දැරියකට දසවද දුන් නැන්දා සහ තාත්තා අත්අඩංගුවට අත්වලට දැම්වැල් දමා කුකුල් කූඩුවක බැඳ බාල වයස්කාර දැරියක කෘරත්වයට පත් කළැයි බව කියන ඇගේ නැන්දා සහ ඊට අනුබල දුන් බව කියන ඇගේ පියා සැකපිට අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලිසිය කියයි. 25 July 2021
ලංකා ගුරු සේවා සංගමයට එරෙහිව අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කොවිඩ් වසංගත තත්ත්වයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිර යාමේ අවදානමක් පවතින අවස්ථාවේ නිරෝධාන සෞඛ්‍ය නීති උල්ලංගනය වන ආකාරයට උද්ඝෝෂණයක් සිදු කර අයුතු ලෙස ජනයා ඒකරාශී කිරිමෙන් ජනජීවිතය අවධානමකට ලක්කළ බව කියමින් ලංකා ගුරු සේවා සංගමයට සහ එරෙහිව යුක්තිය උදෙසා ජනතාව සංවිධානයේ සභාපති ඩිල්ශාන් ගමගේ මහතා විසින් කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් සිදු කරනු ලැබිය. 24 July 2021
ඇස්ට්‍රාසෙනිකා පළමු බලය බිඳිලාද? ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන් ලක්ෂ පහමාරකට ආසන්න පිරිසකට පළමු මාත්‍රාවෙන් මාස තුනකට අධික කාලයක් ගතවනතුරු දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වීම නිසා එම එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණය පිළිබඳ පවතින බලය ඉවත්වී තිබේද යන්න ගැන සැක මතුව ඇති බව වාර්තාවේ. 24 July 2021
15 දැරියක් පැහැරගෙන ගිය පිය පුතු මාට්ටු සති දෙකක් පුරා අතුරුදන්ව සිටි බව කියන වයස අවුරුදු 15 වයසැති බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනය සිදු කිරිම සහ එයට ආධාර අනුබ දුන් බව කිය පියපුතු දෙදෙනකු මොරටුව කොරලවැල්ලේ දී අද අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසිය කියයි. 24 July 2021
දැරියගේ අභිරහස් මරණයට එරෙහිව මන්ත්රීවරියෝත් සටනට මන්ත්‍රීවරයෙකුගේ නිවසේ 16 හැවරිදි මෙහෙකාර දැරියක අපයෝජනයට ලක්වීමෙන් පසු පිළිස්සී මිය යෑමේ සිද්ධිය ගැන දැඩි කනස්සල්ල පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි . 24 July 2021
එමිරේට්ස් ගුවන් තහනම 28 වැනිදා දක්වා දීර්ඝ කරයි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හතරක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය ගෙන තිබූ තීරණය ලබන 28 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම ගුවන් සමාගම පියවර ගෙන ඇත. 24 July 2021
කොවිඩ් මරණ 52ක් කොවිඩ් ආසාදිතවූ තවත් 52 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 24 July 2021
“පොහොට්ටුව - වියත්මග අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගියා’’ පොහොට්ටුව සහ වියත්මග මෙරට අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගිය බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,220ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,220 දෙනෙක් අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 24 July 2021
කොතලාවල සරසවි පනත ගැන මැතිසබයෙන් මන්ත්‍රීවරුන්ට පාඩමක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩමුළුවක් ලබන මස 3 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය . 24 July 2021
සතුන් වත්තේ සතුන්ට කොරෝනා හැඳුණේ වවුලන්ගෙන්ද? දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයන් ඇතුළු සතුන් කිහිපදෙනෙකුට කොරෝනා පැතිරුණේ එහි වවුලන්ගෙන් දැයි සැකයක් මතුව ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය . 24 July 2021
ළමා අධිකාරියත් වැඩට බහී අඩු වයස් දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවෙස් සොයා විශේෂ මෙහෙයුමක් ඇරඹූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි . 24 July 2021
රෝහල් ගත වූ රිෂාඩ් යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නැවත එම දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත. 24 July 2021
කෘෂිකාර්මික හා අධි තාක්ෂණික සරසවියක් පිහිටුවීමට චීනයෙන් සහය ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහය ලබා දීමට චීනය එකඟ වූ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 24 July 2021
කොරෝනා වැළඳුණු දරුවන් පන්සීයක් : 10ක් මරුමුවට කොරෝනා ආසාදනයවූ දරුවන් පන්සියයකට ආසන්න පිරිසක් කොළඹ ලේඩි රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේදක්වා වාර්තාවී ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය . 24 July 2021
මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක් තම දරුවන් අගහිඟතාව හේතුවෙන් මෙහෙකාර සේවයට දී ඇත්නම් වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානවලට දැනුම් දෙන්නැයි මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය . 24 July 2021
හිටපු අමාත්‍ය ධර්මසිරි සේනානායක ගුණ සැමරුම අදයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් සහ සංචාරක, සිවිල් ගුවන් සේවා, ජනමාධ්‍ය හිටපු අමාත්‍යවරයකු වන දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ 21 වැනි ගුණ සැමරුම අද (24) ට යෙදී තිබිණි. 24 July 2021
ඇමැති- ගුරු තවත් සාකච්ඡාවක් සඳුදා ගුරුවරුන්ගේ වැටුප් ප්රශ්නය විසඳීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා සහ ගුරු සංගම් නියෝජිතයන් අතර තවත් සාකච්ඡා වටයක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අනිද්දා (26) සඳුදා පෙරවරුවේ පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවැසීය. 24 July 2021
දියේ ගිලීම්වලින් වාර්ෂිකව 800 ක් මරුට දියේ ගිලීම් හේතුවෙන් සෑම වසරකම මෙරට 800 දෙනකු පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ජාතික අනතුරු වැළැක්වීමේ සහ කළමනාකරණ වැඩසටහන් කළමනාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසීය. 24 July 2021
රිෂාඩ් බිරිය ඇතුළු සිවු දෙනා පැය 72 රඳවා ප්‍රශ්න කරන්න අවසර මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලී පිලිස්සීමෙන් මියගිය දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ ඇගේ පියා, සහෝදරයා සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු ලබන 26 දක්වා රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය අද පොලීසියට අවසර ලබා දුන්නා ය. 24 July 2021
ඉසුරු සොයා යන පිරිස්වල අඩුවක් විදේශ රැකියා සදහා පිටත්ව යාම ගතවූ කාලය තුළ ලක්ෂ දෙකකින් පමණ අඩුවී ඇතැයි ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 24 July 2021
අනතුරුවලින් පැය 24ට අටක් මරුතුරුළට ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 8 දෙනෙකු මිය ගොස්, ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 24 July 2021
කොරෝනා නිසා කඩා වැටුණු කුඩා ව්‍යාපාර ගොඩ ගන්න රජයේ අවධානය කොරෝනා වසංගතය හේතුවෙන් එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා සහන මුදලක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත 24 July 2021
රුහුණු කතරගම පෙරහර සාර්ථකව අවසන් වෙයි රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් පසු අද නිමාවට පත්විය. 24 July 2021
සැර කොරෝනා සොයන පරීක්ෂණ කට්ටල 15,000ක් මිලදී ගන්න යයි සැර කොරෝනා ප්‍රභේද සොයන ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා යොදා ගැනීමට විශේෂිත පරීක්ෂණ කට්ටල 15,000ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි. 24 July 2021
කොළඹ නගරයට විදේශ ආයෝජන ව්‍යාපෘති හයක් කොළඹ වරාය නගරය සඳහා මහා පරිමාණ විදේශ ආයෝජන ව්‍යාපෘති හයක් පමණ මෙිවන විට ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි 24 July 2021
රාජ්‍ය ආයතනවල විදයම් සීමා කරයි රාජ්‍ය ආයතනවල වියදම් මාස 6 ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇත. 24 July 2021
ප්‍රදේශ රැසකට විටින් විට තද වැසි ප්‍රදේශ රැසකට අද (24) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 July 2021
රිෂාඩ්ගේ බිරිය ඇතුළු පිරිස අද අධිකරණයට හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී දැරියක් මිය යාමේ සිද්ධිය අදාළව පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ , ඇගේ පියා , එම නිවසට රැගෙන ආ තරව්කරු ද අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 24 July 2021
වස් සමය ඇරඹෙයි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය යෙදුණු අද (23) දිනයේදී දිවයින පුරා විහාරස්ථානවල චාරිත්‍රානුකූලව පෙරවස් සමාදන්වීමේ පිංකම් පැවැත්විණි. 23 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026