දී පළමුවරට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වැළඳුන 11 හැවිරිදි පාසල් සිසුවෙකු හඳුනාගත් බව ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අර්.ජේ. සිංහබාහු මහතා පැවසීය . 25 July 2021
බදියුදීන්ගේ නිවසේදී මිය ගිය දැරිය ගැන 30 කගෙන් ප්‍රශ්න කරයි හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරියක් පිළිස්සී මියයාම හා ඇය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් පුද්ගලයන් 30 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 25 July 2021
කෝටි 4,750 ක භාණ්ගාර බිල්පත් වෙන්දේසි කරන්න යයි ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් කෝටි 4,750 ක වටිනාකමින් යුත් භාණ්ඩාගාර බිල්පත් ලබන 28 වැනිදා වෙන්දේසියක් කිරීමට නියමිතව තිබේ. 25 July 2021
රාජා මහෙන්ද්‍රන් අභාවප්‍රාප්ත වෙයි ‘සිරස’ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ප්රමුඛ කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 25 July 2021
පළාත් කීපයකට විටින් විට තද වැසි බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 July 2021
කුලියාපිටිය බන්ධනාගාරයෙන් රැඳවියෝ තිදෙනෙක් පැන යති කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු පළා ගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. 25 July 2021
නිරෝධායනය කැඩූ 149 පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 149 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 July 2021
ඇමෝනියා නයිට්රේට් කිලෝ 75ක් සමග අයෙක් මාට්ටු මැදවච්චිය රම්බකුලම ප්‍රදේශයේ නිවසක අධි බලැති පුපුරණ ද්‍රව්‍යයක් වන ඇමෝනියා නයිට්රේට් කිලෝ 75 ප්‍රමාණයක් නිවසක තබාගෙන සිටි පුද්ගලයෙක් විශේෂ කාර්ය බළකායේ සෙට්ටිකුලම කඳවුරේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 25 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026