ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීනයෙන් සතුටුදායක පිළිතුරක් ශ්‍රී ලංකාව සහ සැමීබියාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීම සඳහා තමා විසින් නැවත නැවත කරන ලද ඉල්ලීමට චීන පාර්ශ්වයෙන් සතුටුදායක පිළිතුරක් ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත. 10 December 2022
ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන අවසාන තීරණය ළඟදීම ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකන් කේටරින් ආයතනය සහ භූමි සේවා සැපයුම් අංශය (Ground handling) යන අංශයන්හි පරිපාලනය කිසියම් හෝ ආයෝජකයකුට එකට දෙනවාද නැතහොත් වෙන වෙනම දෙනවාද යන්න ගැන ළඟදීම අවසන් තීරණයක් ගන්නා බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 10 December 2022
බදු ක්‍රමය හදන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කර නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් විශේෂ ඉල්ලීමක් කළේය. 10 December 2022
පුරාවස්තු 777ක් පසුගිය වසර තුනේදී උස්සලා ඉතා වටිනා පුරාවස්තු 777 ක් පසුගිය වසර තුනේදී (2021 - 2019) සොරකම් කර හෝ විනාශ කර හෝ ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 10 December 2022
විදුලි බිල වැඩි කළත් විදුලිය නොකපා ඉන්න බෑ විදුලි බිල වැඩි කළත් ලබන වසරේ විදුලිය කපී සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි. 10 December 2022
විදුහල්පතිගෙන් කාලා ඔහුට විරුද්ධව පැමිණිල්ලක් දාලා දෙබරවැව ජනාධිපති කණිෂ්ඨ විද්‍යාලයේ 9 වසරේ සිසුවකුගේ පිටට පාසලේ විදුහල්පතිවරයා වේවැලෙන් පහරදී ඇති බව පවසමින් එම සිසුවා දෙබරවැව මූලික රෝහලට ඇතුළත්ව ඇත. 10 December 2022
ලෝක බැංකු ප්‍රධානීහු චීන බැංකු සභාපතිවරු සමග සාකච්ඡා චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැකුවේ සභාපතිවරුන් චීනයේ සංචාරයක නිරත වන ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමඟ සාකච්ඡාවක් පැවැත්විණි. 10 December 2022
ඩුබායි චමියාගේ ගෝලයො හතරක් මාට්ටු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වූ ඩුබායි රටේ සැඟව සිටින චමියා ගේ ගෝලයන් බව කියන සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි. 10 December 2022
රිමාන්ඩ් සිරගෙදර සිට රාජකාරි යන අධිකරණ සේවකයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකිර්ණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන් හොරොයින් කිලෝවක් සොරකම් කළැයි අත්අඩංගුවට රිමාන්ඩ් බාරයේ සිටින එහි හිටපු ගබඩාවේ භාරකරු රිමාන්ඩ් භාරයේ සිටියදිත් දිනපතා නඩුභාණ්ඩ ගබඩාව වෙත පැමිණෙන බව නීතීඥවරු පිරිසක් පවසති. 10 December 2022
සැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානය කැමැත්ත ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත. 10 December 2022
‘මැන්ඩවුස්’ බලපෑම ක්‍රමයෙන් පහළට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවේ බලපෑම අදින් (10) පසු මෙරටින් ක්‍රමයෙන් පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසීය. 10 December 2022
අයි.පි. කට මිරිකා කොස්තාපල්ට ගහලා කොළඹ දකුණ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානයක වැඩබලන පොලිස් ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පහර දුන් බව කියමින් පොලිස් කොස්තාපල්වරයකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 09 December 2022
ඉන්දීය ‘ඊ වීසා’ නිකුත් කිරීම නැවත අරඹයි ශ්‍රී ලාංකිකයන්ට විනෝද සංචාර, විවේකය, ව්‍යාපාර සහ සම්මන්ත්රණ ආදිය සඳහා සභාගිවීම සඳහා ඉන්දියාවට යෑමට සහ රැදී සිටීමට විද්‍යුත් වීසා (ඊවීසා) නිකුත් කිරීම නැවත ආරම්භ කළ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. 09 December 2022
ණය සැහැල්ලු කරන්න චීනය තව ක්‍රියාමාර්ග ගත යුතුයි සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල ණය බර සැහැල්ලු කිරීම සඳහා චීනය තවත් ක්‍රියාමාර්ග ගත යුතු බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් චීන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව ලෝක බැංකුව පවසා ඇත. 09 December 2022
ගාලුමුවදොරදී අරගලකරුවන් සිහි කරති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයට එරෙහිව පසුගිය අප්‍රේල් මස 9 වැනිදා ආරම්භ කළ ‘අරගලයට’ සහභාගි වී සිටියදී මරණයට පත්වූ සහ විවිධ අනතුරුවලට ලක්වූ ජනතාව සිහිකරමින් අරගලයේ ක්‍රියාකාරිහූ අද (9) පස්වරුවේ කොළඹ ගාලුමුවදොරදී සැමරුම් උත්සවයක් පැවැත්වූහ. 09 December 2022
රෝහල් සේවකයා රෝහලේ අකුණු සන්නායකයට විදලා අලුත්ගම රජයේ රෝහලේ අලුතෙන් ඉදි කර ඇති ගොඩනැගිල්ලේ සවිකර තිබූ අකුණු සන්නායකයේ පොළොවට සම්බන්ධ තඹ ලෝහ අඩි සියයක කොටස් සෞඛ්‍ය කාර්ය සාහායකයකු විසින් ගලවාගෙන ගොස් තිබේ. 09 December 2022
ඩයනා දැමූ නඩුවට සජිත්ට රංජිත්ට නොතීසි සමගි ජනබලවේගය පක්ෂයේ තනතුරු දැරීම තහනම් නොකිරීමට හේතු ඇත්නම් ලබන ජනවාරි 25 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයි නියම කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය විපක්ෂ නායක සහ සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතාට සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට අද 09) නොතීසි හා සිතාසි නිකුත් කළාය. 09 December 2022
ලංකා සතොස බඩු මිල තවදුරටත් අඩු කරයි අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි. 09 December 2022
ලංගම ‘සිටි බස්’ සේවය නතර කර නෑ ලංගම සභාපති ධූරයෙන් තමන් ඉවත්කිරීමට හේතුව ලෙස අමාත්‍යවරයා දක්වා ඇති මාකුඹුර සිට කොළඹ කොටුව දක්වා ‘සිටි බස්’ සේවාව නතර කර නොමැති බවත් එම ව්‍යාපෘතිය සඳහා විශාල මුදලක් වැයකරමින් පෞද්ගලික අංශයෙන් බස් ගැනීම පමණක් නතර කළ බවත් ලංගම සභාපති ධූරයෙන් ඉවත් කළ කිංස්ලි රණවක මහතා පැවසීය. 09 December 2022
නඩුබඩු ලක්ෂ 4ක් අස්ථාන ගත කළ රෙජිස්ට්‍රාර් රිමාන්ඩ් අධිකරණය භාරයේ නඩු භාණ්ඩයක්ව තිබූ රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් අස්ථාන ගත කළේ යැයි මිනුවන්ගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණය ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් තිලානි තේනබන්දු මහත්මිය අද (09) නියෝග කළාය. 09 December 2022
රැඳවියන්ගේ කුසලතා දියුණුවට වැඩසටහනක් එක්සත්ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය, මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත්ජාතීන්ගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග එක් ව,නවීන කෘෂිකාර්මික පිළිවෙත් සම්බන්ධයෙන් රැඳවියන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. 09 December 2022
සිංහ සමාජය ජනපති ඇගැයුමට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ කුසලතා නඟා සිටුවීමට ජාත්‍යන්තර සිංහ සමාජය ලබාදෙන සහාය අගයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 December 2022
නුගේගොඩදී පොලිසියට තග දැමූ බාබර් රිමාන්ඩ් නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී මාර්ග නිති කඩකරමින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර බලපෑම් එල්ල කළැයි කියන සිද්ධියට අදාළ නර්තන ශිල්පියකු සහ සැලුනයක හිමිකරු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණීය මහත්මිය අද (09) නියෝග කළාය. 09 December 2022
බදු පනත් දෙකක් වැඩි ඡන්දයෙන් සම්මතයි එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 30 කින් පාර්ලිමේන්තුවේ දී අද (9) සංශෝධන සහිතව සම්මත විය. 09 December 2022
සුළි කුණාටුවේ බලපෑමෙන් නිවාස 1,302කට හානි නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වූ ‘මැන්ඩවුස්’ සුළි කුණාටුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට බලපෑම් එල්ල වූ අතර ඇති වූ තද සුළං සහ ගස් කඩා වැටීම් ආදිය හේතුවෙන් නිවාස 1,302කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 09 December 2022
ජනපති පෞද්ගලික මුදලින් ගෘහ භාණ්ඩ පාර්ලිමේන්තුවට පරිත්‍යාග කළා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ තිබූ ගෘහ භාණ්ඩ දිරාපත් වී තිබූ හෙයින් වත්මන් ජනාධිපතිවරයා පෞද්ගලික මුදලින් එම ගෘහ භාණ්ඩ ලබාගෙන පාර්ලිමේන්තුවට එය පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 December 2022
පාර්ලිමේන්තුවට සුපිරි ඇඳක් ගෙනාවේ කාට යහන්ගත වෙන්නද? පෞද්ගලික ආයතනයක් මුදල් වැයකර ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කාර්යාලයට සුපිරි මෙට්ටයක් සහ ඇඳක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පසුගිය ජූලි මාසයේදී ගෙනැවිත් ඇති හෙයින් මේ සුපිරි ඇඳ සහ මෙට්ටය ගෙනාවේ කාට යහන්ගතවීමට දැයි සමගි ජන බලවේගයේ පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළේය. 09 December 2022
පැය 2යි විනාඩි 20 ක විදුලි කප්පාදුව තවත් දින 3ක් එළඹෙන සති අන්තය ඇතුළු දින තුනක් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (9) පැවසීය. 09 December 2022
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ’’රමිස්’’ පද්ධතිය කොටඋඩ බදු එකතු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කළ ’’රමිස්’’පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රියවීමෙන් විශාල පාඩුවක් සිදුව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 December 2022
ආණ්ඩුව කිකිළි මරලා බිත්තර හොයනවා එකවර බිත්තර ගැනීම සඳහා රත්තරන් බිත්තර දැමූ කිකිළිය මැරුවා සේ ව්‍යාපාර නැත්තටම නැති කොට ඔවුන්ගෙන් බදු අය කර ගන්නේ කෙසේදැයි සමගි ජන ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026