ලක්ෂ 200 මෝටර් රථය ගිනි රකුසාට බිලි වත්තල සිට කතරගම පැමිණෙමින් සුඛෝපභෝගී මෝටර් රථයක් තම්මැන්නාව මැණික් වල සීමාව හංදීයේදී හදිසියේ ගිණිගෙන විනාශවී ඇතැයි කතරගම පොලීසිය කියයි. 27 July 2022
වී මෙට්‍රික්ටොන් ලක්ෂයක් ගන්න මණ්ඩලය තීරණය කරයි යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 27 July 2022
මෙි අරගල කරුවන් නොවේ අරාජිකකරුවන් දැන් ඉන්නේ අරගල කරුවන් නොව අරාජික කරුවන් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 27 July 2022
පොහොට්ටු පුංචි මන්ත්‍රිනියට කුණු බිත්තර ප්‍රහාරයක් අනුරාධපුර මහ නගරසභා සේවකයන් පිරිසකගේ කුණු බිත්තර ප්‍රහාරයකට ලක් වූ පොහොට්ටු මන්ත්‍රී සුරංගි රේණුකා සමරතුංග මහත්මිය පොලිසිය මැදිහත්ව බේරාගෙන ගොස් ඇත. 27 July 2022
විරෝධතා මුවාවෙන් කෙරෙන ත්‍රස්තවාදී ක්‍රියා ප්‍රතික්ෂේප කරනවා ප්රජාතන්ත්රවාදී විරෝධතා පිළිගන්නා නමුත් විරෝධතා මුවාවෙන් කෙරෙන ත්‍රස්තවාදී හිංසන ක්‍රියා රජය ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය. 27 July 2022
ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක් ගම්පහ අධිකරණය ඉදිරිපිටදී අද (27) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇති අතර මෙහිදී තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 27 July 2022
ත්‍රීරෝද රථ රියදුරන්ට තවත් හිසරදයක් ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව පොලිස් ස්ථානවල ත්‍රීරෝද රථ ලියාපදිංචි කරන ලෙස බලශක්ති අමාත්‍යංශය කළ දැනුම්දීම සමඟ පොලිස් ස්ථානවලට යන ඇතමුන්ට ත්‍රීරෝද රථයේ ලියාපදිංචි අයිතිය නොමැතිවීම නිසා දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ. 27 July 2022
‘කොවිඩ්’එන්නත ගන්න උනන්දුව ඉහළ යයි ‘කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාගැනීමට ජනතාව තුළ නැවතත් උනන්දුවක් ඇති වී තිබේ. 27 July 2022
‘කොවිඩ්’ රෝග ලක්ෂණ ඇති දරුවන් පාසල් යවන්න එපා ‘කොවිඩ්’ රෝග ලක්ෂණ පෙන්වන දරුවන් පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවලට යොමු නොකළ යුතු බවත් එසේ කළහොත් දරුවන්ට රෝග වැළදීමේ අවධානමක් ඇති බවත් ළමා රෝග විශේෂඥා වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. 27 July 2022
දේශපාලන ගෙම්බන්ට ජනතා අධිකරණය දඬුවම් දේශපාලන ගෙම්බෝ වගේ එහාට මෙහාට පැන්නොත් ජනතා අධිකරණය හමුවේ ඒවාට ප්‍රතිචාර විදින්නට සිදු වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (27)පැවසීය. 27 July 2022
අරගලයේ දැන් ඉන්නේ පිස්සන් කුඩුකාරයින් අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන් පිරිසක් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය. 27 July 2022
ගෝඨාභයට තව සති දෙකක් සිංගප්පූරුවේ ඉන්න අවසර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සති දෙකක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 27 July 2022
යුක්රේන වැසියෝ ජොන්සන් ඉල්ලති බ්‍රිතාන්‍ය ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් ඉවත් වී අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බොරිස් ජොන්සන්ට යුක්රේනයේ පුරවැසිභාවය ලබා දෙමින්, ඔහුට යුක්රේනයේ අග්‍රාමාත්‍ය ධුරය පිරි නැමීමට යුක්රේන වැසියන් පෙත්සමකට අත්සන් කරන බව වාර්තා වේ. මේ වනවිටත් එම පෙත්සමට අත්සන් 2,500 ක් ලැබී ඇතැයි ද පැවැසෙයි. 27 July 2022
විවාදය අතරතුරේ නිවේදිකාව සිහිසුන් බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ නායකත්වය සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා සටන පවතින්නේ එම පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු වන හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් සහ විදේශ ලේකම් (විදේශ අමාත්‍ය) ලිස් ට්‍රස් අතරේය. 27 July 2022
ජාතික ඉන්ධන බලපත්‍රයට ලක්ෂ 40ක් ලියාපදිංචි වෙති ජාතික ඉන්ධන බලපත්‍රයට ඊයේ (26) රාත්‍රී වන විට පුද්ගලයන් ලක්ෂ 40 ක් ලියාපදිංචි වී සිටි බවත් සිපෙට්කෝ පිරවුම්හල් 299 කදී සහ අයි.ඕ.සී. පිරවුම්හල් 34 කදී පුද්ගලයන් 92,845 කිව්.ආර්. පද්ධතිය භාවිතා කර තිබූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 27 July 2022
වජිර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි වජිර අබෙිවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 27 July 2022
ජනපති මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි පාර්ලිමේන්තු ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද නිල වශයෙන් දැනුම් දුන්නේය. 27 July 2022
පාර්ලිමේන්තුවේ නව සභානායක සුසිල්? පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 27 July 2022
මැයි 9 සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට වාර්තාවක් ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගමට ඉකුත් මැයි මස (9) දින එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හරින ලද පොලිස්පතිවරයා ඇතුලු එම ප්‍රදේශයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම මගින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කළ බව එම කොමිසම පවසයි. 27 July 2022
අරගලයට මුහුණ දෙන හැටි සනත් නිශාන්ත කියයි ගෝඨා ගෝ ගමට බුදුගුණ ගයලා වැඩක් නැති බවත් ඒ අයට සලකන හොඳ විදියක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවසීය. 27 July 2022
හොර අංකයකට තෙල් ගන්න ඇවිත් කූඩුවේ ළගිති ව්‍යාජ අංක තහඩු සවිි කරගෙන වේයන්ගොඩ මැදගම්පිටිය සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරු පැදි කරුවකු සහ බස් රථ රියදුරකු අදාල වාහන සමග අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි. 27 July 2022
පළාත් රැසකට අද සවස වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (27) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 July 2022
කඳුළු ගෑස් පැහැරගත් තවත් අයෙක් උණ්ඩ පහක් සමග මාට්ටු පොල්දූව මංසන්ධියේ ඉකුත් 13 වෙනි දින පැවති විරෝධතාව අතරතුර දී මහජන සාමය කළමණාකරන කොට්ඨාසයේ නිලධාරීන් ත්‍රීරෝද රථයකින් රැගෙන එමින් සිටි කඳුළුගෑස් උන්ඩ සොරා ගත් පුද්ගලයකු ඇතුල්කෝට්ටේ අලකේශ්වර මාවත නිවසක දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය 27 July 2022
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය අදින් අවසන් පාර්ලිමේන්තුව ( නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය) අද (27) රාත්‍රියේ වාර අවසාන කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. 27 July 2022
අධිකරණ නියෝග කඩා ගාලුමුවදොර රැදී සිටි හතර දෙනා රිමාන්ඩ් අධිකරණ නියෝග නොතකමින් ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරූව ඉදිරිපිට රැඳී සිටියදී කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් අරගලකරුවන් සිව් දෙනකු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද 26 නියෝග කළේය. 26 July 2022
කොරෝනා ආසාදිතයෝ 119 ක් කොවිඩ් ආසාදිතයන් 119 දෙනෙක් අද (26) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. 26 July 2022
රූපවාහිනිට රිංගා කලබල කළ අයෙක් රට පනින්න යද්දී මාට්ටු අරගලකරුවන් යැයි පවසමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී එහි සජීවි විකාශයට සම්බන්ධ වූ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යෑමට සූදානම් වූ අවස්ථාවේදී අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 26 July 2022
රටෙි නායකත්වය දිය යුතු පළපුරුදු ම නායකයා රනිල් ශ්‍රී ලංකාවෙි නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී සංගමය (International Democratic Union) සඳහන් කරයි. 26 July 2022
පාස්පෝට් දෙන්නේ දිනයක් වෙන්කරගත් අයට පමණයි දිනයක් සහ වේලාවක් වෙන්කරගත් පුද්ගලයන්ට පමණක් හෙට (27) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා අද (26) පස්වරුවේ පැවසීය. 26 July 2022
කොවිඩ් මරණ 5 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ පුද්ගලයන් පස්දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය. 26 July 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026