(සුමිත් පොතුපිටිය)
යට ඇදුමේ සගවාගෙන කළුතර මහාධිකරණ පරිශ්‍රය තුලට දුම්කොල රැගෙන ආ පුද්ගලයෙකු අද දහවල් අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
අලුත්ගම ,දර්ගා නගරය , වරාපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.
කළුතර මහාධිකරණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි යෙදීසිටී උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත යන නිලධාරීයාට සැකසිතී, සැකකරුව පරීක්ෂා කිරීමේදී සූක්ෂම ලෙස අසුරා ඇදසිටී යට ඇදුමේ සගවාගෙන තිබූ අගල් 15 ක් පමණ දිගැති දුම්කොල කැබලි දෙකක් සොයාගෙන ඇතැයි පොලිසිය කීය.
බන්ධනාගාරවල සිට කළුතර අධිකරණයට රැගෙන එන රැදවියන්ට ලබාදීමට එම දුම්කොල රැගෙනවිත් ඇති බවට සැක පලකරන බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි, ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත නයනප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතා පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
767
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යට ඇදුමේ දුම්කොළ හංගාගෙන කළුතර මහාධිකරණයට ඇවිත් මාට්ටු