
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වසංගතයත් සමඟ තරමක පසු බෑමකට ලක්වූ ඖෂධ සම්බන්ධ වැටලීම් මෙම වසරේ ඉහළ දමන බවත් පාසල් ආශ්‍රිත මත්පෙති අළෙවි සම්බන්ධයෙන් විශේෂයෙන් කටයුතු කරන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥා වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අද (25) පැවසීය.
මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සාර්ථකව පවත්වාගෙන යෑම සඳහා දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්‍ෂකයන් ශක්තිමත් කළ යුතු බවත් ඒ නිසා එම නිලධාරීන් අවශ්‍ය පහසුකම් දීමට කටයුතු කරන බවත් ගුණසේකර මහතා කීය.
ඖෂධ නියාමන අධිකාරියේ කොටසක් වන දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්‍ෂකයන් ජාලය මත වැටලීම්වල සාර්ථකත්වය රඳාපැවතීම නිසා ඔවුන්ට විශාල වගකීමක් පැවරෙන බව ද එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පරීක්‍ෂක බලයලත් නිලධාරීන්ගේ 2022 වසරේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී වෙමින් විශේෂඥා වෛද්‍ය විජිත් ගුණසේකර මහතා එසේ පැවසීය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
773
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඖෂධ අක්‍රමිතා සම්බන්ධ වැටලීම් වැඩි කරනවා
Nalin Wednesday, 25 January 2023 05:44 PM
මහත්තයා ඉන්දියාවේ ගිහින් අක්‍රමිකතාවයක් කොහොමත් කළානේ. අපේක්ෂා එකේ ඉන්න කාලේ නාමල් රාජපක්ෂගෙන් සල්ලි අරගෙන ගොඩගම හොටෙල් එකක රෑ කෑමක් දුන්නනේ ස්ටාෆ් එකට... ලැජ්ජයි විජිත්...